නේපාලයේ භූමිකම්පාවෙන් තුවාල සිදුවූවන්ට සහන සැලැසීමට ගිය ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායම් සමඟ එක් වන්නැයි නේපාලයේ අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ගෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ඉල්ලයි.
ලාංකික සිසුන් 120 දෙනෙක් පමණ නේපාලයේ මනිපාල් වෛද්‍ය විද්‍යාලයයේ උගනිති.
වැඩි විස්තර නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ලබා ගත හැකි බව අගමැති කාර්යාලය පවසයි.මේ අතර සිදු වු අපදාවන් සමඟ මේ වන විට නේපාලයට වැඩි වශයෙන් වෛද්‍ය අංශයේ සහන සේවා අවශ්‍ය වී ඇති හෙයින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැති වෛද්‍යවරුන් හෙද හෙදියන් හා සහායකයින් සිටි නම් දුරකථන අංක 071-2492484 මඟින් අගමැති කාර්යාලයයේ සහාකාර ලේකම් රුවන් ගුණවර්ධන මහතා ඇමැතීමෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට ලිපියක් එවිමෙන් ඒ සත් කාර්යයට දායක විය හැකි බව අගමැති කාර්යාලය කියා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් ජන නායකයන්ගේ අනාගත සැලසුම් , මෙවන් නායකයන් ජාතියට මහත් වාසනාවක් ! නේපාල ජනතාවට ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් ශෝකය ! (බ)
සුජීව පුතේ හොඳ අදහස් දමපන් (බ)