
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම අවබෝධතා ගිවිසුම අස්සන් තැබීය.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුඵ පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහින වෙලාවට ඕකක ගියොත් කරන්ට් වදීද ?.. ?
වැඩේ නම් සුපිරි.හැබැයි ඕවත් පෙට්‍රල් ඩීසල් ත්‍රීවිල් වල හයර් එකම අනිවාර්යයෙන් ගන්න පටන් ගනීවි. නියාමනයක් මේ රටේ වෙන්නේ නැහැනේ.
මේවා වෙඩක් නෑ ත්‍රිවිල් ලංකාවෙන් අයින්ම කරලා දාමු
වැඩක් නෑ රෝද 3 නිසා වැඩක් නැහැ
මෙය ව්‍යාප්ත වීමෙන් පසු වර්තමාන තත්වය බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්.ත්‍රී වීලර් කරුවන් හිතූ හිතූ ගණන් අයකොට මිනිසුන් ගසා කාපු යුගය අවසන් උනොත් හොඳයි. ඉලෙක්ට්රික් නෙමෙයි මොනවා කමක් නැහැ.මේවා සඳහා මීටරයක් සවිකර එවන්න.නැතිනම්, ඒකේ වාසිය ජනතාවට යන්නේ නැහැ.
මේ ආකාරයට දැන්වත් දේශීයව නිෂ්පාදනයට යොමු විය යුතුය. එදා නිෂ්පාදනය කළ උපාලි ෆියට් වැනි වාහන අද තිබුනා නම් දියුනු මට්ටමකය. සියල්ල යටපත්ව ඇත්තේ ආයතනයේදී පවතින කොමිස් ගැහීම නොවේද ? දැන්වත් තත්ත්වය තේරුම් ගනිමු.
අදහස හොදයි. එහෙම විදුලිය කපන රටකට වාහනේ තිබෙන බැටරිය චාර්ජ් කරන්න විදියක් නෑ නේද? ඒකත් කොට උඩ යන දිනය කවදා වෙන්න පුලුවන්ද.
මටනම් තේරෙන්නේ නෑ අප්පා අපේ විතරද හැම මගුලටම උත්සව තියෙන්නේ. එක්කෝ මුන්ට පිස්සු. නැත්නම් මේ ඉන්න අපිට පිස්සු.
Good job, and want know if it will launched in market in sri lanka wat about total cost ?
ඒක සූරය බලාගාරයක් පද්ධතියට එකතු කරන්නේ නැතුව වාහන electric කරලා හරියන්නේ නෑ. මේවා චාර්ජ් කරන්නේ එක්කෝ ගල් අගුරු නැත්නම් ඩීසල් පුච්චලා එන විදුලියෙන්. වාහන රෑට දුවන්නේ නැති උනාට බලාගාර පැය 24ම වැඩ කරන්න ඕනේ. වැඩියෙන් තෙල් පාවිච්චි වෙන වැඩක්.
ලක්ෂ 20 ක් විතර වෙයි වගේ...!
2009 වසරේ මට ගාල්ලේදී මුණගැසුනා අවුරුදු 31ක තරුණයෙක් ඔහු නිපදවා තිබුනා යතුරු පැදියක් ඉන්ජිමක් රහිතව ඒක ධාවනය කලේ පොළොවේ උෂ්ණත්වය උපයෝගී කරගෙන ඒක ඔහුගේම නිෂ්පාදනයක්- වසර 19ක් ජපානයේ ඉගනගෙන ලංකාවට ඇවිත් හිටියේ මෙම තාක්ෂණයෙන් මෝටර් රථයක් පවා නිපදවා තියෙනවා කිව්වා නමුත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු කැදවා උපදෙස් දුන්නලු 2022 වෙනකල් ලංකාවේ වාහන නිපදවන්ට එපා අනිකුත් නිෂ්පාදන කරන්න කියලා ඒ වෙනකොට පේටන්ට් බලපත්‍ර 1800ක් ඔහු සතුව තියෙන බව සඳහන් කලා.. ඔහු තමයි තාක්ෂණය අතින් ඉහළම අකුණු සන්හායකයක් නිපදවා රු ලක්ෂ 2ට පකිස්තානයට අලවිකරා. ඔහුගේ ගම ගාල්ලේ බද්දේගම. ඔහු එම නිෂ්පාදන කලේ “ඒ. වීරවර්ධන පදනම යනුවෙන් තම පියාගේ නමින්. මොහු වසර 13දී හෙලිකොප්ටර් එකක් හදලා උඩ යවලා අත්අඩංගුවට පත්වීමෙන් පසු එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඔහු වැඩිදුර අධ්‍යාපනය සදහා ජපානයට යවා තියෙන්නේ. හැකිනම් මොහුගේ තොරතුරු සොයාගෙන එවැනි නිෂ්පාදන සදහා යොදාගන්න කියලා ඉල්ලා සිටිමි.
අලි මදිවට හරක් කිව්වලු...