IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


විදුලි රැහැනක පැටලි වන අලියකු

( නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ,ගෙවත්තක බව භෝග ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැණක පැටලි අද (11)  වන අලියෙකු මියගොස් ඇති බව වැලිකන්ද වැලිකන්ද පොලිසිය පවසයි.
 
සිද්ධියට සම්බන්ධ වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ගෙවත්තේ ගොවි මහතා හා අනවසර විදුලි රැහැන් කම්බි  ඇතුළු උපකරණ වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
අත්අඩංගුවට ගත් ගොවි මහතා  පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.

මියගිය වන අලියා අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන උසින් අඩි අටකින් පමණ සමන්විත වන අලියෙකු බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශුවෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරින් පිරිසක් වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 11 වෙනිදා සවස සිදුකිරීමට කටයුතු කර ඇති බවද වැලිකන්ද වනජීවී නිලධාරීන් පවසයි.



අදහස් (0)

විදුලි රැහැනක පැටලි වන අලියකු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site