(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුද්දකට විදුලි උත්පාදනය සඳහා රුපියල් බිලියන 750 ක් වැය වෙන නමුත් විදුලි බිලෙන් එකතු වන්නේ බිලියන 250ක් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව රුපියල් බිලියන 500 ක හිඟයක් තිබෙන අතර හිඟය පියවා ගැනීම සඳහා විදුලි බිල වැඩි කළ යුතු යැයි විදුලිබල මණ්ඩලයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලි බිල වැඩි කරනවා වෙනුවට උත්පාදන වියදම අඩු කළ යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා ඒ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවර්යයෙන්ම.. උත්පාදන වියදම අඩු කරනව වගේ ආයතනයෙ අනවශ්‍යය වියදම් ගැනත් බලන්නම වෙනව. තරුණ ඇමති කෙනෙක් හැටියට ඔබ ගන්න සමහර තීරණ වලට අපි ඔක්කොම එකගයි. කරුණාකරල මේ ආයතනය විදිමත් විගනණයකට යටත් කරන්න.. විෂේශයෙන්ම ජලාශ වල ජල දාරිතව සහ විදුලි ජනන හැකියාව වගේම දැනට උත්පාදනය කරන ප්‍රමණය . . මෙතන ලොකු ාෆියවක් තියෙන බව රටම දන්නව.
වැඩි සේවකයො ගෙදර යවන්න ඔය පාඩුව පියව ගන්න පුලුවන්
සමහර දූෂිත දේසපාලුවෝ විදුලි බල මණ්ඩලයට පොලු තියෙන කොට කොයිතරම් පාඩු වෙනවා ඇත්ද.
අපේ ගොඩනැගිලිවල වහලයේ සූර්ය පැනල් සවිකරන එක නවත්වන මාෆියාව කරන්නෙ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් . ඉතා කණගාටුදායක තත්වයක් සහ බලහත්කාරයෙන් පාලනය කළ යුතුය.
චන්දෙට කලින්ම ජනතාව මෙගැන දැනුවත් කරල ආවනම් නේද හොද බලේ ගත්තට පස්සෙ ඔක්කොම ජනතාව පිට පටවන්න තමා ඔට්ටුවෙන්නෙ.
විදුලිබල මණ්ඩලය අනිවාර්යෙන්ම පුද්ගලීීකණය කල යුතුමයි.
මොකක් නිසාද පාඩුලබන්නෙ