අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
ජනපති මේ බව ප්‍රකාශ කළේ චීන ජනපති සහ නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති උත්සවයක දී ය.
එහි දී ශ්‍රී ලංකාව හා චීනය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිණි.
ඇමැතිවරුන් වන ජී එල් පීරිස්, බැසින් රාජපක්ෂ, සරත් අමුණුගම, පවිත්‍රා වන්නිආරච්චි, ටී බී ඒකනායක, එස් බී දිසානායක, පාඨලී චම්පික රණවක, මහින්ද යාපා අබේවර්ධන, පී බී ජයසුන්දර මහත්වරු ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් පී බී ජයසුන්දර මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද ලංකාව නියෝජනය කරමින් එම ගිවිසුම්වලට අත්සන් තැබූහ.
චීන ජනපති ෂී ජිංපිං සහ ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරායේ අවසන් අධියර විවෘත කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට ඌව ඡන්දෙ අමරුයි වගෙ. (අ)
චීනයෙන් අහන්න ඕනද තෙල්මිල අඩුකරන්න. දැන් චීනයද ලංකාව පාලනය කරන්නේ (නදී)
මිනිස්සුන්ට වැරදි අමතක කරන
දැන්වත් බෝඩිමේ ඇන්ටි ෆෑන් එක දාන්න දෙයිද මන්දා (නදී)
ඡන්ද ගුන්ඩුවක් නේද? මිනිස්සු ඕවට රැවටෙන්නේ නැහැ. ඡන්දෙන් පස්සේ ඕක ගොඩක් ඉහලට යයි. (අ)
ඔබාමා ලංකාවට ආවොත් 50% කින් බඩු මිල අඩු කරයි ! (නදී)
නියමයි. හැමදාම ඡන්දෙ තිබ්බනම් ජනතාවට කිරි තමයි.
බොහොම ස්තුතියි (අ)
ඌව ඡන්දය ඉවරවෙනකම් විතර ද දන්නේ ඔය සහනය (අ)
දැන් ඡන්දෙ ළඟ නිසා මේ කාලෙට ඔය වගේ දේවල් දෙනවා. ඊට පස්සේ මහා ජනතාව හෝ ගලා x ගහනවා ආණ්ඩුවට. ඡන්දෙ දිනලා දවස් දෙකෙන් අපහු අඩු වූ බඩු මිල ඩබල් වෙලා. මේක දැන් හින්දි ෆිල්ම් එකක් වගේ. (අ)
මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක් ..(අ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.මේවා ඡන්න්ද ගුණ්ඩු. (අ)
ඡන්ද ගුන්ඩුවක් නේද මේ . (අ)
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් ! (අ)
අජිත් ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනේ. (නදී)
ඌවට පින් සිද්ධ වේවා... බය වෙලා තියෙන තරම.(අ)
මදුබාශිනි වගේ අය ඉන්නකම් චිරාත් කාලයක් වැජබෙයි තමයි. තවමත් ඡන්ද ගුණ්ඩු වලට අහුවෙන මෝඩයෝ ලංකාවේ ඉන්නවා එහෙනම්. (නදී)
ඔය ලංකාවට අපු අමුත්තා නිසා. පාරවල් වහපුවහම ජනතාවගේ පිඩනේ අඩු කරන්න කරපු වැඩක්. ටික දවසකින් අයේ වැඩිවෙයි දෙගුණ වෙලා. අර ෆුල් ෆේස් හෙල්මට් වගේ... අපි අහුවෙයි ඕවට!!! (අ)
ඡන්දෙ පරදින්න එනකොට ඔය වගේ දේවල් කරනවා. ඡන්දෙ ඉවර වුණාම ඕකටත් හරියන්න වැඩි කරයි.(අ)
පුදුම මිනිස්සු, මතක ඇති කාලෙක දුප්පත් අයට ප්‍රතිලාබයක් දුන්නා. එ්කත් බලන්නේ කුහක අැසෙන්. (නදී)
අතිගරු ජනාධිපතිතුමනි. කියන දේ කරන, කිසිවෙකුට මඩ නො ගහන රටවැසියා බෙදා වෙන් කර නො ගෙන කාටත් සමානව සලකන ලෝකයම දිනාගත් ඔබතුමාට මේ ගන්නාලද තීරණය ඔබතුමාට තව තවතපේ රටට සේවය කිරීමට ලැබෙන වරමක් වෙනවා නො අනුමානටි. අපේ රට වෙනුවෙන් චිරාත් කාලයක් නිරෝගිව වැජඹෙනු මැනවි, ඔබතුමාට තෙරුවන් සරණයි. (අ)
ඌවෙ ඡන්දෙයි, ජනාධිපතිවරනෙයි ඉවර වුණාට පස්සෙ ඔවා අයේ තුන් හතර ගුණයකින් වැඩිකරන්ද පුළුවන්නේ. (අ)
අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට මේ අඩුවීමත් ලොකු දෙයක්. එ්ත් ප්‍රශ්නේ තියෙන්නේ ජන්දේ කිට්ටු කරලා මේ කරන වැඩෙන් මෝඩයෝ කිහිප දෙනෙකුට ඇරෙන්න හැමෝටම හිතෙන්නේ මේ ජන්ද ගුන්ඩුවක් කියලම තමා. උෟවේ ජන්දය ආණ්ඩුවට හොදටම අමාරු බව තමා මේකේ තේරුම? (නදී)
ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ඉතා සීග්‍ර ලෙස පහු ගිය ටිකේ පහල වැටුන. නැවත වරක් අපිව රැවට්ටුව කියලයි මටනං හිතෙන්නේ. (අ)
ස්තූතියි, ජනාධිපතිතුමනි. මිල අඩුවෙන කොට වගේම මිල වැඩි වෙනකොටත් මේ වගේම නිවේදන නිකුත් කරන මෙන් ඉල්ලමි. එතකොට ඔබතුමාටම පැහැදිලි වෙයි වැඩිපුර මිල අඩු වෙලාද? නැත්නම වැඩි වෙලාද කියලා? (නදී)
කොච්චර හොඳද ? (නදී)
ඌවෙන් පස්සේ නැවත තව ඡන්දයක් තිබුණොත් තවත් මොනවා අඩු කරගන්න තිබුණා නේද.ජයවේවා (අ)
රුපියල් 3.50 ට දීපු පාන්, කොච්චර කල් තිබුනද කියල මතක් කර ගන්න. (නදී)
කවුරුත් වැරදි විදිහට තමයි මෙතන අදහස් දාලා තියෙන්නේ, අපේ ජනාධිපතිතුමා ජනතාවගේ දුක අදුරනවා, ඒකයි අපට මේ සහනය දුන්නේ (අ)
ජනාධිපතිතුමා හොදට හිතල ගත්ත තීරණයක් වගේ. සෝඩා බෝතල් තීරණ වලින් මේ රට හොඳටම හෙම්බත් වෙලා තියෙන්නේ. (නදී)
කවුද මෙහෙම කියලා තිබුණා. රටක පාලකයෝ බිහිවෙන්නේ ඒ රටේ මිනිස්සු හැටියට කියලා. කියපු කතාව 100% හරි. බලමුකෝ මිනිස්සු ඡන්දෙ දෙන හැටි (අ)
ගිහාන්ලා ඉන්න කල් අපේ දරුවන්ට දෙවි පිහිට තමා. (නදී)
දුන්නමත් වැරදි නුදුන්නත් වැරදි ,මේක පුදුම ලෝකයක් ,හොඳ දේට හොඳය කියන්න හරිම අපහසු වගේ වැඩිදෙනෙකුට. (ස)
ඡන්දෙට ඉස්සර වෙලා දවස් කීපයකට 25% ක් අඩුකරලා ඡන්දෙන් පස්සේ 50% කින් වැඩි කරයි. තවමත් ඔය පරණ ගුණ්ඩු වලට රැවටෙන මෝඩ මිනිස්සු ඉන්නවා. (අ)
21 දා මධ්‍යම රාත්‍රියේ මිල නැවත වැඩිවෙන්න පෙර ඉන්දන ගබඩා කර ගැනීම කාටත් නුවණට හුරුයි ! (අ)
මෙවැනි දේ හැම කාලයකම සිදුවෙනවා. මිල අඩුවෙනවා වැඩිවෙනවා. දේශපාලන තුරුම්පුවකට හරි මිල අඩුකලා. එයට හොඳ කියන්න. මහින්ද ජනපති ඡන්ද බලාගෙන වැඩකරන කෙනෙක් නොවන බව පැහැදිලිය. රටේ නියම තත්වය නොදැන කරන කතා බොලඳය. විපක්ෂය බලයට ආවොත් බඩුමිල අඩුකිරීම කෙසේ වෙතත් රට ඇමෙරිකාවට හා ඩයස්පෝරාවට යටවීම නියතය (නදී)
මහජනතාව අනුවන නොවිය යුතුයි.ඌව ඡන්දය ඉලක්ක කරල මේදේවල් කරනවා නම් රජය බොහෝ පහත් මට්ටම්කට ජනතාව දාල තියෙන පාටයි පේන්නෙ. (අ)
මේකේ විශේෂත්වයක් තියනවද? පහු කාලේ වැඩි කරපුවනේ මේ දැන් අඩුකරලා තියෙන්නේ. (අ)
මේ කතා හොදයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට (අ)
තෙල් මිල අඩු වුණ එක නම් හොඳයි හාල් මිල අඩු කරන්නේ නැද්ද? (නදී)
අපේ මිනිසුන්ට වැඩි කරත් වැරදියි අඩු කරත් වැරදියි. නමුත් හොද ක්‍රමේ මොකක්ද කියල කියන්නෙත් නැහැ. මොකද වෙන ක්‍රමයක් නැති නිසා. (අ)
සම්පුර් බලාගාරය හැදුවට පස්සේ තවත් විදුලි බිල අඩුවේවි. (නදී)
මේක නම් පුදුම මිනිස්සු ඉන්න රටක්නේ. විදුලි බිල වැඩියි කියලා බෙරිහන්දෙන මේ මිනිස්සු විදුලි බිල අඩු කරනකොට ආයේ බනිනවා. මොකද්ද අප්පා ? මොකද්ද මේ ඡන්දයක් පටලවා ගන්නේ. චීන ජනාධිපතිවරයා ආවේ ඌව චන්දෙ ගැන හිතලද.? මේකනම් ඉරිසියාව. එහෙම නැත්නම් මානසික රෝගයක්. කවුරු කවුරුත් ඉක්මණින් සුවපත් වේවා. (අ)
ඡන්දයට ඉවර වෙන්න ඉස්සෙල්ල ලොකු ටැංකි ටිකකට ලාම්පුතෙල්, පෙට්‍රල්, ඩීසල් එකතු කරගමු, ඉක්මන් වෙන්න (නදී)
මිනිසුනේ ඔබගේ මොලයට නිගරු කිරීම නොවටී (නදී)
උෟව අනිවාර්යෙන් විපක්ෂය දිනනවා (නදී)
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි හිටියනම් කියල දේවි .... (අ)
හරිම පරණ චන්ද ගුණ්ඩු .(අ)
ඔය අඩු කළේ උෟවේ ඡන්දෙ නිසයි 21 වෙනිදා ආපහු වැඩි කරයි.(අ)
මොකද මේ කවදාවත් නැතිව හදිස්සියෙන්ම ඌවට වෙන දේ දැනගෙනද?(අ).
එතකොට තෙල් අැමැති තුමා කිව්වේ මොකා කිව්වත් අඩු කරන්න බැහැ කියල? (අ)
අපි දැන් ඉන්නේ 2014 වර්ෂයේ නේද? 60 /70 දශක වල නොවේ, මේ වගේ මොන්ටිසෝරි කතා වලට ජනතාව රැවටුන කාලයකුත් තිබුන,මේවයින් වෙන්නේ තියන ඡන්ද ටිකත් අඩු වෙන එක? කවුද මේවට ජනාධිපති වරයට උපදෙස් දෙන්නේ? (ස)
ආණ්ඩුව විදුලි බිල අඩු කලේ චන්දය නිසා නොවේ නොරොච්චෝලේ තුන් වන අදියර පටන් ගත්තම විදුලි බිල අඩු කරනවා කියල අමාත්‍යාංශ ලේකම් තුමා කිව්වේ වසරකට ඉස්සෙල්ල. මොකද දැන් 60% විදුලිය දෙන්නේ නොරොච්චෝලෙන්. හොඳ දෙයට හොඳ කියන්න පුරුදු වෙන්න. (ස)
ඕක ඉතින් අඬන ළමය නලවගන්න සීනි බෝල දෙනවා වගේ වැඩක් නේද? (ස)
ජනාධිපති හිතන් ඉන්නේ රටේ ඉන්නේ මෝඩයෝ කියලද කොහෙද? බලමු රටේ මොඩයෝ කොච්චර ඉන්නවද කියල ඡන්දෙන් පස්සේ? (අ)
මිලානෝ ජයන්ත සහ විධුෂක. ඔයාල කියන දේ එහෙමමයි කියමුකෝ. ඇයි දෙයියනේ. ජනතාවගේ බරක් මොහොතකට හෝ සැහැල්ලු කරපුවාම ඔය විදිහට හීනෙන් බයවෙලා වගේ කියවන්නේ.? (අ)
ඇයි බූමිතෙල් රුපියල් 20 න් ම අඩු කරේ. ඌව පළාතේ මිනිස්සු බූමිතෙල් පාවිච්චි කිරීම වැඩි නිසානේ. මේවා තමයි නියම ගුන්ඩු කියන්නෙ. (ස)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්(අ)
ලෝක වෙලදපොලේ බොරතෙල් මිල අඩුවුණේ නැතත් ලංකාවේ තෙල් මිල අඩුකරන්න ආණ්ඩුවට හැකිවුණා .මේක නම් ආසියාවේ අාශ්චර්යම තමයි!! (ස)
මේ මිල බොහොම ටික දවසයි. යුරෝපයේ දැන් ශීත කාලෙට අවශ්‍ය තෙල් තොග රැස් කරන කාලේ. එතකොට බොරතෙල් මිල ඉහල නගිනවා. ඊට සමාන්තරව ඉරාකේ ආපසු යුද්ධයක් පටන් අරන් ඒ අනුව තෙල් නිෂ්පාදනයට බලපෑම් තියෙනවා. මේ නිසා ඌවේ ඡන්දෙ ඉවර උනාම යලි ඉහල නංවන්න හේතු හොයා ගන්න රජයට පුළුවන්. (අ)
දැන් එතකොට බස් ගාස්තු අඩුවෙන්නේ කොහොමද? (අ)
ජය වේවා. (ස)
ජනාදිපතිවරනයටත් ඉතිරිකරගෙනද දන්නේ නැහැ අඩුකරේ ඉක්මනට එකත් එනව නම්! (ස)
අත්‍යවශ්‍ය දේවල් වල මිල අඩුවෙනවනම් ඡන්දයක් තිබුනට මොකෝ.ගාමිණී කියනවිදිහට ජනතාව මෝඩයෝ නෙවෙයි තමයි.ලැබෙන වාසිය ඡන්දයක් තිබුනත් නැතත් ජනතාව පිළිගනීවි.හැබැයි ඔය කයිවාරුකාරයින්ට මේ පාරත් පරාජයට හේතු හොයන්න වෙනවා නියතයි.(අ)
මොනවා අඩු වැඩි කලත් මට වැඩක් නැහැ, මගේ ඡන්දය ගල් අරක්කු භාගයටයි, බත් පැකට් එකටයි සුපුරුදු ලෙස (නදී)
ඒකක 90 සිට 60 දක්වා කපා හැරිය එක වැඩි කිරීමට මතක් උනේ නැද්ද? සමහරවිට ඊලග ඡන්දෙදි 60 - 90 කරාවිද දන්නේ නැහැ නේද (නදී)
මොකද මේ අප්පේ ආණ්ඩුව බලවෙලා ඔච්චර රටට වැඩ කළා නම්. (ස)
ඌව ජනතාව බුදුවේවා! ඌව ජනතාවනි බුද්ධිමත් වෙන්න. මෝඩයින් නොවන බව ඔප්පුකර පෙන්වන්න (නදී)
මට හිතෙන්නේ උෟව ඡන්දෙ ආණ්ඩුව පරාද කලොත් අපිට මීට වඩා සහන ගන්ඩ පුළුවන් වෙයි. රටේ යහ පාලනයක් ඇති කල යුතුයි. කාගේත් දේශපාලනය ගැන ජනතාව කල කිරීමට පත්වෙලයි ඉන්නේ. ප්‍රෝඩාවෙන් ජනතාව තවදුරත් රැවටිය නොහැකියි. (නදී)
චීන ජනාදිපති තුමාට ජය වේවා! විදුලි බිල අඩු කලාට. එයා අාපු නිසා තමා අඩු වුනේ. (නදී)
ගාමිණී මහත්තයෝ...මේවා අඩු කලත් නැතත් ඡන්දෙ දෙන එකා කොච්චර අඩු පාඩු තිබුනත් සන්ධානෙට ඡන්දෙ දෙනවා ජනාධිපති තුමා වෙනුවෙන්..මේ රුපියල් පහ දහයට දැන් ඡන්ද විකුණන්න බැහැ.. ඒ ඉස්සර ..ඔබ තුමා නුවනක්කාරයනේ..දෙන දේ එපා කියලා ගිහින් ඔය නුවනින් රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි කියල හිතන කෙනෙකුට ඡන්දෙ දෙන්න..ප්‍රශ්නේ තියෙන්නේ ඔබ තුමාට මේ දේශපාලනයේදී එහෙම කෙනෙක් හොයා ගන්න පුලුවන් වේවිද කියන එක..(ස)
බන්දුල පෙරේරා මහතා මොලේ උඩද ඉඳගෙන ඉන්නේ (නදී)
නියම ඡන්ද ගුන්ඩුවක්. (නදී)
කොහොමත් ඉදිරියට තව දේවල් අඩු වේවී ,ඡන්දයන් එනවා ඉස්සරහට. (ස)
වැඩේ නම් හොඳා, ආපසු විසි එක රාත්‍රියට වැඩි කරන්නේ නැතිනම්,.... මීට වඩා වටිනවා දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුලේ වන අහස පොලොව නුසුලනා වන අපරාධ,දූශන සහ නාස්තිය නැවතීමට කටයුතු කරනවා නම්,.....ජයවේවා !....... (ස)
අපේ අය මේවට අහුවෙයිද ? (නදී)
ගිවිසුම,ටෙන්ඩර් මගඩි සහ ගසාකෑම නැතිනම් ඔයිට වඩා සහන දෙන්න පුළුවන්. ඔව් ඒක මහජනතාවගේම සල්ලිමනේ. (ස)
මධුභාෂිනී කාටද මේ කඩේ යන්නේ අනේ ඔය කොහේ කෙනෙක්ද ලංකාවේද (නදී)
අනේ මෙහෙම ප්‍රෝඩාවක්.. ලැබෙයිද මින් සැනසීමක්... අනේ මෙහෙම තණ්හාවක්.. කරයිද කොහම රැවටීමක්... අනේ මෙහෙම බොරු කීමක්... තිබෙයිද ලොකු ලැජ්ජාවක්..(නදී)
ගිහාන්ට හොද අනාගතයක් තියනවා ඔහොම යන් (දී)
නියමයි ! (නදී)
ආණ්ඩුව හොඳටම බයවෙලා! බයවෙලා!! (දී)
ගරු ජනාදිපතිතුමනි, තෙල් මිල අඩු කලා මදි, බෙහෙත් මිල සහ ගෑස් මිලත් අඩුකර දෙන්ඩ. අපිට වැඩි පඩි එපා. (නදී)
මොන හේතුවකට හරි මිල අඩු කළ එක ලොකු දෙයක්. මිනිස්සු හරි අමාරුවෙන් ජීවත්වෙන්නේ. ලයිටි දාන්නේ නැහැ බිල වැඩිවෙයි කියලා බයට. (නදී)
බන්දුල පෙරේරාත් ඔය ඉදල හිටලා ඇත්ත කියන්නේ. එතකොට ඔය තෙල් සංස්ථාවේ පරිපාලකයෝ පත්කළේ අපිද? ඉන්න ලොක්කෝ ටික දුර්වලනම් ඒ අය වෙනස් කරන බලේ තියෙන්නේ කාටද මහත්තයෝ? ඒ ටිකත් කිවා නම් අදහස පැහැදිලියි නේද ? (නදී)
චන්දෙ දෙන නොදෙන එක ඌවේ මිනිසුන්ගේ වැඩක්. දවසකට හරි මේ සහනය ලැබුනේ සමස්ත ලාංකික ජනතාවටම. එයට ස්තුති කරපල්ලා මිනිසුනේ. (දී)
1977 දී පටන් ගත්තු ක්‍රමය තමයි දෙගොල්ලොම මාරුවෙන් මාරුවට අඩු වැඩි දමමින් කරගෙන යන්නේ. (නදී)
මම මගේ ජීවිතේටම මේ වගේ දෙයක් ඇහුවමයි (දී)
චීන ජනාධිපතිගේ පිටින් දාලා. ඇයි එයා එනකොට විදුලිය, පෙට්රෝල් වැඩිපුර අරන් අාවද බෑග් එකේ දාගෙන. කොන්ඩෙ බැඳපු අයට කියන්ඩ. ඔය ඡන්ද ගුණ්ඩු. දැන් 25% න් අඩු උනාට ඡන්දෙන් පස්සේ වැඩිවෙන්නේ 50% න් ඕන් කිව්වා. "නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරායේ අවසන් අධියර විවෘත කළහ" ඇයි මුල් අදියරවල් ටික අංග සම්පූර්ණ කරලා ඉවරද?. (නදී)
ම්නවද මේවා කරලා බලාපොරොත්තු වෙන්නේ (දී)
සමහරු එවන අදහස් වලට අපට එකග වෙන්න බැරි උනාට ඒ අයගේ අදහස් වලට සමච්චල් කරන්න එපා. එවිට කිසිම අදහසක් ප්‍රකාශ වෙන්නේ නැහැ. (නදී)
ඔන්න මම ඇන්දා (දී)
හොදයි හොදයි (දී)
මොකද මේ එක පාරටම (දී)
ජනාදිපති තුමනි ඔබ තුමා හිතනේ රටේ ජනතාව තණකොළ කනවා කියලද?(ස)
රොකට් එකක් උඩ ඇරියා.....එකට මොකද උනේ? (ස)
පුලුවන්නම් පරණ ක්‍රමයට විදුලි බිල අඩුකරන්න එ්කක 90 වට අවම විදුලි පරිභෝජනයට !! පරණ ක්‍රමයට තමයි ජනතාවට සුදුසු යම්කිසි සහනයක් ඒ තුලින් වෙනවා ! (ස)
තවත් ඡන්දෙ දාල පරම්පරාව ගොඩ දාමු. (ස)
මදුභාශිනි, ඔයා මත්තලද වැඩ කරන්නේ? (නදී)
ආර්ථිකය හදන්න ඕනිනම් ජනතාවට සහන ඕනිනම් යු ඇම් පි එකට චන්දේ දෙන්න මේ බොරු චන්ද ගුණ්ඩු වලට රැවටෙන්න එපා. (ස)
මධුභාෂිනී, බන්දුල, රටේ ආර්ථිකයේ වැඩි හරියක් බර උසුලන්නේ අපි එවන විදේශ විනිමයෙන්. ඔයාල සමහරවිට අඩුම තරමේ රජයේ රස්සාවල් වත් අරගෙන් ඇති. එ්කයි ඔච්චරම අමාරු. ඔයාලා ලංකාවේ ඉගෙන ගෙන ලංකාවට සේවය කරන්නේ. අපි ලංකාවේ ඉගෙන ගත්තත් දැන් එ්කේ කාලගුණ සලකන්නේ පිටරවවල් වලින් සල්ලි හම්බ කරලා ලංකාවට එවලා. හරියට දරුවෝ ලොකුවෙලා දෙමව්පියෝ බලාගන්නවා වගේ. පැනඩෝල් පෙත්තක්වත් ලංකාවෙන් නාස්ති නොකර. එතකොට වැඩියෙන් රටට ආදරේ ඔයලද? අපිද?. (නදී)
මෙන්න මේවට තමා ආශ්චර්යය කියන්නේ. නොරොච්චෝලේ හැදුවහම විදුලි බිලනම් අඩු වෙන්න පුලුවන්. නමුත් ඉන්ධන මිල අඩුවෙන්නේ කොහොමද. භූමිතෙල් රුපියල් 20 කින් අඩුකලේ ඌවේ ගොඩක් අය තාම ඉන්නේ කුප්පි ලාම්පුවෙන් නිසා. ඌව පරදින එකට බයේ කොහොම හරි දිනා ගන්න තමයි මේ කපටි වැඩේ කලේ. අනික නොරොච්චෝලේ වැඩ කරනවට වඩා කැඩිලනේ. මහ චීනා තමන්ගේ කොලණිය බලන්න ආව විතරයි, පුදුම ප්‍රාතිහාර්යයක්නේ වුණේ. (ස)
අනේ හැමදාමත් ඡන්ද තියෙනවා නම්... (නි)
විපක්ෂය බලවත් වෙන කොට නිකම්ම බඩුමිල අඩුවෙන හැටි හොරකම් කිරීමත් අඩුවේවි (නදී)
ගාමිණි. දැන් ඉන්න මිනිස්සු ඕවට රැවටෙන්නේ නැහැ. (දී)
හිනා යනවා (දී)
මාස කියකටද ?ඉන්න පස්සේ දෙගුණ තෙගුණ වෙනවා ඉර හද වගේ විස්වාසයි. (දී)
මධුබාසිනී , ගිහාන් ඔබලා කොයි ලෝකේ ඉන්න අයද ? රටේ වෙන්නේ , වුනේ මොනවද කියල හරිහැටි නොදන්නා බබාල වගේ ලියන්න එපා. ඇස් ඇරලා බලන්න ඇත්ත දකින්න. කනා බිහීරෝ වගේ නොවී (දී)
අනේ අම්මපා මට විලි ලැජ්ජාවේ බැරුවා (නදී)
ගහන්න තියෙන ඔක්කොම ගැට ටික ගහනවා මෙදා පාර චන්දෙ දිනාගන්න (දී)
මොකද බයද (දී)
චන්දෙට තියෙන බයක් (දී)
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! (නි)
ඡන්දෙන් පස්සෙත් ඔහොමම තිබ්බොත් ජනතාවට බලා ගන්න හැකියි ඡන්ද ගුණ්ඩුවද කියා (නදී)
පහුගිය කාලේ ඔය දේවල් වල මිල අඩු කරන්න කියල ධීවරයෝ ,සහ අනෙකුත් ජනතාව කොච්චර උද්ඝෝෂණ කළාද? ඒත් අඩු කළාද රුපියලකින්වත්. ඒත් දැන් බලන්නකෝ. කවුරුවත් ඉල්ලුවෙත් නැහැ. අඩුකරපු ලස්සන! (නි)
බන්දුල, ලෝක ශුරතාවය දිනුව කියල චන්ද්‍රිකාට චන්දෙ දෙන්න කිව්වා. යුද්දේ දිනුව කියල ජනාදිපතිතුමාට ජන්දේ දෙන්න කියනවා. චන්ද්‍රිකා ක්‍රිකට් ගැහුවෙත් නැහැ. ජනාදිපතිතුමා යුද්ධ කලෙත් නැහැ. මේවා බොලද කතා. (නදී)
අනේ මෙහෙමත් යුගයක්! (නි)
පසුගිය ජුනි මාසයේ ඩොලර් 107ක් වූ බොරතෙල් බැරලය මේ වන විට ඩොලර් 93ක් දක්වා පහත බැස ඇත. ඊට සමානුපාතිකව තෙල් මිල පහළ දැමිය යුතුය. (නි)
මමත් හිතනවා මේ මැතිවරණය යු. එන්.පි එක දිනන එක හොඳයි කියා. එතකොට ජනාදිපතිවරෙනෙට කලින් පුළුවන් තරම් ජනතාවට සහන ලබා ගන්න පුළුවන්. (නදී)
ඡන්දෙන් පස්සේ දැනගන්න පුළුවන් කීදෙනෙක් මේකට අහුවුණාද කියලා (නි)
මේ සහනය දුන්නේ චීන ජනාධිපති අපිව බලන්න ආ නිසාද? (නි)
මේකේ සමහර ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. මෙයාල තමයි පොඩි වාසි වලට ආණ්ඩු පත්කරන්නේ. මොන ආණ්ඩුවත් පිස්සු කෙලින්නේ මේ වගේ අය ලංකාවේ ඉන්න නිසා. ඡන්දෙට කලින් පොඩි වාසියක් දීල ඡන්දෙ අරන් පස්සට පයින් ගහලා එලවන්නේ. (නදී)
ඇසල; හොඳම ක්‍රමය තමයි ලෝක වෙළදපොලේ තෙල් මිලට සාපේක්ෂව තෙල් සංස්ථාවේ සැකසුම් ගාස්තුත් අය කරගෙන සාධාරණ මිලට තෙල් දෙන එක. නැතුව සල්ලි නැති වුණහම අසීමිත බදු ගහලා තෙල් මිල වැඩි කරන එකත්, පසුසේ මිල අඩුකරන එකත් නෙමෙයි. මේකෙන් හොඳටම පේනවා තෙල් මිල තීරණය කරන්නේ කිසිම විද්‍යාත්මක ක්‍රමවේදයකට නොවන විත්තිය. (නි)
ඉසරදයට කොට්ටය මාරු කරන්න එපා. තෙල් මිල අඩුකරනවා වගේ පොඩි පැලැස්තර නම් අපිට අවශ්‍ය නැහැ (නි)
කවුද බලමු රැවටෙන්නේ? (නි)
පස්සේ පොළියත් එක්කම ගෙවන්න ලැහැස්ති වෙන එක හොඳයි. (නි)
හෙට අනිද්දා වෙද්දී තව මොනවා අඩුවෙයිද දන්නෙ නැහැ (නි)
මේක හරි අසාදාරනයක්, බොර තෙල් මිල 14% අඩු වෙනකොට පැට්‍රොල් මිල අඩුවෙන්නේ 12% පමණේ , මේක රු. 40 කින් අඩු විය යුතු වෙනවා. නැත නම් ඉතින් අබ සරණ තමා. (නදී)
අනේ අපි පව්! (නි)
ඔහොම යමු. බටහිර නම් තෙල් මිල අඩු වුණේ මීට මාස 4කට කලින්. (නි)
මධුහාෂිනීලා, කමල්ලා, ඇසළලා වගේ බබාලා ඉන්නතුරු මේ රට ගොඩගන්නවා බොරු (නි)
මගේ අම්මෝ!!! මේ වගේ සාධාරන ආණ්ඩුවක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති. (නි)
කොහොමත් අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ මෝඩයෝමනේ ගාමිණී. ඒකනේ මෙහෙම වෙන්නේ (නි)
මෙවර ජනතාව වැදගත් තීන්දුවක් ගන්න ඕනෑ. (නි)
සිල්වා, මධුභාෂිනී, ඔබලා වගේ පාට කණ්ණාඩි දාගෙන එක එක දේශපාලකයන්ට කඩේ යන පුද්ගලයෝ නිසා තමා අපේ රටට මෙහෙම නරක තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න. (නි)
වැඩි කළත් බනිනවා, අඩු කළත් හොදටම බනිනවා. අනේ මෙහෙව් රටක අපිත් ඉපදුනානේ! (නි)
මේ පාර නම් උෟවේ ඡන්දෙ ආණ්ඩුවට ගොඩක් අමාරු වෙලා වගේ. පරදිනවා කියල කලින්ම දැනගෙන අවසාන තුරුම්පු ටිකත් ගහනවා දැන්. මේ රටේ බහුතර මිනිස්සු මේ වගේ ඡන්ද ගුණ්ඩු වලට ඉස්සර ඉදල රැවටෙන නිසා ආණ්ඩුව තාමත් ඒ ක්‍රම පාවිච්චි කරලා බලනවා. අපි අහුවෙයි ඕවට ... (අ)
ඉන්ධන සහ විදුලි බිල අඩු කළ එක ගැන සැකයක් නැහැ (නි)
ලංකාවේ ඉන්න අපි වගේ අයට ඔය වගේ දේවල් වැඩිත් එක්ක. තන කොළ මිටියකුත් හැම මාසයකම නොමිලේ දුන්න නම් තමය වැඩිය හොඳ ...... කොච්චර කිව්වත් වැඩක් නෑ.... මී හරක් ඉන්නේ...(අ)
මිල වැඩි වෙනකොට උඩ බලාගෙන ඉඳලා අඩුවෙනකොට කෑගහන්න (නි)
කොණ්ඩෙ බැදපු චීන්නුත් එක්ක නොවෙයි, කොණ්ඩ කපපු චීන්නුන්ගෙ මැද ඉදන් තමයි ඕක කිව්වෙ. (අ)
කළ වැඩේ හොඳයි. නමුත් කළේ නරක කාලෙක නිසා ජනතාව මේක පිළිගනීද මන්දා? (නි)
මේ තරම් මිනිසුන් ගැන දුක හිතුනේ මොකද මේ හදිස්සියේ? (නි)
අපි නම් රැවටෙන්නේ නැතෝ! (නි)
මේ වැඩිපුර කොමෙන්ට්ස් බලන කොට පෙන්නේ විවේචන බැනුම් පමණයි. , මිල වැඩි කරන කොටත් බනිනවා, මිල අඩු නොකර හිටියත් බනිනව. අඩු ගානේ ඡන්දෙ හින්ද හරි මිල අඩු කරපුවම වත් හොඳයි කියන්න. ඕනෑම පාලක පක්ෂයක් වැඩ කරන්නේ මිනිසුන්ගේ ඡන්දය බලාගෙන තමයි.(අ)
අම්මෝ! මට දැනෙන සතුට.... (නි)
කොච්චර කාලේකටද දන්නේ නැහැ (අ)
මධුභාෂිණී වැඩි වයසක් නැති කෙනෙක් හැඩයි. (නි)
මේක තවත් ඡන්ද ප්‍රතිඵලයක්වද්ද? (නි)
ඛනිජ තෙල් සංස්ථාව පාඩු පිට පාඩු ලබද්දී තව අඩු කරන්නේ කොහොමද? පාඩු ලබන්නේ වැරදි පරිපාලනය නිසයි. මේවා අල්ලන්න පස්සේ දෙතුන් ගුණයකින් තෙල් මිල වැඩි කරන්න වෙයි. (නි)
ජය වේවා! (නි)
දැන්නම් මහජනතාවට බොහොම සතුටු ඇති (නි)
තෙල් මිල අඩුවුණ එක නම් හොඳයි (නි)
පස්සේ සියයට 30 කින් විතර වැඩිවෙයිද දන්නෙ නැහැ (නි)
අපි ඉන්න බටහිර නම් අඩු කරපු කෙහෙල් අැවරියක් නැහැ (නදී)
මේ රට සංවේදී නායකයින් සිටින රටකි. (නි)
මේ වගේ මිල අඩුකරන්න පුළුවන් නම් මෙච්චර කල් නොකළේ මන්ද? (නි)
අපිනම් ටිකිරි බන්ඩෝ බඩජාරින් කියන්නේ ගාමිනිල වගේ බඩ කට විතරක් පිරුණම ඇති කියල හිතන පුස් ඌරන්ට ...වනචාරින් කියල කියන්නේ උපන් බිමට උපන් රටට අපහාස කරන ඔහෙලා වගේ දේශපාලන කුහකයන්ට.(නදී)
අපේ සියලුම දෙනාටම මුල අමතක වෙලා. විදුලි බිලේ දැවුණු ඒකකයට වඩා අමතරව එකතුවෙන ගණන එකතු කළේ තාවකාලිකව. අන්න එක කපාහැරියා නම් ජනතාවට සහනයක් වේවි. (නි)
ගිහාන් මල්ලි වගේ, තව සමහර අය වගේ තමුන් තමුන්වම රවටාගන්න පුළුවන් හැකියාව අපිට දෙමාපියන් ගුරුවරුන් ඉගැන්නුවේ නැහැනේ. යුක්තිය වෙනුවෙන් පෙනීහිටින්න කියලනේ අපිට ඒ අය ඉගැන්නුවේ. අපිවත් අපේ දරුවන්ට තමුන් තමුන්වම රවටාගන්න පුළුවන් විදිය උගන්වන්න ඕනෑ. (නි)
මේවට අහුවෙන්න එපා. මේවා ඡන්ද ගුන්ඩු තව ටික දවසකින් තිබුනටත් වඩා වැඩිකරයි (නදී)
ගාමිණී මහත්තයෝ, මේවා අඩු කළත් නැතත් ඡන්දෙ දෙන කෙනා කොච්චර අඩුපාඩු තිබුනත් සන්ධානෙට ඡන්දෙ දෙනවා, ජනාධිපතිතුමා වෙනුවෙන්. මේ රුපියල් පහ දහයට දැන් ඡන්ද විකුණන්න බැහැ. ඒ ඉස්සර. බඩජාරින් නොවන කළගුණ දත් මිනිස්සු මේ රටේ එදත් අදත් හෙටත් ඉන්නවා කියන එක ඔබතුමාට ඌව ඡන්දෙන් මිනිස්සු තේරුම් කරවලා දෙයි. (නි)
ඌව පළාතේ ජනතාවනි, මුළු රටටම සහනයක් ලබාදීමට ඔබට අනගි අවස්ථාවක්. එවිට මේ වගේ තව තවත් සහන ලබාදෙන්න උනන්දු වේවි. (නි)
ගිහාන්ලා වගේ මිනිසුන් වැඩි වැඩියෙන් මේ දීපයේ පහළ වේවා! (නි)
මධුභාෂිනී, ඔය ටික කිවුවේ ඇත්තටද? තවමත් කට්ටිය ඉන්නවා. මෙහි තිබෙන අදහස් වලින් පෙනෙනවා මිනිසුන්ට කිසිම විශ්වාසයක් නැතිබව. (නි)
මෙතන තියෙන්නෙ ආණ්ඩුවේ ක්‍රියාව පිළිබඳව ප්‍රශ්නයකට වඩා චේතනාව පිළිබඳව ඇතිවන ප්‍රශ්නයක්. (නි)
මදුභාෂිණී, ජය වේවා! (නි)
ඉතින් පෙට්‍රල් වැඩිකරද්දී 5කින්ද වැඩිකළේ? (නි)
හැමදාම මැතිවරණ තියෙනවා නම් නියමයි කියලා හිතෙනවා. අඩු කළා වගේ නෙමෙයි, වැඩිකරනකොට ඩබල් වෙයි (නි)
මධුභාෂිනී,ඔයා කන්නේ බත්ද? ප්‍රභාෂ්ටත් ඔයා කන ජාතියෙන්ම දිගටම දෙන්න. (නි)
පින්සිද්ධ වේවා! (නි)
ලොක්ක චීනා එක්ක ගහපු ගේම් ටික දැනගන්න වෙන්නේ පස්සේ තමයි. (ස)
ඇමරිකාවෙයි, රුසියාවෙයි ජනාධිපතිවරුත් එනවා නම්.... (නි)
ඕනෑම ජගතෙකුට වරකට අයෙකු හෝ කණ්ඩායමක් බැගින් මුලා කළ හැක. එහෙත් කිසිම කෙනෙකුට සැවොම හැමදාම මුලා කළ නොහැක (නි)
මධුභාෂිණීට මොළයක් නැද්ද? (නි)
මධුභාෂිනී/බන්දුල පෙරේරා, ඔය හීනය හැමදාම දකිනවනේ. (නි)
දකුණ බස්නාහිර ආණ්ඩුවේ ඡන්ද අඩුකලාම උවේ මිනිසුන්ගේ ඡන්දෙට සහන ලැබුනා....මේ ඡන්දෙත් ආණ්ඩුවට අඩුවෙන් ඡන්ද දාන්න....ඊළඟට එන මහා ඡන්දෙට තව තවත් සහන ලබාදේවි. ආණ්ඩුවේ මේ අවස්ථාවාදී කූට අභිප්‍රායන් පරාජය කළ යුතුමයි...(ස)
"බඩජාරින්" කියලා අපි නම් කියන්නේ රට ජාතිය විකුණාගෙන කන ජාතියේ අයටයි. (නි)
ප්‍රශ්නය මිනිස්සු මේවා දැනගෙනත් ඡන්දය දීමයි. අද හාල් ගිනි ගණන්. පාලන මිලට ගන්න හාල් තියනවද? (නි)
චන්දදායකයින්ට තවත් හොඳ විශාල චන්ද ගුන්ඩුවක්.මධුභාෂිනී දැනටමත් ගිලලද කොහෙද ගුන්ඩුව.ඔයවගේම අය ලංකාවේ ඉන්නකම් රටක් හැදෙන්නේ නැහැ.චන්දෙන්පස්සේ වැඩිවෙනකොට කියයි අපෝ අපි කරගත්තු මෝඩකමක් කියල,ඔහොම යං (දී)
දවස් වලින් නම් දවස් කීයකටද දන්නෙ නැහැ (නි)
මේ ප්‍රතිචාර වලින්ම පෙනෙනවා රටේ බහුතරයක් ජනතාව මෝඩයෝ නොවන බව. රටේ සුළුතරයකගේ මෝඩකමින් අපේ රටේ පාලකයන් හැමදාම බහුතරය හදාගන්නවා. (නදී)
ඉතා සතුටුයි! (නි)
හාල් ගිනි ගණන් වුණාට ලංකාවේ පුන්නක්කු මිල වැඩි කරලා නැහැනේ. (නි)
ටිකිරි බන්ඩෝ,අපි නම් බඩජාරින් කියලා කියන්නේ ගාමිණීලා වගේ අයට (නි)
මොන වුණත් කොමිසම් වාර්තා, අර පරීක්ෂණ, මේ පරීක්ෂණ නැතුව ඉක්මනින් ක්‍රියාවට නැංවීම ගැන ස්තුතියි. (නි)
මේක නම් මට පෙනෙන හැටියට විශාල ප්‍රෝඩාවක් (නි)
මේකෙන්ම තේරෙනවා ඉස්සරහට මිනිසුන්ට ලොකු ලොකු සහන ලබා ගත හැකියි කියලා (නි)
සත්‍ය මහත්තයා කන්නේ බත් නෙමෙයි වගේ.ඒකනේ මේ හැමෝගෙන්ම බත් කනවද අහන්නේ? (නි)
මේක ඇත්තටම සදාචාර විරෝධී වැඩක්. මුලින්ම බැලුවා මොණරාගල දිස්ත්‍රික්කයට 2500 දීමනාව ඡන්දයත් සමගම බෙදා දෙන්න. අධිකරණයේ පිහිටෙන් ඒක ඡන්දය සදහා යොදා ගන්න බැරි උනා. දැන් ඡන්දයට දවස් හතරක් තියලා ආණ්ඩුවට ජනතාව ගැන නැවතත් පුදුම දුකක් පහල වෙලා. මේ කාරණයත් සමගම අපට හැඟෙන දේ තමා ඌව ඡන්දය ගැන ආණ්ඩුව ඉන්නෙ පුදුමාකාර භයකින් කියන කාරණය. මෙතන තියෙන්නෙ ආණ්ඩුවේ ක්‍රියාව පිළිබඳව ප්‍රශ්නයකට වඩා චේතනාව පිළිබඳව ඇතිවන ප්‍රශ්නයක්. ක්‍රියාවට මූලිකවී ඇති චේතනාව තමා ඌව. (ස)
චන්ද්‍රිකා මැතිනියගේ ඡන්ද න්‍යායට බැස්ස වගේ. ගුරු වැටුප් එහෙම දෙගුණ කරන්නැද්ද (අ)
සිල්වා සහ ශාන්, පොඩ්ඩක් මොලේ පාවිච්චි කලා නම් නේද හොඳ, කඩේ යන්නේ නැතුව? (නදී)
කෙසෙල් කැන වැට පැන්නෝ (අ)
අපේ රටේ මිනිස්සුන්ට දුන්නත් වැරදි... නොදුන්නත් වැරදි.... අපරාදේ.... මේ ටිකත් අඩු නොකර ඔහොම්මම තියන්න තිබ්බේ. (නදී)
බොරතෙල් අඩු වුණේ රුපියල් පහකින් ද (අ)
ඉතා හොද ආරංචියක් ජනතාවට !!! බොරු ඡන්ද පොරොන්දු නොදී ප්‍රයෝගිකව මෙවැනි සහන ජනතාවට ලබා දුන්නොත් ජීවත් වීමට යම්කිසි සහනයක් වෙනවා ! (අ)
ඌව ඡන්දෙ ඉවර උනාම දෙගුණ කරලා අායෙත් වැඩි කරයි. (නදී)