(විනීතා එම් ගමගේ)
විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කර ගැනීමේ දුෂ්ඨ චක්‍රයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික හා පාරිසරික අයිතිවාසිකම් සඳහා වූ ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම විදුලි ජනනය විකිණීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව රාජපක්ෂ මහතා කීය.
විදුලි බිල වැඩිවන්නේ විදුලි ඉංජිනේරුවන්ගේ අසාධාරණ වැටුප් වැඩිකර ගැනීමේ ක්‍රමවේදය නිසා බැවින් ඊට එරෙහිව අධිකරණය ඉදිරියට යාමට පවා තම පෙරමුණ සුදානම් බව හෙතෙම තව දුරටත් කියා සිටියේය. රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ කොළඹ 7 ජාතික පුස්තකාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හදන්නේ විදුලි ඉංජිනේරුවන් සමග ගැටළුවක් ඇති කිරීමට මේවා කරන්න කලින් ලක්ෂ ගණක විදුලිය පාවිච්චි කරමින් කාර් රේස් පැදපු ඒවගේ විදුලි බිල් ටික ගෙවල එන්න අනෙක හොරකම් කරපු නොරොච්චෝලේ ගල් අගුරු වලින් මුදල් ආපසු දීල ඉන්න බොරුවට රගපාන්න එන්න එපා අපි අප්පල පුතාලගේ කරට්ටුව දන්නවා
විදුලි බල එන්ජිනේරුවන් කියන්නේ මාපියාවක්. පිටතින් විදුලිය අධික මිල ගණන් වලට ගන්න සමහර ජනක යන්ත්‍ර අක්‍රිය කරනවලු, ජලවිදුලි නිපදවන ජලාශ වතුර එලියට ඇරලා දානවලු, මේවා මිනිස්සු දන්නා ප්‍රසිද්ද රහස්. දුප්පත් පාරිභෝගිකය තමයි අන්තිමට කරගහන්නේ. (අ)
ලං.වි.ම. ඉන්නෙ ඉන්ජිනේරුවෝ කී දෙනාද? විඩුලි බිල වැඩි වෙන්න නම් මාසෙකට එක් ඉන්ජිනේරුවෙකුට 1 මිලියනයක්වත් නැත්නම් 1.5 වත් ගෙවන්න වෙයි.
ෂාන් සවුදී මහත්තයෝ මේ අර හොර නිතිඥ මහතා නොවේ. එකම නම තිබෙන වෙන කෙනෙක් පටලවගන්න එපා එතුමා දක්ෂ ජනතාවට හිතවත් අයෙක් . එතුමා කියන්නේ ඇත්ත. pali
ඉංජිනේරුවෝ කියන්නේ මේ රටේ හොදට ඉගෙන ගත්ත අය එ් අයට හොද පඩියක් ගෙවන්න ඕනේ. 5 පාස් වෙලා පාර්ලිමේන්තුවට ගිය අයත් විශාල පඩි ලබනවා. ඉතින් ඉංජිනේරුවන්ව දුන්නට කමක් නෑ. මේ රටට වැඩ කරන මිනිස්සු ඒ අය. ඔය එන්.ජී.ඕ වලින් යැපෙමින් රටට වින කරන අය නොවෙයි
මේක නම් ඇත්ත තමයි අනෙකුත් ආයතන එක්ක බැලුවම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප හරිම වැඩියි
විදුලිය ගැන දන්නේ නැති අය කියන දේවල් වැඩිය ගණන් ගන්න හොද නෑ. විදුලි බිල වැඩිවෙන්නෙ 800 ක් විතර ඉන්න ඉංජිනේරුවෝ නිසා නෙවේ. ලාබදායි විදුලි උත්පාදන ක්‍රම යොදා ගන්නෙ නැති නිසා. සාම්පූර් විදුලි බලාගාරය හදන එක නෑති කලෙ මෙ ජනාධිපතිතුමාගෙම ආන්ඩුවෙන් තමයි. විදුලි ඉංජිනේරුවෝ (විදුලි බලමන්ඩලය ) දීල තියෙන යොජනා හරියට කරනම් අලුත් ප්‍රතිපත්තියක් ඕන නෑ. දක්ශ ඉංජිනේරුවෝ රටෙ තියාගන්න සාධාරන පඩියක් ගෙවන්න ඕන. සාම්පූර් විදුලි බලාගාරය නවත්වීම වගේ මාෆියාවන් නැවත්තුවානම් ඉතිරිවන බිලියන ගනන් සල්ලි වලින් ලාබදායි විදුලිය දෙන ගමන් හැමෝගෙම පඩි තවත්ඩි වැඩිකරගන්න තිබ්බා. කෙලින් වැඩ කරන විදුලි ඉංජිනේරුවෝ ගෑන මෙවගෙ කතා කරන එක හරිම අසාධාරණයි.
ශාන් සවුදි , රුචිර , චන්ද්‍රා , ඔයාලා හොදට අධ්‍යනය කරලා බලන්න ලංකා විදුලිබල මණ්ඩලේ සාමාන්‍යාධිකාරී ගේ ඉඳලා අතිරේක සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ප්‍රධාන ඉංජිනේරු , විදුලි ඉංජිනේරු සියලුම දෙනා එකතු වෙලා තමයි මේ සෙල්ලම කරන්නේ, ලංවීමේ සියලුම තනතුරු වල ඉන්නේ මේ දුෂිත විදුලි ඉංජිනේරුවෝ, අයවැය පාලනයත් මුන් අතේ, මුල්‍ය කළමනාකරුට කිසිම වගකීමක් නෑ. නිකන් පඹයෙක් විතරයි. ඔහුත් අසරණ වෙලා ඉන්නේ මේ විදුලි ඉංජිනේරු මාෆියාවට. ඔබලා දන්නවද මේ විදුලි ඉංජිනේරුවන්ගේ විදේශ චාරිකා වල වාර්ෂික වෙන් කිරීම රුපියල් කෝටි 1000 කට වැඩියි. මාසික වැටුප පහළම විදුලි ඉන්ජිනේරුවගේ ලක්ෂ 4 ඉක්මවනවා. සාමාන්‍යාධිකාරී ගේ ලක්ෂ 10 යි. ඒ මදිවට අනෙක් සේවකයින් පාගාගෙන ඉන්නේ. තර්ජන ගර්ජන ඉහ වහා ගොස්. කිසිම සංහිදියාවක් නෑ. මුන් දැන් ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ආපු ඇය වගේ නොවේ. අර ඇෆ්ගනිස්ථානයේ තලෙබාන්ලා වගේ. අතිගරු ජනපති තුමනි, ගරු අගමැතිතුමනි, විදුලි ඉංජිනේරුවෝ 1100 ක් ලංකා විදුලිබල මණ්ඩලේ අනෙකුත් කාර්මික හා කාර්මික නොවන නිලධාරීන් 25000 ක් පාගාගෙන මේ ආයතනයේ ලේ ටික උරා බොනවා.
ලංකාවේ තියෙන පරිදි මනු කියවීම සඳහා පුද්ගලයන් යොදාගන්නේ ලංකාවේ සහ සුඩානයේ පමණි, අපටත් වඩා දුප්පත් රටවල යොදාගන්නේ නවීනම ක්‍රම. මේක ලනක්වේ දන්නා බැරි ලෙකෝ එකට වැඩ නැතුව යනවා. සිස්ටම් එකක් දමමොත් ලෙකෝ එකක ඕන වෙන්නේ නැහැ.
විදුලි බල මණ්ඩලය තුළ විදුලි ඉංජිනේරු බල අධිකාරියක් පවතින බව ඇත්ත.ඒත් බිල වැඩිවෙන්න හේතුව නම් ඔවුනට ගෙවන වැටුප් වර්ධනය නම් නොවෙයි. වැටුප් හා පරිපාලන වියදම් සුළු හේතුවක් වෙන්න පුළුවන්. ප්‍රධාන හේතුව ලාභදායී විදුලි ජනන ක්‍රම ප්‍රවර්ධනය වෙනුවට අඛණ්ඩවම ඩීසල් විදුලි බලාගාර මත යැපීම. පහුගිය නියං කාලෙ රටට අඛණ්ඩව විදුලිය සැපයුවෙත් ඒසා මහත් අධි පිරිවැයක් දරාගෙන.
අසේල සිල්වා වගේ අය වගකීමක් නැතුව ප්‍රකාශ කරන අය ගැන සැලකිලිමත් වන්න. ඇත්තටම කිව්වොත් මම පෞත්ගලිකවම දන්නවා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවකුගේ අරම්බක වැටුප වන්නේ රු. 100,000 ට වඩා අඩු ගණනක්. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පහලම ශේණියේ සේවකයාගේ අරම්බක වැටුප රු. 30,000 පමණ වෙනවා. තවද පහලම ශ්‍රේණියේ සේවකයන් හට අති කාල ඇති බැවින් සමස්ත වැටුප රු. 50,000 ඉක්මවා ලබා ගනී. මෙවැනි සේවකයන් 20,000 ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලය තුල ඉන්නවා. ඉංජිනේරුවන් සිටින්නේ 1000 කට අඩු පිරිසක්. ඔබ දන්නවද මෙම 20,000ක් වූ සේවක පිරිස 2017-04-06 දින වැඩ වර්ජනයක් කල බව. ලංකාවේ කිසිම අයෙක්ට ඒ ගැන දනේන්නවත් නැතුව ඇති. මන්ද එම දින මෙම 1000ක් පමණ වූ ඉංජිනේරුවන් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම රාජකාරි වල වැඩ බැලු නිසා. එබෙවින් ලංකා විදුලි බල මණ්ඩලය තුල සිටින්නේ එහි සියලුම රාජකාරි ඉටුකිරීමට සමත් ඇති දක්ෂ උගත් පිරිසකි. ලංකා විදුලිබල මණ්ඩලය කවදා හෝ පාඩු ලැබුවානම් ඒ මේ අතිරික්ත 20,000ක් සේවක පිරිස නිසා වන අතර ඉංජිනේරුවන් නිසා නොවේ. මොවුන් අතිකාල සමග රු.50,000 සිට රු. 200,000 දක්වා මාසිකව පඩි ලබන අතර, සාමාන්‍ය කාර්යාල වැඩ සිදු කරයි
ඉංජිනේරුවන්ට හොද පඩි දෙන්න ඕන, එක ඇත්ත, එත් ලංකාවේ ප්‍රදානම රාජ්‍ය ආයතන තුනක වැඩකරන ඉංජිනේරුවෝ ගැන ගොඩක් ආය දන්නේ නැ. එගොලන්ගේ ලොකුම පරමාර්ථය තමා position එක මෛන්ටින් කරන එක , පඩිය, දීමනා වැඩිකරගත්තට මොනාද අලුත් දේවල් කරන්නේ ඒ ආයතනවලට? ඒගොල්ලෝ හිතන් ඉන්නේ IESL ගත්තම උපාදිය electrical ,telecomunication උනත් HR , MARKETING , IT ඔක්කොම කරන්න පුළුවන් කියල. මේගොල්ලෝ ඒ තැන්වලට ගිහින් ඒ ගැන දන්නා අයවත් පහලට දාල. තීන්දු තීරණ ගන්නවා. ඒකෙන වෙන්නත් ආයතනය පාඩු ලබන එක. ඒ පාඩු ලක්ෂ ගණන් නෙමෙයි, කොටි ගණන්. ඒ ඒ ආයතන වල වැඩ කරන අයනම් දන්නවා ඇති මේවා ගැන. ලොකු පඩි ගත්තට කමක් නෑ ඒ මුදලට සාදාරන සේවයක් කරලා, නැතුව නිදහස් අද්යපනයෙන් ලබපු ඒ උපාදිය පෙන්නලා නිකන් ඉදල නෙමෙයි.මේක මන් කිඋවේ ඒ ප්‍රදාන ආයතන තුන ගැන හිතල විතරයි.
විදුලි බිල වැඩි උනත් නැතත්, ඒක අදාල නෑ. ඉල්ලන වැටුප් වැඩිකිරීම් සාධාරණද කියලයි බලන්න ඕන. වැටුපට අමතරව තියෙන අනිත් දීමනා මොනවද, කීයද කියලත් බලන්න ඕන. ලාභ තියෙනවා කියල වැටුප් වැඩි කරගන්න, විබම කියන්නේ එන්ජිනේරුවන්ගේ පුද්ගලික කොම්පැනියක් නෙමෙයි නේ.
ජනක ඔබ කියන දේට එකඟ වෙන්න බැහැ . දක්ෂ විදුලි ඉංජිනේරුවෝ රටේ තියා ගන්න සාධාරණ පඩියක් ගෙවන්න ඕනි කියන එක, මේ අය ලක්ෂ පහ ඉක්මවල පඩි ගන්නවා . අති සුඛෝපභෝගී වාහන දීලා තියනවා. විදේශ සංචාර , සියලු වරප්‍රසාද හා විෂේ නිවාඩු . මේවා අරගෙනත් මේ අය ඉංජිනේරු වැඩ කරන්නේ නෑ. මානව සම්පත් , ගිණුම් , විගණන හා වාණිජ වැඩ කරන්නේ. වෘත්තීය ආචාර ධර්ම නැති විදුලි ඉංජිනේරුවෝ ඉන්න ලෝකයේ එකම ආයතනය ලංවිමය.ඒ මදිවට ඉංජිනේරු වැඩ නොවෙයි කියලා මේ අංශ වල වැඩ කරනවට විශාල දීමනා ලබනවා.මේවා සහගහන අපරාධ. ලංකාව තවම තුන්වැනි ලෝකේ රටක්. කොහොම උනත් ලංකා විදුලි බල මණ්ඩලේ ඉන්න විදුලි ඉංජිනේරුවන් ගේ හදවත් 95% ගල් වගේ . හොද අය හිටියා , ඒ අය රට අතැරලා ගිහින්. දැන් ඉන්න හොද අයත් ඉන්නේ කලකිරීමකින්. වැඩක් කරන දක්ෂ අය පන්නනවා. මේ මාෆියාවත් ලංකාව වීනාශ කරන පිළිලයක්. මේ අය නම්‍යශීලි විය යුතුයි.
අසේල මම හිතන්නේ ඔයා විදුලිය ගැන මොකුත්ම දන්නේ නැ. ගොඩාක් technical sensitive ශේෂ්තයක්. පසුගිය කාලවල ගොඩාක් ඉංජිනේරුවෝ රට අතහැර ගොස් තිබෙන ගොඩාක් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මානව සම්පත් , ගිණුම් , විගණන වගේ වැඩ වලට සුදුසුකම් තියෙන අය පත්කරලා ඉන්නවා. ලක්ෂ පහක් පඩි ගන්න කිසිකෙනෙක් CEB එකේ නැ. ඔය කතා ගෙනියන බොරු ප්‍රචාර විතරයි. දුෂ්කර ස්ථාන, ජනප්‍රිය නොවන ස්ථාන වල අයට යම් යම් දීමනා ලැබෙන බව ඇත්ත. ලංකාව තවම තුන්වැනි ලෝකේ රටක් උනාට අඛණ්ඩව දවස පුරාම දියුණු රටවල තත්වයේ විදුලි සැපයුමක් තියෙන්නේ දක්ෂ විදුලි ඉංජිනේරුවෝ නිසා තමයි. ලංකාවට සුදුසු බලාගාර වෙනුවෙන් ගෙනියන සටන පස්සට දාන්න විවිධ මාෆියාවන් ගෙනියන මඩ ප්‍රචාර තමයි මේවා.