විදුලි බලමණ්ඩලයට අද සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල්කාරී කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.
ශ්‍රී ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සහ එම සංගමයෙන් මහලේකම් ධම්මික විමලරත්න යන දෙදෙනාට මෙම වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.
මෙම නියෝගය වහාම දුරකථන මාර්ගයෙන් අදාල වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලෙසටද දිසා අධිකරණයේ රෙජිස්ටර් වරයාට අධිකරණ නියෝගයක් නිකුත් කළාය.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාගයට ගනු ලැබූ දිසා විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙහි අතුරුතහනම් දැන්වීම් සහ නොතීසි වගඋත්තරකරුවන්ට යැවීමට නියෝග කළ අධිකරණය නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි.
රටේ හා රජයේ ප්‍රශ්න ඇති. ඒත්, පඩි ගන්නා ගමන් මේ වැනි රට අඳුරේ තියනා වැඩ අනුමත කරන්න බැහැ.
දින 14 නොව සදාකාලිකවම වාරණ නියෝග දමන්න. ඔය අතර කොන්දේසි සහිතව අලුත් අය පුහුණු කරන්න. ඒ ගොල්ලෝ කතා කරපු උජාරුව දැක්කාම එවෙලේ බෙල්ලෙන් අල්ලලා දොට්ට දමන්න හිතෙනවා.