රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා වෙනුවට මාධ්‍යවේදියා අපහසුතාවට පත් වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර මහතා විසින් නිකුත් කැරුණු නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2016 ජනවාරි 22 වැනි දා සිකුරාදා කොළඹ දී පැවැත්විණි. ඒ සඳහා මාධ්‍යවේදීහු රැසක් සහභාගී වූහ.
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධ බව කියමින් වෙබ් අඩවි කිහිපයක නම පළ වූ වෛද්‍යවරුන් ගැන එම මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
වකුගඩු ජාවාරමට සම්බන්ධ යැයි මාධ්‍යවල පළ වූ එක්තරා වෛද්‍යවරයකු ගැන ඩබ්ලිව් ඩී ධනංජය මාධ්‍යවේදියා විමසද්දී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේ කොළ කැබැල්ලක ඔහුගේ නම ලියා තමන්ට ලබා දෙන්නේ නම් ඔහු තම සංගමයේ සාමාජිකයකුදැයි විනාඩි දහයත් ඇතුළත දැනුම් දිය හැකි බවයි.
වෛද්‍යවරයාගේ ඉල්ලීම අනුව එම නම ලියා දුන් පසු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍යවේදියා අපහසුතාවට පත් වන අයුරින් කටයුතු කරනු දක්නට ලැබිණි. මාධ්‍යවේදියා හෑල්ලුවට ලක් වන ආකාරයෙන් වෛද්‍යවරයා කටයුතු කරනු දක්නට ලැබිණි.
මාධ්‍ය සාකච්ඡාවල දී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවල පිළිතුරු දීමේ නොහැකියාව වසා ගැනීමට මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක් කිරීම අපි තරයේ හෙළා දකිමු.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා සියලු ක්‍රියාමාර්ග ජනතාව අතරට යන්නේ ජනමාධ්‍යවේදීන් නිසාය. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක්කිරීම සම්බන්ධයෙන් හා මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටියි. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
(කොන්) දොස්තර කෙනෙක් වගේ (බ)
මේ වගේ හොරු ද උද්ඝෝෂණ කරන්නේ මරු ලෙඩ්ඩුන්ට දෙයියන්ගේම පිහිටයි.. මේ මහත්හොරු උද්ඝෝෂන කරනවාලු නේද හෙට අර සයිටම් එකේ අහිංසක දරුවන්ට විරුද්ධව .මරේ මරු වැඩ කරන්නේ... වෛදවරු කියන්නේ දෙවිවරු කියලා එ්ත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉන්න හොරුන්ට මොකක්ද කියනනේ ? (බ)
රෝහලට ඇතුළු වුණේ ලෙඩෙක් වෛද්‍යවරයාට අදාල නැහැ ලෙඩා ...අමෙරිකාවේද ..බලුකිස්තානයෙද කියන එක ප්‍රතිකාර කළේ ඉන්දියානු ලෙඩෙකුට . වකුගඩුව දුන්නේ ඉන්දියානුවෙක් . සල්ලි ගත්තේ ඉන්දියානුවෙක් වෛද්‍යවරයාට සහ රෝහලට අදාළ නැහැ ජාවාරම් පිළිබඳව වෛද්‍යය සංගමයේ සභාපති සහ රාජිත ඇරගත්තට කමක් නැහැ ලංකාව සවුත්තු කරන්න එපා (බ)
අපේ මාධ්‍යවේදීන්ට ජයවේවා! (නි)
මොකක්ද මේ මාධ්‍ය හමුව පවත්වා තිබෙන විදිහ? ඇයි මාධ්‍යවේදී මහතාට පිළිවෙලකට ඉඳගෙන මේකට සහභාගි වෙන්න දීලා නැත්තේ? කිසිම රස්සාවක් තව එකකට දෙවෙනි නැහැ. ඔහුට ඔහුගේ තැන ලබාදීලා නැහැ. ඔහුව අපහසුවට පත්කරනවා. අඩුමගානේ අර දොස්තර එයාගේ මූහුණවත් නොබලයි කතාකරන්නේ. අප්‍රසන්නයි (නි)
දී කිරට බළල්ලුත් සාක්කිලු චන්දන (නි)
දොස්තරලගේ ලොකුකම් ඔක්කොම ශ්‍රී ලංකාවේ පමණයි. පිටරට වලදී එයාලත් ඒ රටවල දොස්තරලා ගානට වැටෙනවා. පිටරටවල දොස්තරලට විශේෂ සැළකීලි නැහැ. (නි)
හැබැයි මේ සාකච්චාවේ හැටියට නම් දොස්තර මහත්මය කිසිම වැරදි දෙයක් කියන්නේ නැහැ... (ර)
වෛද්‍ය සංගමයේ මාධ්‍ය සාකච්ඡා වර්ජනය කල යුතුයි. (ර)
මග හරින බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. (ර)
වෛද්‍යවරයාගේ කිසිම වැරද්දක් අපි නම් දැක්කේ නැහැ. අහන දේට උත්තර දුන්න විතරනේ.. (ර)
මෙයට සම්බන්ද වුවන්ගේ නම් ගම් සහ රෝහල් ගැන ලෝකෙටම ප්‍රසිද්ද වී අවසානයි .මොවුන් සිතාගෙන ඉන්නේ තමන් උගතුන් පිරිසක් මිනිස්සු රටේ තොටේ වෙන දේවල් දන්නේ නැති පිරිසක් කියාය. (ර)
සෑම පිළිකුල දන්වන හැසිරීම්කම වැරදි දේවල් කියවෙන්නෙ නෑ, (ර)
ගෞරවයෙන් හිස උදුම්මාගෙන සියල්ල දත් පණ්ඩිතයන් සේ හැසිරෙන මුදල් දුටු කළ පමණක් ප්‍රිය වචන කතා කරන වෙයිද්‍ය වරු සිටින රටේ දෙවිවරු වන් වෙයිද්‍ය වරුන් ද අතලොස්සක් සිටින බව හැමෝම දන්නා කරුණක්. වකුගඩු ජාවාරමට සම්බන්ද දොස්තරලාට නීතියෙන් දැඩි දඬුවම් ලැබිය යුතුයි.(හේ)
කිසිම වැරදි දෙයක් කියන්නේ නැහැ... (හේ)
මේ වෛද්‍ය තුමාගේ කිසිම වරදක් අපිට නම් පෙන්නී නැහැ. මේක රජයේ වෛද්‍ය වරුන්ට ගහන්න හදන සැලැස්මක් (හේ)
වෛද්‍යවරයාගේ කිසිම වැරද්දක් අපි නම් දැක්කේ නැහැ, මාධ්‍යවේදියාගේ ෂෝ නම් දැක්කා (බ)
මෙකී දොස්තරලා ලංගමයේ කොන්දොස්තරලා ලෙස පත්කරන්න ඕනා (බ)