ප්‍රභූවරුන්ට අදුරු වීදුරු සහිත රථ වාහන ධාවන කිරීමට අවසර ඇත්තේ පොලිස්පතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ නිර්දේශ මත මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගෙන් අවසර ලබාගත් වහන වලට පමණක් බව රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ සඳහා විශේෂ අවසර ලබා දෙන්නේ ආරක්ෂක හේතුන් සහිත පුද්ගලයන්ට සහ හිරු එළියට නිරාවරණය වීමට නොහැකි රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින්ට පමණක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිතුමනි, අපේ රටේ අපරාධ වලට ප්‍රධාන හේතුවක් මෙය නම් නීතිය ගෙනාවට කමක් නැහැ. කරුණාකරලා පහුගිය වසර වල මෙමඟින් කළ අපරාධ පිළිබඳ සොයා බලන්න. ඒ අනුව නීතිය අවශ්‍යද කියලා තීරණය කරන්න. මගේ අදහස නම් එවැනි අපරාධ නැති තරම්. අනෙක වාහනයේ අංකය තම වඩා වැදගත් වෙන්නේ. නිකරුනේ වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව වගේම මගීන්ගේ සැප පහසුවට බලපාන මෙවැනි නීති ගෙනාවොත් නායකයන්ගේ අකාර්යක්ෂමබව මොනවට පැහැදිලි වෙනවා. (නි)
මට පොඩ්ඩක් පැහැදිලි කරනවාද අර ඇස්දෙක විතරක් පෙනෙන්න පාරේ යන අයව අඳුනගන්න පුලුවන්ද කියලා. එහෙම කෙනෙක් ඔය වාහනයක ඉස්සරහා ගියොත් පොලිස්පතිතුමා කියනවද එයාලව අඳුනගන්න ක්‍රමවේදය... තාර්කිකව කතා කරන්න බැරි නම් ඔය නීති වැඩක් නැහැ. නිවටයෙක් වෙන්න එපා. හැමෝටම එක නීතියක් ප්‍රකාශ කරන්න බැරිනම් වැඩක් තියෙනවද? (නි)
මෙම නීතියට මම සමපූර්ණයෙන්ම එකඟයි. සමහරු වාහනයක් ගත්ත ගමන් කරන්නෙ වීදුරු අඳුරු කිරීම. එ්කෙන් සමහරු බලාපොරොත්තු වෙන්නේ බොරු මහන්තත්වයක්. (නි)
ඒ වගේම වාහන වල ආගම ගහගෙන යන එකත් තහනම් කරන්න ඕනෑ. බුද්ධාගම ප්‍රදර්ශනය කරන්නෙ නියම බුදුදහම දන්නෙ නැති අය. බුදුන්ට බැහැ අනතුරු වළකන්න. තම ආගම ප්‍රදර්ශනය කරන ජාතියක් වෙන ලෝකෙ නැතුව ඇති. (නි)
කාර්වල දොස්තර ලාංඡනය රොහලෙන් එනකොට ගලවන්න නියම කරන්න. මොකද දොස්තර මහත්වරු ඒකෙන් අයුතු වරප්‍රසාද සමාජයෙන් බලාපොරොත්තු වෙනවා (නි)
තද අව් රශ්මියට යම්තම් අඳුරු කොළයකින් පහසුවක් තියනවා. රියදුරු නොපෙනෙන වාහන පමණක් අල්ලන්න අනතුරු වැළැක්වීමට පොලිසිය මීට පෙර කළයුතු දේවල් ගොඩක් තියනවා. (නි)
අනේ මේ ප්‍රභූවරුන්ට කියන කතාව නවත් වන්න. අප රටේ ප්‍රභූවරුන් කියලා කොටසක් නැත. අපට කව්රුත් එකයි. ප්‍රභූවරුන් කියන්නේ සිතින් මවාගන්නා මිනිස් කොට්ඨාශයකි. අපිට කව්ද බය අපි කාටද බය. ජනාදිපති අගමැති නාමිකව කෙටිකාලීනව රජයට ප්රභූවරු විය හැක. නමුත් මිනිසුන් කතා කරන්නේ නම කියාය. (නි)
රෝගය නිසිපරිදි හඳුනානොගෙන බෙහෙත් දෙනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ. මොනවා වුණත් තැලෙන්නේ පොඩි මිනිහා විතරයි. (නි)
ප්‍රභූන් කියන්නේ කවුද කියන්නකෝ. අපිට වඩා වෙනස් අයද? (නි)
පොලිසිය කියන දේවල් හැම වෙලාවටම ගැළපෙන්නෙ නැහැ (නි)
මට පොඩ්ඩක් පැහැදිලි කරනවාද අර ඇස්දෙක විතරක් පෙනෙන්න පාරේ යන අයව අඳුනගන්න පුලුවන්ද කියලා. එහෙම කෙනෙක් ඔය වාහනයක ඉස්සරහා ගියොත් පොලිස්පතිතුමා කියනවද එයාලව අඳුනගන්න ක්‍රමවේදය... ? (නි)
පුද්ගලික වාහන පාවිචිචි කරන අයට තමයි මෙය වැදගත් වන්නේ. සෙනෙවිරත්න වගේ අයට නොවෙයි (නි)
ලංකාවේ ප්‍රභූවරුන් ඉන්නවද? ලංකාවේ ඉන්නේ ණයකාරයෝ. (නි)
ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවත් හමුවීමට නොහැකි අපට ආරක්ෂක ලේකම් හෝ පොලිස්පතිතුමාගෙන් අවසර ගන්නේ කොහොමද මේ වැඩේට...... (නි)
නීතියක් නම් කාටත් පොදු වෙන්න ඕනෑ. මීටවඩා දේවල් තියනවා අනතුරු අඩු කරන්න (නි)
අපි බලමුකෝ මේ කියන ඒවා කරන හැටි (නි)
මේක කිසිම තර්කානුකූලබවක් නැති නීතියක්. ලංකාව මේ වගේ දේවල් වලට හරි ජනප්‍රියයි (නි)
රටේ යුධමය වාතාවරණයක් නොමැති වර්තමානයේ වීදුරු අඳුරු කරන්න ප්‍රභූවරුන්ට පමණක් ඉඩ දෙනවා කියන්නේ ලංකාවේ ප්රභූන්ට එක නීතියකුත් අවශේෂ ජනයාට තවත් නීතියකුත් තියනවා කියන එක නේද? මෙහෙම යනකොට අපේ රට තුන්වන ලෝකෙනුත් පහළට වැටුනාට පුදුම වෙන්න දෙයක් නැහැ (නි)