පසුගිය දා පැවැති වෛද්‍ය වැඩ වර්ජනයට මුල අනවබෝධය බවත්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නොදැනුවත්කම නිසා රෝගීන් දහස් ගණනක් අසරණ කරමින් වැඩ වර්ජන කිරීම අපරාධයක් බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

කලින් වර්ජනය කර පසුව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති පුරුදුවී සිටින බව ද, එය වරදක් බව ද ඇමැතිවරයා කීවේය.

‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළේ කිසිම තේරුමක් නැති වැඩ වර්ජනයක්. ඔවුන්ට රජය පාලනය කරන්න බැහැ.‘ යැයි ද සේනාරත්න මහතා සඳහන් කළේය.