IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි වැටෙන් විදුලිය වැදී සිසුවා මරුට

(ගයාන් සූරියආරච්චි )

අලින්ට ඇටවූ විදුලි වැටෙන් විදුලිසැර වැදී දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු මියගොස් ඇති බව විල්ගමුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාමිණිගම, පේර කනත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතක පාසල් සිසුවෙකි.

විල්ගමුව පේර කනත්ත ප්‍රදේශයේදී පාසල් සිසුවකට විදුලි සැර වැදි මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුව විල්ගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබුණි.

මියගිය දරුවාගේ මව්පියන් විසින් නිවස සහ ගෙවත්ත අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස් කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය සිසුවාගේ මවුපියන් සෑම දිනකම රාත්‍රී හයට  විදුලිය සපයා පසුදින අලුයම හයට විදුලිය විසන්ධි කරන බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය වූ දින නිවැසියන්ට විදුලිය වින්ධි කිරීමට අමතක වීම හේතුවෙන් මියගිය සිසුවා ගෙවත්ත පිටුපස පිහිටි දිවුල් ගසෙන් වැටෙන දිවුල් ඇහිලීමට ගොස් සිටියදී විදුලි සැර වැදී ඇතැයි පොලිසිය පවසයි.

 

 

 



අදහස් (3)

විදුලි වැටෙන් විදුලිය වැදී සිසුවා මරුට

ලුම්බිණි Monday, 28 October 2024 09:16 AM

අනවසර විදුලිවැටවල් හදන අයට දැඩි දඬුවම් දිය යුතුයි . එවැනි අයගේ නිවාස වල විදුලිය වසරකටවත් කපා දැමිය යුතුයි .

:       2       6

Asiri Monday, 28 October 2024 12:10 PM

අලි පැටියෙක් මැරුණට පව් නැතුව ඇති.. පව් අහින්සක ළමයාට මොනවා තේරෙනවාද?

:       0       0

Bunny Preena Monday, 28 October 2024 12:32 PM

මේවගේ නොසැලකිලිමත් සහ වගකීම් විරහිත ලෙස හැසිරෙන දෙමව්පියන්ට නිතියෙන් දෙන දඬුවම මොකක්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site