(ඩයනා උදයංගනී)
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරෙහි විදුලි ජනන යන්ත‍්‍රයේ අද (17) පෙරවරුවේ ඇතිවූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට දින 5ක් පමණ ගතවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මෙම විදුලි ජනක යන්ත‍්‍රයෙහි බොයිලේරුවේ ඇති වූ කාන්දුවීමක් හේතුවෙන් යන්ත‍්‍රය අක‍්‍රීය වී ඇත.
මෙම ජනන යන්ත‍්‍රය අක‍්‍රීයවීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් අහිමි වුවත් විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලංකාදීපයට පැවසීය.
එය අලූත් වැඩියා කළ හැක්කේ සෙන්ටිග්‍රෙඩ් අංශක 500ක පමණ උෂ්ණත්වයකින් යුතු එම පද්ධතිය සිසිල්වීමෙන් පසුව බවත්, ඒ සඳහා දින දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇති බවත් ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකත් ආණ්ඩුව පිටින්ම දෙන්න වගේ...
ඕක හදපු කාලේ හිටපු දේශපාලකයන් සහ නිලධාරීන් කොමිස් ගහපු නිසා ප්‍රමිතියෙන් අඩු බලාගාරයක් රටට ලැබී ඇත .
ඔය මගුල හදපුදා ඉඳල, මාස තුනක් එක දිගට නොකඩවා රටට විදුලිය ලබා දුන්නද ? ඇත්තෙන්ම නැහැ ! පිළිගත් ප්‍රමිතිවලින් තොර, අධි තාක්ෂණ විදුලි බලාගාර අටවා ගත්තම ඔහොම වෙන බව පාසල් යන දරුවෝ පවා දන්නවා. කොහොම වුනත් එහි "සේවය කරන" නඩත්තු අංශයේ නිලධාරීන් මීට වඩා ඇස් ඇරගෙන වැඩ කරනවා නම් මෙවැනි "කොට උඩ" හිටීම් අවම කර ගන්න පුළුවන් ....