ත්‍රිවිධ හමුදාව හා පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් භූමියේ ආරක්ෂාව සඳහා බැඳී සිටින්නාක් මෙන් වෛද්‍යවරුන්ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම උදෙසා බැඳී සිටින බවත්, ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ටද වැඩ වර්ජන සුදුසු නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
ගැටළු විසඳාගැනීම සාකච්ඡා මාර්ගයෙන් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් වත්මන් රජය ඉතා සංවේදීව කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. එරාන් වික්‍රමරත්න මහතා එලෙස කීවේ අද (15 වැනිදා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
“වෛද්‍ය වෘත්තියේදී ස්වයං පාලනය තිබිය යුතුමයි. වෛද්‍යවරුන් තුළම ස්වයං පාලන ඇති කර ගතයුතුයි“
“වෛද්‍යවරුන් වනවිට ඔවුන් දිවුරුමක් දෙනවා. වෛද්‍ය වෘත්තිය අපි සලකන්නේ අනිකුත් වෘත්තීන්ට වඩා ඉහලින්. ඒමොකද අපි විශ්වාස කරනවා වෛද්‍යවරුන් වැඩ කරන්නේ ආර්ථික ප්‍රතිලාභවලට පමණක් නොවේය කියා. ඒ නිසා ස්වයං පාලනයක් තිබියයුතුයි“
“වෛද්‍ය අංශයේ සැපයුම අඩුයි. රජයේ රෝහලකට ගියත් ඒ සේවය ලබාගන්න පැය දෙක තුනක් ඉන්න වෙනවා.“
“වෛද්‍යවරුන් බොහොමයක් මේරටේ ඉන්නවා කියලා වෛද්‍යවරුන් කියනවා. නමුත් රෝගීන්ගේ පැත්තෙන් බැලුවොත් රෝගියා සැහීමකට පත්වෙන්නේ නැහැ. මෙයට විසඳුමක් ලෙස සැපයුම වැඩි කළොත් දීර්ඝ කාලීනව මේ ප්‍රශ්න මීට වඩා අඩුවෙනවා.“ යයි කී ඉරාන් වික්‍රමරත්න මහතා...
“රජයේ නොවන පෞද්ගලික අංශයේ වෛද්‍ය පීඨ ඇතිවුනාහම විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ටත් වෛද්‍ය වෘත්තිකයන්ටත් නැවතත් මෙරටට පැමිණීමට පෙළඹවීමක් ඇතිවේවි. සමහර අය රාජ්‍ය ආංශය තෝරාගනිවි. නමුත් සමහර අය රාජ්‍ය නොවන අංශය තෝරාගන්න කැමතියි. ලෝකයේ වැදගත්ම වෛද්‍ය විද්‍යාල පාලනය කරන්නේ රජය නොවෙයි.‘‘ යයිද පැවසීය.
- 044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම වෛද්‍ය සභාවට බෝම්බ ගැසීම ගැන ඇමතිවරු මොකද කියන්නෙ?
දේශපාලකයන් මහජන මුදල් ගත්තාට කමක් නැද්ද? රටට ජනයාට අහිතකර තීරණ ගන්න රජයට විරුද්ධ වීම සියලු පුරවැසියන්ගේ වගකීමක්. එයට වෘත්තීය අදාල නෑ. අද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල... හෙට සියලු රජයේ රෝහල් පෞද්ගලික රෝහල් වනු ඇත. එදාට අශ්වයා ගියපසු ඉස්තාලය වසා වැඩක් නැතිවනු ඇති. මෙම කරුණු සමාන්‍ය ජනයා වටහා ගෙන නැත. නමුත් උගතුන් බුද්ධිමතුන් වටහාගෙන ඇත.
විකාර කියන්නෙ ඇයි? නීති හදන්නකො වෙදදුරන්ට වර්ජන තහනම් කියලා...
ඔබතුමාලාට විතරයි සල්ලි වලින් හැමදේම කරන්න ඕන වෙන්නේ. අනිත් මිනිස්සු නිකන් ඉන්න ඕනේ .. එහෙමයි..
ඇත්ත ඇත්ත. ඒ වැඩේ සුදුසු නැහැ. එයාලට තීරුබදු රහිත වාහනත් දීල තියෙනවනේ?
වෛද්‍යවරුන්ට ඇඟිල්ල දිගු කරන්න කලින් කියන්න ඇමතිල බැඳිල ඉන්න ජනතා සේවය වෙනුවෙන් මෙතෙක් කරල තියෙන දේ. රජයත් ඇම්බැට්ටයොත් ඉතා සංවේදීව කටයුතු කරන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ සල්ලි කුට්ටියට බව බුද්ධිමත් මිනිස්සු වටහාගෙන තියෙන නිසයි වර්ජන වලට යන්නේ.
උගත් බුද්ධිමත් මිනිස්සුන්ගේ ස්වයං විනය ගැන කතා කරන්න ඔබලා කව්ද. ජනතා ඡන්දෙන් පත් වෙලා ජනතාවගේ සුභ සිද්දිය වෙනුවෙන් සැලසුමක් ඇතුව වැඩ නොකර බුද්ධිමතුන් හෙලා දකිමින් කටයුතු කර ඔවුන් රටින් පැන්නුවෙ කව්ද? ඔය කෙහෙම්මල් සයිටමය නිසා ඉන්න විශේෂඥ වෛද්‍යවරුත් රටින් පිට වුනොත් ඔබ වැනි මුදලට කහින්නන් එයට වග කිව යුතුය.
වැදි බණ කියන්නේ මෙව්වට තමයි !
දේශපාලක ඔයාලට ප්‍රශ්නයක් නැහැ .මාධ්‍යකාරයෝ අල්ලාගෙන ලොකු වචන ටිකක් කියල ඉන්න තියෙන්නේ.වැඩ කරන අනිත් මිනිස්සුන්ට තමා ඇත්ත ප්‍රශ්න තියෙන්නේ.ඔයාලට 100% duty free වාහනද , සල්ලිද , අර ගෙවීම් , මේ ගෙවීම් කියක් නම් ජාති හම්බවෙනවද. ඔයාලට බයිලා පාරක් ගහලා මිනිස්සු ටික අවුස්සලා ඉන්න තියෙන්න. මොකද රටට වැදගත් තීන්දු තීරණ ගත්තද ඒවා මොනවද කියන්න. ඔබතුමත් මුලින් නම් ලොකු කතා කිව්වට දැන් නියම දේශපාලනය කරන්නේ. වෘත්තීය සමිති ඒ ක්‍රියාමාර්ග ගන්නේ නිකන් නෙමේ හේතු ඇතුව, ඒ නිසා මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතුව ප්‍රතිපත්තිමය තීරණ ගන්න රට වෙනුවෙන්.. ඕගොල්ලෝ වෙනුවෙන් නෙමේ...
ඔබ හරි.
එතකොට මහජනතාව බදු බරින් නට්ට්න් වෙලා ඉන්න වෙලාවෙ ඒ බදු සල්ලි වලින් ඇමති වරුන්ට බදු රහිත සැප වාහන ආනයනය කිරීම සුදුසුද ?