(රංජන් කස්තුරි)
විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට 150සීසී ධාරිතාවයට අඩු යතුරුපැදි මත පනවා තිබූ 90%ක නිෂ්පාදන බද්ද ඉවත් කිරීමටත් ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට අන්තර්ජාල සබඳතා මත පනවා තිබූ 10%ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටත් තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.
ඒ අනුව යතුරුපැදි, කුඩා කැබ් රථ සහ කුඩා ලොරි රථවල මිල අද(17) මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇත.
එන්ජින් ධාරිතාව 50CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 50000කින් පමණද එන්ජින් ධාරිතාවය 50 – 150 CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 100000කින් පමණ ද අඩු කෙරෙන බව මුදල් ඇමැතිවරයා කියා සිටියේය. කුඩා කැබ් රියක හා කුඩා ලොරි රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට තමයි කියන්නේ ඡන්ද ගුණ්ඩු කියලා. රටට පේන්න ටික දවසක් ගණන් අඩු කරලා ඊට පස්සේ වැඩි කරයි. ඒවටත් එක්ක හරි යන්න දෙගුණ, තෙගුණ කරලා ඡන්දෙන් පස්සේ. ඕවට රැවටෙන කට්ටියත් ඇති. එ්ත් අපි නම් රැවටෙන්නෙ නැහැ.... ඔය වගේ ජෝක් වලට.
මොටර් බයිසිකල් වල මිල තවත් අඩු කරන්නේ ඇයි..? මේක වසංගතයක් වගේ... මහමග රිය අනතුරුවලින් වැඩි හරියක් මේවා නිසායි. කරුණාකරලා ආරක්ෂිත ජපන් වාහනවල බදු අඩුකරන්න ලොව පිළිගත් ආරක්ෂිත උපක්‍රම ඇති ජපන් වාහනයක නොමැරී ගමනක් යන්න අපට ඇති අයිතිය තහවුරු කරන්න.
වැඩේ නම් පංකාදුයි. මිල බාගෙට අඩුවෙලා. නමුත් හෙට වෙනකොට යතුරුපැදි ගෙන්වන වෙළෙන්දොයි, කුඩා වාහන වෙළෙන්දොයි පාරවල් වහගෙන උද්ඝෝෂණයක් කරයිද?
පෙට්‍රල්, ලයිට්, පරිගණක මිලත් ..අඩු කරනවද?
ජපන් යතුරු පැදි වලට පමණි
අන්තිම අවුරුදු දෙකනේ. අපේ මිනිස්සුන්ට මතක තියෙන්නේ වැඩිම වුණොත් අවුරුදු දෙකක් පස්සට වුණු දේවල් විතරයි. ප්‍රේමදාස මහත්තයත් පාරවල්වල ගස් පැලවෙන්න ඇරලා අන්තිමට එව්වා.... හදපුවම දෙවියෙක් වගේ පෙනුනා. බඩගින්නේ සිටි මිනිහට තමයි අගේ වැටහෙන්නේ. එකනේ පහුගිය අවුරුදු දෙකේම බදු මිල වැඩිවෙන්න ඇරලා, අන්තර්ජාලේ බදු වැඩි කරලා, වාහන බදු වැඩි කරලා, කුණු ගොඩගැහෙන්න ඇරලා, දුක දැනෙන්න ඇරියේ. දැන් කාලේ හරි සද්දේ දාල බෙරේ ගහල තොවිලේ පටන්ගන්න. වෙන එකක් තියා ඡන්දෙට අත දිගහැරලා වියදම් කරන්න ඇතිවෙන්න සල්ලිත් හොයාගත්ත මහා බැංකුවෙන්. කරුමෙට ඒක ලීක් වුණ එකෙන් තමයි වැඩේ පත්තු වුණේ. ඒ මදිවට තව කෙනෙක් වරායේ පාඩුව ගනන් හදලා පෙන්නන්න පටන්ගත්තනේ. මිනිහ අනික් පැත්තට පනින්න කලින් නම කටුගාන්නත් වෙනවා. බොහොම මහන්සිවෙලා හොර රජා කියල ඇති කරපු මතයත් මිනිස්සු කරකවල ආපහු ගහන්න පටන් ගත්තා. තවත් බලන් හිටියොත් කෙලවෙනවා. පරම්පරාවම අායෙත් කොමිසමට ගෙනත් සද්දයක් දාලා, වැඩි කරපු බදු සේරම අඩු කරලා, එකපාරට බිම්මල් හිටවල පෙන්නලා, යන්තමට ආවා කල්ලිය මවල ඡන්ද පොළවල් වලට පොලිසිය දාල පටන්ගත්තොත්...... දිනන සැටි මම පෙන්වමි.
ඕනෑම දෙයක මිල අඩු වීම සුබ පණිවිඩයක්. එත් විදේශ විනිමය දරා ගන්න බැරි තරමට රටින් පිටට ඇදෙනවා. යතුරු පැදි හා පැට්‍රොල් ආනයන සදහා. මේ එකක්කම වාහන තද බදය වැඩි වෙනවා.
ඔන්න දැන් හම්බන්තොට වරායෙන් ලැබුන චීන සල්ලි වලින් ජපන් බයිසිකල් ගෙනත්, ඉන්ටර්නෙට් බලලා ඉන්න පුලුවන් මාස 6ක් විතර. ඊට පස්සේ තව මොකක් හරි බදු දෙන්න හරි විකුනන්න හරි පුලුවන්.
ඡන්දය ලග, ඒක තමයි
සුදු වැන් වල බද්දත් අඩුවෙනවද?
නියමයි මංගල සමරවීර මහත්මයා. මේ සැරේ බජට් එකෙන් රත්තරන් වගේ ගණන් යන වාහන මිල අඩු කරන්න ක්‍රියා කරන්න. 2000 අවුරුද්දේ කාර් එකක් ලක්ෂ 25 ක් විතර වෙනවා . හොදටම වැඩි නේද .වෙන රටවල මේ වගේ වාහන තලන්න යවල .
රු: 50,000/= කට එක්තරා කොටසකට පමණක් බයිසිකල් දුන්නාට වඩා මේක හොඳයි.පුලුවන් හැමෝටම ගන්න පුලුවන්.
උදේ - මෝටර් සයිකල් බද්ද 90%කින් අඩුවේ දවල් - මෝටර් සයිකල් නිෂ්පාදන බද්ද 90%කින් අඩුවේ හවස - 150සීසී ධාරිතාවයට අඩු මෝටර් සයිකල් නිෂ්පාදන බද්ද 90%කින් අඩුවේ රාත්‍රී - ජපානයෙන් ගෙන්වන ලද 150සීසී ධාරිතාවයට අඩු මෝටර් සයිකල් නිෂ්පාදන බද්ද 90%කින් අඩුවේ උදේ බලා උඩපනින ලද හිතවතුන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්ද තාවයක් පවත්වන්න හිතවතුනි.