(විනීතා එම් ගමගේ)
විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක්‍රියාවට නංවා ඇතැයි මහජන උපයෝගිතා කොමිසම කියයි.
එමගින් ඉදිකිරීම් හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම සිරස් හා තිරස් පරතර අනිවාර්ය කර ඇති අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම නව රෙගුලාසිය අනුමත කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් පැවසුවේය.
විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසිය ක්රීයාවට නැගීම සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයද සහාය දක්වයි.
සම්පේ‍්‍රෂණ හෝ බෙදාහැරීම් රැහැනේ වෝල්ටීයතාවය අනුව තැබිය යුතු අවම පරතර විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසියෙහි 36 හා 37 වන නියෝග යටතේ දක්වා ඇත.
රැහැනේ වෝල්ටීයතාවය වොල්ට් 1000ට අඩු නම් එවැනි රැහැනක සිට ගොඩනැගිල්ලක් දකවා අවම පරතරය සිරස්ව මීටර 2.4ක් විය යුතු වේ. අවම තිරස් දුර මීටර 1.5කි. විදුලි රැහැනෙහි වෝල්ටීයතාවය වැඩි අගයක් ගන්නා විට තැබිය යුතු අවම පරතරයද වැඩි අගයක් ගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම නීතියක්ම මේ දෙසපාලුවන්ට ඡන්දය දී පත්කර යවන සාමාන්‍ය මහජනතාවට පමණය. දෙසපාලුවන්ට , දෙසපාලුවනගේ ලගම හිතවතුනට මේ නීති බලපාන්නේ නැත. පළාත් පාලනයේදී සැලසුම් සම්බන්දව කටයුතු කල කෙනෙකු බවින් මම මේ කෙරුවාව ගැන හොදින්ම දනිමි. මා කාව්ද හදුනා ගන්න බැවින් වැඩි විස්තර සදහන් නොකරමි. මේ රට නිතිය මකුළු දැලකත් අන්තය