විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වන පළමු ආරෝපන මධ්‍යස්ථානය අලුත් අවුරුද්දට පෙර ස්ථාපනය කරන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(31) පැවසීය.
ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන වාහන වෙනුවට පරිසර හානි අඩු විදුලි ආරෝපණයෙන් ධාවනය වන වාහන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථාන තවත් පිහිටුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනවල බදු අඩු කරන්න. (ත)
හොඳ දේ අපි අගය කරනවා ඇමතිතුමනි. ඉන්ධන බරින් මිරිකිලා ඉන්න මහජනතාවට මේ වගේ සහන දෙන එක අපි අගය කරනවා. ඒ වගේම ඉන්ධන දහනයෙන් ඇතිවෙන පරිසර හානි අඩුකරගන්නවා වගේම ඉන්ධන වලට පිටරටට ඇදී යන ජාතික ධනය අඩුකරගන්න උපකාරී වෙන හයිබ්‍රිඩ් වාහන සහනදායක මිලකට මහජනතාවට මිලදී ගන්න පුළුවන් වෙන ක්‍රමයකුත් හදලා දෙනවා නම් ඒක ලොකු සේවයක් වේවි. මහජනතාවට ඔරොත්තු දෙන බදු නොවේ මේ අයවැයෙන් හයිබ්‍රිඩ් වාහන වලට නියම කරලා තියෙන්නේ. ඒ ගැනත් කරුණාකරලා හිතන්න. (නි)
ඉන්දියන් වාහනත් හයිබ්‍රිඩ් වගේම තෙල් වැඩ කරනවා. රටෙන් එලියට යන සල්ලිත් ඉතුරුයි. (ස)
හයිබ්‍රිඩ් වාහන වල ඉන්ධන පරිභෝජනය සමාන ධාරිතාවේ වාහනයකින් 30% පමණ ප්‍රමාණයකි. ඇත්තෙන්ම බදු අඩු කළයුත්තෙ එම වාහනවල මිස අනෙකක් නොවේ.... මේවා ගැන දැනුවත් බව අපේ රටේ දුර්වලයි. එ් උනාට, අර නිලිය ගාන්නෙ මොන සබන්ද, රෑට අදින ඇදුම මොකක්ද කියලා මාධ්‍ය මගින් පුංචි දරුවන් පවා දැනුවත්.... ඔන්න අපේ මාද්‍ය නිදහස......(බ)
සූර්ය බලශක්තිය යොදාගෙන වාහන හදන වැඩක් ලංකාවේ පටන් ගන්නවනම් මීටත් වැඩ හොදයි .(ම)
ඉන්දියන් ඉන්ධන වාහන වර්ජනය කලොත්, ඒ අයටත් සිද්ද වෙනව හයිබ්‍රිඩ් වලට යන්න, හොඳ වාහන නිපදවන්න, අඩුම තරමෙ එහෙමවත් කලානම් හොදා, ලංකාවෙ හදන්න සැලසුමකුත් නැති නිසා. (ස)
හයිබ්‍රිඩි වාහන වලට අයකරන බදු වැඩිකිරීමට අතුරු අයවැය මඟින් කරන ලද යෝජනාව ඉතාමත් අදූරදර්ශී පියවරක්.රජය කළයුතු වන්නේ මෙවැනි පරිසර හිතකාමී ඉන්ධන දහනය අඩු වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමයි. (නි)
රොෂාන්, මට ඇත්තටම ඔබතුමා ගැන දුකයි.ඔබතුමා දන්නවද හයිබ්‍රිඩ් වාහනයක් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර කීයක් දුවනවද කියලා. "සූර්ය කෝෂ මිල" ගැන කතා කරනවා. ලෝකයේ තවම සුර්ය කෝෂයකින් එය නිෂ්පාදනයට වැයවුණ ශක්තියවත් නැවත ලබාගන්න බැරි බව දන්නවද? තව ගොඩක් දේවල් තියනවා.ඔබතුමා උගත් නිසා ඒවා කියලා වැඩක් නැහැ. (නි)
සෝලා පවර් යොදාගන්න. ඒ තුළින් තාම හරියට ප්‍රයෝජන ගත්තේ නැහැ. මමත් ඉල්ලන්නේ ඇමතිතුමනි, හයිබ්‍රිඩ් වාහන සඳහාත් බදු අඩුකර දිරිගැන්වීමක් දෙන්න. මේ බදු හින්දා මධ්‍යම පන්තියට වාහනයක් ගන්න හරිම අමාරුයි. (නි)
ඇත්තටම හයිබ්‍රිඩ් වාහන දුවන්නෙත් ඉන්දන දහනයෙන් හින්ද එකෙන් පරිසරයටත් රටටත් වැඩක් නෑ. අනික හයිබ්‍රිඩ් වාහනයක අලුත්වැඩියා වියදම සලකුවාම එකේ ආර්ථික වාසියක් නෑ. ඇත්තටම රටට ඕනේ විදුලියෙන් දුවන වාහන. දැන් සූර්ය කෝෂ මිල ගොඩක් අඩු හින්ද , කිසිම වියදමක් නැතුව ගමන් යන්න පුළුවන් වෙනවා. අපේ රටේ බහුතරය නුගත් හින්ද මේවා තේරෙන්නේ නෑ. (ස)
කෙළින් වැඩකරන කෙනෙක් (නි)
විදුලිබල ඇමති හොඳ දැක්මක් ඇති නායකයෙක්.ගවේෂකයෙක්. (නි)
විදුලි බලය නිපදවන්නේ ඉන්ධන වලින්. ප්‍රවාහනය කරන්නේ කේබල් වලින්. හැබැයි ඉන්ධන ප්‍රවාහනය බවුසර් වලින්. සුර්ය බලගැන්වුම් ආරෝපණ මධ්‍යස්ථාන ඉතා පහසුවෙන් රටට ගෙන්වන්න පුළුවන්. ඕවා තමයි කෙළින්ම ලැබෙන වාසි. (නි)
හයිබ්‍රිඩ් වාහන මිල අඩු කරලා කොහොමද ඉන්දියන් කබල් වාහන ටික විකුණා ගන්නේ. (බ)
මේවත් මාධ්‍ය සංදර්ශන වෙයිද දනුනේ නෑ (දිල්)
ආරෝපණ මධ්‍යස්ථාන ඇරියට ආරෝපණය කරන්නෙ මොනවද? (ස)
හොඳ යෝජනාවක්. කොහොම හරි ක්‍රියාත්මක කරන්න. අපෙන් සුබ පැතුම්. (ස)
සූර්ය කෝෂයක් නිෂ්පාදනය සඳහා වැයවන විදුලිය (බොහෝ විට එය නිපදවනු ලබන්නේ ගල් අඟුරු හෝ න්‍යෂ්ටික ශක්තිය මගිනි. ) සූර්ය කෝෂයක මුළු ආයුකාලය තුළම නිෂ්පාදනය කළ හැකි විදුලියට වඩා විශාල හෝ ආසන්න වශයෙන් සමාන වේ. දැන් සූර්ය කෝෂ මිල ගොඩක් අඩුයැයි කියූ ප්‍රකාශය ගැන ඇත්ත වශයෙන්ම කණගාටුයි. (නි)
මගුල් ගෙදරක වගේ අතිනත් අරගෙන..(බ)
අදහස හොඳයි. එ්ත් විදුලිය නිපදවන්නේ ඉන්ධන දහනයෙන් නේද ?? (බ)
ඇමතිතුමනි, හයිබ්‍රිඩ් වාහන සඳහාත් බදු අඩුකර දිරිගැන්වීමක් දෙන්න උත්සාහ කරීම කාලෝචියයි. දියුණු රටවල පවා මෙවැනි දිරිගැන්වීම් කරනවා. ඇයි අපි ඒ ගැන නොසිතන්නෙ.(ත)
කියන්නේ එකක් කරන්නේ තව එකක්. හයිබ්‍රිඩ් වාහන වල බදු වැඩිකරනවා ,අනිත් පැත්තෙන් බයිලා කියනවා. (ස)
පරිසර හිතකාමී වාහන බදු නැග අහස උසට -කෙලෙස ගන්නේ වායු දූෂණය පහලට. (ස)
ඔහොම යමු! (නි)