
(සුජිත් හේවාජුලිගේ )
දැනට මියගොස් සිටින මැති ඇමැතිවරුන් විසි පස්දෙනකු ඔවුන් ජීවතුන් අතර සිටියදී සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි වාර්තා වේ.
මේ පිරිස මියගොස් සිටින හෙයින් එම මුදල ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ගෙන් අයකර ගැනීම ගැටළුකාරීවී ඇතැයි ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ තත්වය යටතේ එම හිඟ මුදල අයකර ගැනීම අත්හැර දැමීමට බොහෝ දුරට සිදුවනු ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් එම හිඟ මුදල් ගෙවන ලෙස ඒ මැති ඇමැතිවරුන් ජීවතුන් අතර සිටියදී නොයෙක් වර ඉල්ලීම් කර ඇතත් ගෙවීම් කර නොතිබූ බව දැනගන්නට ඇත.
මේ අතර සිය නිල නිවෙසට ලබාගත් විදුලිය වෙනුවෙන් හිඟ මුදලක් ගෙවීම පැහැර හැර සිටියේ යැයි කියන ඇමැතිවරයකු එම නිල නිවෙසට ලබාගත් ජලය වෙනුවෙන්ද හිඟ මුදලක් ගෙවීමට ඇතැයි ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.
මේ අතර ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට හිඟ මුදල් නොගෙවූ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගෙන් ඒ හිඟ මුදල් අය කර ගැනීමට වහාම කටයුතු කරන්නැයි එම මණ්ඩලයේ වෘත්තිය සමිති නියෝජිතයන් රැසක්ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටලුවක් නැහැ. පාඩුයි පාඩුයි කියලා බිල් වැඩිකළාම ගෙවීමට ඡන්ද දායකයෝ ඉන්නවා. ඉක්මණින් බිල් වැඩිකරන්න. කවුද කියලා තිබුණා කාලෙකින් වැඩිකලේ නැහැ... වැඩිකරන්න කියලා. ඇයි ගෙවන විශ්‍රාම වැටුපෙන් අයකරන්න බැරිද? මෙහෙම වෙනනිසා අනාගතයේ දේශපාලුවන්ට ජලය, විදුලිය දීලා තිබේ නම් වැටුපෙන් අයකරන්න ක්‍රමයක් සකසන්න.
මන්ත්‍රීගේ විශ්‍රාම වැටුපෙන් එය ලබා ගත හැකියි. මහජනතාවට එය බරක් පැටවීම ආණ්ඩුව කරන උත්සාහයක්... ජල සම්පාදන මණ්ඩලය වහාම නීතිය ක්‍රියාත්මක කරමු. මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් සියලුම මුදල් අයකර ගැනීමට කටයුතු කරන්න.
පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන සියලුම ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව 50% කින් අඩු කළ යුතුයි. ආසන මට්ටමින්ම මන්ත්‍රීවරු තෝරා ගත යුතුයි. ආයතනවල පත්වෙන මන්ත්‍රීන් ගරු සේවයක් පමණක් කරන පුද්ගලයින් බවට පත්විය යුතුයි. එනම් වැටුප් ගෙවීමකින් තොර නිවාස, වාහන ආදී වරප්‍රසාද හිමිවන්නේ නෑ. එතකොට බලාගන්න පුළුවන් කවුද මේ සඳහා ඉදිරිපත් වන්නේ කියලා...
දන්නා තරමින් මේ රටේ පවතින පොදු නීත්‍යානුකූල සියලු හිඟමුදල් අයකරගත හැකිය. ක්‍රියාත්මක කිරීමේ බලය කෝ?
සාමාන්‍ය ජනතාවට වගේ අදාල සේවාව විසන්ධි නොකිරීම සම්බන්ධව කටයුතු කළ නිලධාරින්ගෙන් එම මුදල අය කළහොත් ඉදිරියේදී මෙම ප්‍රශ්නය ඇති නොවනු ඇත...
කමක් නෑ.. සර්ලා සැපට ඉන්න.. අපි ඉන්නේ ඒවා ගෙවන්න තමයි.
ඇයි ඔය හිඟ සල්ලි පවුලේ අයගෙන් ගන්න බැරි..?
හොරුන්ට ප්‍රභූ කියන එකම රට වෙන්න ඇති...!
ශුවර් එකට දුරකථන බිලටත් ලොකුවයින් පොල්ලක් තියලා ඇති. මේ අයටම ඡන්දෙ දෙන්න ලබන පාරත්...