
(යොහාන් භාසුර)
රට තුළ උද්ගත වී ඇති විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (9) පැවසීය.
රට සතුව මේ වන විට ඉන්ධන මෙටි්රක්ටොන් 20,000 ක සංචිතයක් ඇති අතරම ඉන්ධන මෙටි්රක්ටොන් 32,000 ක නැවකින් ගොඩබාමින් සිටින බව කී අමාත්‍ය ලොකුගේ මහතා සෑම නගරයකම පිරවුම්හල්වලට ඉන්ධන සපයමින් තිබීම නිසා ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වන විට පිරවුම්හල්වල පොලිමේ නොසිට ඉන්ධන ලබාගත හැකි තත්වයට පත්වනු ඇති බවට විශ්වාස කරන බව ද සඳහන් කළේය.
විදුලබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑමට අවශ්‍ය ඩිසල් සහ දැවි තෙල් ලබාදී තිබෙන නිසා විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වේ යැයි බලාපොරොත්තු වූ බවත් මේ මස 5 වැනිදා සිට විදුලිය කැපීම නැති වෙලා කියලා කිව්වත් තවමත් සමහර ස්ථානවල පොඩි පොඩි විසන්ධි කිරීම් ඇති බවත් අමාත්‍ය ලොකුගේ මහතා කීය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5 සෙනසුරාදා ඉවරයි කිව්වා. සඳුදා ඉවරයි කිව්වා. බ්‍රහස්පතින්ද ඉවරයි කිව්වා. දැන් කියනවා එන සතියේ මුලලු. කාවද රවට්ටන්නේ...? හැට පැනලා හොට බිම ඇනුණානම් ගෙදරට වෙලා ඉන්න.
තවත් බොරු බේගල් ගහලා ජනතාව ගොනාට අන්දවන්නයි හදන්නේ..! සිහිය විකල්වෙලා දොඩවනවා...
බාලගිරිදෝසය අද නොවේ හෙට. අපි පොඩිකාලේ දොරේ උලුඅස්සේ මෙහෙම වැකියක් ලියලා තිබ්බා. ආතාගෙන් ඇහුවාම කිව්වේ විදුලිය දෙන්න එන මහත්වරුන්ට පේන්න එහෙම ලියලා තියෙන්නේ කියලා...
ඇමති කෙනෙක් වුණාම වගකීමෙන් කතා කරන්න...
ඔන්න බලාගන්න සර්ව බලයෙන් හීන වූ අය...
මේ ආණ්ඩුව තොලොංචිවෙලා ගිය දවසට තමයි ලංකාවට සෙතක් වෙන්නේ...
දවල් හීන දකිනවා. ඔය කියන දවස මේ ආත්මයේ නම් උදාවෙන එකක් නැහැ. මොනවා කියවනවද මන්දා? වයසට හිහිල්ලත් බොරු කියන එකේ අඩුවක් නැතුවා වගේ...!
අනේ නාකි ගන් කබරයෝ කට පුක වහගෙන හිටපිය
නොදකින්, උඹලා මේ රටට සාපයක්.