(යොහාන් භාසුර)
විදුලි ඒකක විශාල වශයෙන් භාවිතා වන කර්මාන්ත, හෝටල්වල්, නිවාසවලට සහ අනිකුත් ආයතනවල විදුලි බිල තුන් ගුණයකින් හෝ හතරගුණකින් ඉහළ යෑමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනයක් කඩිනමින් වියයුතු බවට යෝජනා කර ඇති බවත් ඉහළ විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කරන ආයතන කළ යුත්තේ සූර්ය පැනල සඳහා කඩිනමින් මාරුවීමෙන් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගේ ඇස් ඇරෙන්න පස්ස බිම ඇනෙන්නම ඕනෑ. කළයුතු දේ මෙයමයි..
මේ ඇමැති නම් මොන්ටිසෝරි යන ළදරුවෙක්. විදුලිබල ඇමැතිට පත්කරන්න ඕනේ උගත්, තාක්ෂණික දැනුම ඇති කෙනෙක්. මෙය විහිලු කතා කියකියා දැන් කියනවා බිල වැඩි අයට සෝලා පැනල් ගන්න වෙනවාලු. නැත්නම් විදුලිය නැහැලු. මේ ඇමැති විකාර දොඩවනවා. අපිට දැන් පාන් කියාගන්න බැහැ. රට කරන්න බැරි නම් තොලොංචි වෙලා යන එකයි ඇත්තේ. පුළුවන් කෙනෙක් කරයි.
මගේ ඇස්වලට කඳුළු ආවා. අපේ දරුවෝ ළමයි නෙවෙයිද? මේ සියලු දේශපාලුවන්ටම හෙණ ගහන්න ඕනෑ. සියලු නෑ සනුහරේටම..
විදුලිබිල වැඩිකරන්න ඉස්සර අධික වැටුප් දීමනා, නිකන් ඉඳලා පඩිගන්න සේවකයෝ ගෙදර යවලා ඉන්න ඕනෑ. ආයතනය බංකොළොත් කියන සේවකයන්ගේ දුර්වල පාලනය..
සූර්ය බලයෙන් නිවාසවල විදුලිය උත්පාදනය කිරීම වර්ධනය කිරීමට නම්, 90 දශකයේ අග කාලයේ නිවාසවලට CFL විදුලි බුබුළු ලබාදුන් වැඩපිළිවෙල වැනි සහන ක්‍රමයක් අවශ්‍යයි. මක්නිසාද සූර්ය පැනල සවි කිරීම වියදම් අධික කටයුත්තකි. බොහෝවිට ඊට අවශ්‍ය සුදුසු වහලයක් පැවතියද මූලික වියදම දරාගැනීම අපහසුයි. තවද ජනනය කරන විදුලිය තම නිවසේ අවශ්‍යතාවලට භාවිතා කිරීමට අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට තවත් විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. ඊට පිළියමක් ලෙස විදුලිබල මණ්ඩලයේ පද්ධතියට විදුලිය අලෙවි කර, පසුව තම ප්‍රයෝජනයට සකසා ගැනීමේ පරමාර්ථයෙන් සූර්ය පැනල සවිකළ නිවැසියන්ද විදුලි කප්පාදු කරන අවස්ථාවලදී අඳුරේ පීඩා විඳිති. එබැවින් විදේශීය ආයතනයකින් ආධාර ලබාගෙන, සහන මිලට නාගරික සහ අර්ධ නාගරික ජනතාවට සූර්ය පැනල සවිකිරීමට ක්‍රමයක් දියත් කළ යුතුයි. පසුව, මූලික පිරිවැය අයකර ගන්නා තුරු, ඒ-ඒ නිවාසවලින් උත්පාදනය කරන විදුලිය සඳහා මාසිකව යම්කිසි නිත්‍ය ගාස්තුවක් අය කළ හැකිය..