සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අද සවස ඉංගිරියේ දී විවෘත කිරීමට නියමිතව තිබූ කළුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විසින් මින් සුළු වේලාවකට පෙර විවෘතකරනු ලැබීය.
සිහිවටන පුවරුව විවෘත කළ මන්ත්‍රීවරයා පොල්තෙල් පහන ද දල්වා එතැන සිටි මාධ්‍යවේදීන්ට අදහස් දක්වා සුළු මොහොතකින් පිටව ගියේය.
‘‘දේශපාලන දත් කෝම්බ තියෙන දොස්තර මහත්වරුන්ට කියනවා තමන්ගේ ලෙඩ හොඳකරගන්න අවශ්‍යනම් හොරණට එන්න කියලා“ යැයි ද මන්ත්‍රීවරයා කිවේය.
මන්ත්‍රිවරයා විවෘත කළ පුවරුවේ ඔහුගේ නමත් හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ නමත් ඔවුන්ගේ ඡායාරූපත් සටහන්ව තිබිණි. මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිසක් ගෙන ආ පුවරුවක් ද එම ගොඩනැගිල්ල පිහිටි භූමියේ ඔවුන් විසින් සවිකරන ලදී. එහි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ නම හෝ ඡායාරූප හෝ සඳහන්ව තිබුණේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ලංකාවේ දේශපාලඥයින්ගේ වැඩ.නියමයි නේද? (නි)
විධුර මන්ත්‍රීතුමා ඍජු අදහස් හා කටයුතු තිබෙන කෙනෙක්.(හේ)
විදුර කෙලින් මිනිහා.මහින්ද ජනපති කාලෙත් ඔහොමමයි.කනට ගැහුවා වගේ කතාව.හොරණ ටවුන් එකේ අදටත් සෙරෙප්පු දෙකක් වත් නැතුව පයින් ඇවිදින විදුර අපිටනම් අමුත්තක් නෙමෙයි.(හේ)
නියමයි විදුර.(හේ)
අපි යන්න යමු දෙව් ලෝකේ පුරා....... (නි)
රාජිතගේ අපල කාලය ලං වෙලා.(හේ)
ඔහොම තමයි කරන්න ඕන ඔය වගේ අයට.(හේ)
විදුර කියන්නේ කෙලින් වැඩ කරන කෙනෙක් (හේ)
දොස්තර ගේ අර චන්ඩි පුතා එවන්න තිබුනනේ.(හේ)
මම හරි ගරුකරන,කෙළින් අදහස් ප්‍රකාශ කරන,නිවට නියාලු ගැති නොවන යුගයේ හොඳ දේශපාලන චරිතයක් !! (නි)
බොළඳ වැඩක්.(නදී)
නියමයි රාජිතව කලුතරින් යවන්න පුලුවන් (නදී)
නියම කතාව! (නි)
රාජිත අද නම් පරාජිත වෙලා වගෙයි (නි)
විදුර කෙලින් වැඩ කරන මිනිහෙක් (බ)
"කතිර සටන" (නි)
මෙයාගේ ලෙඩට බෙහෙත් නැත (බ)
බලය තියන වෙලාවේ නිහඬ වී බලය නැති වෙලාවේ මෙසේ ක්‍රියා කරන ඔබ ශ්‍රේෂ්ඨයි. බලය නැති වෙලේ;අාවේ අනිත් පැත්තට පැනල වාසි ගන්න අයට හොඳ ආදර්ශයක් (බ)
මෙන්න නියම මිනිස්සු අපි සැම ඔබවැනි මිනිස්සුන් සමගයි..(බ)
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් ලෙස මම ඔබ ගැන ආඩම්බර වෙනවා. (නි)
නියම වැඩක්! (නි)
විදුරට අපගේ ප්‍රණාමය. (ස)
මහජනතාවගේ මුදල් මේ! ලෝක ආධාර දෙන්නේ මහ ජනතාවට. අහක ඉන්න අය ඒ අයගේ නම දාන්නේ ඒ අයගේ පෞද්ගලික වියදමෙන් හදපුවද? වහාම මේ සෙල්ලම නතර කරන්න. (නි)
තාත්තලාගේ පුතාලගේ වෙනස....! පියතුමන් පෑ විකුම් ...දෙරණේ.... එපා......ඉඩ දෙන්න වනසන්න... පුතුනේ.... (නි)
මාධ්‍යයට කතා කරන්නෙත් සරදම් විදියට. හැමෝම ඕවට කැමති නැතුව ඇති කියලාවත් හිතන්නේ නැහැනේ. (නි)
විදුර මන්ත්‍රී තුමාට අපේ ප්‍රණාමය. (ර)
හැබැයි මේ පක්ෂයේ හුඟක් අයට තියෙන්නේ තමන්ගේ නම දාගන්න එක මිසක් රටට ජනතාවට වැඩක් කරන්න නෙමෙයි කියන එක නම් පැහැදිලියි . (ර)
පසුගිය මැතිවරණ සමයේ කියපු දේවල් දැන් මතක නැහැනේ (නි)
විදුර නිවැරදි දේ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා නොදෙන යෝධයෙකි අපේ ප්‍රණාමය ඔබටයි. (ර)
තව ටික දවසකින් මොන මොන දේවල් වෙයිද කියලා හිතා ගන්න බෑ.(හේ)
හීනෙන් නැගිටලා වගේ. මීළඟ ඡන්දෙන් මෙයා පරදී කියලා බොරු ෂෝ දානවා. කරපු දෙයකුත් නැහැ හොරණට. (ම)
මේ අයගේ සල්ලි වලින් හදපුවද මේ බලෙන් ඇතුල් වෙන්න. ජනතාවගේ දේපොළ වලට අයිතිය කියන්න තරම් (ම)
ප්‍රශෟන අඩුකරනවා වෙනුවට වැඩිකරන එක තමයි මෙයා කරන්නේ (ම)
විශිෂ්ටයි! මම ඔබට හිස නමා ආචාර කරමි (නි)
චතුර.....චතුර......කෝ මේ චතුර සේනාරත්න .....? අර අපේ චණ්ඩියා? (නි)
නියමයි රාජිතව කලුතරින් යවන්න පුලුවන් ! ඔබ තුමාට අපේ ගෞරවය (ම)
පක්ෂයක් නැති මුදලට වරින් වර පිල් මාරු කරන වාචාල දේශපාලනඥයින් දේශපාලන භූමියෙන්ම අතු ගා දැමිය යුතුයි. (ර)
කොහොම හරි දඟලලා අර රාජපක්ෂ රෙජීමය නැවත පත් කරගනිමු. එතකොට පුළුවන්නේ ලීටරය රුපියල් 200 ට පැට්‍රොල් ගහන්න. දලදා මලිගාව වට කරගෙන කුමාරවරු පදින ලැම්බෝගිනි රේස් බලන්න යන්න, රාජිතලගේ අඩු පාඩුකම් ඇත නමුත් රාජිතල, පාටලී, රතන හිමි, ශෝබිත හිමි, අනුර කුමාර වැනි අය එකතුවෙලා ඇතිකරපු රැල්ල නිසා අපි අද රාජපක්ෂ රෙජීමයෙන් නිදහස්ව ජිවත් වෙමු. අපිට දැන් තත්වය හොඳයි. විදුරට ඕන නම් ඕනෙම නමක් ගහගන්න (නදී)
ප්‍රභාත් බලය තිබෙන වෙලාවේ නැතිවූ නුවන බලය නැති උන විට ලැබීම පුදුමයි. ඕනේ බෝර්ඩ් එකක නම ගහගන්න , නමුත් රාජපක්ෂ රෙජීමය සහ ඒ අයට කඩේ යන මිනිස්සු ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත (නදී)