මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අද (2) කොළඹ දී පැවැති උද්ඝෝෂණයේ දී වෛද්‍ය සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පැමක් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිකුරාදා (3) සංකේත වැඩ වර්ජනයක් කිරීමට නියමිතය.
ඒ අනුව පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා සිය රාජකාරිවලින් ඉවත්වීමට වෛද්‍යවරු තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාට මරණය පොහොසතාට පුද්ගලික රෝහල , මෙන්න අපේ වෛද්‍ය සංගමයේ තියරි එක (මාෆියාවේ) ප්රබාකරනුත් මැරුවේ බොහෝ විට කටුමැටි ගෙවල් වල ඉන්න දුප්පත් මිනිස්සු (බ)
තමන්ගේ කුහක අරමුණු වෙනුවෙන් අහිංසක ජනතාව ඇපයට ගන්නා අයට විරුද්ධව ජනතාව ප්‍රතිචාර දක්වන කාලය වැඩි ඈතක නැහැ . (බ)
ජයවේවා!!! (නි)
නඩු තීන්දුවට අහිංසක මිනිස්සු පළිද? (නි)
පාරවල් අවහිර කරමින් චණ්ඩියෝ වගේ හැසිරෙනකොට පොලිසියට බකන්නිලාගෙන බලා ඉන්නද කියන්නේ (නි)
එයාලට තිබෙන එකම විසඳුම ඒකනේ ඉතින් (නි)
මේ ගැටලුව නිර්මාණය කළ වගකිවයුත්තන් පසෙක තබා දැන් ඉතින් ලෙඩුන් ප්‍රාණ ඇපයට ගන්නේයැයි ඔබ වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කරාවි. ගැටලුව විසඳෙන්නේ ඔබේ විවේචනය හරි තැනට එල්ලවූවොත් පමණි. (නි)
මෙම සංවිධානයේ අය සේවය අතහැර ගියා සේ සළකා ත්‍රිවිධ හමුදාවේ දොස්තරලා රෝහල් වලට අන්යුක්ත කළයුතුයි (නි)
ගොන්කමට දොස්තර මාෆියාව වෙනුවෙන් උඩුබුරන අයගේ මොළේ පැදෙන්න හොඳ අවස්තාවක්. රෝගීන්ට තිබෙන අසීමිත කරුණාව වෙනුවෙන් තව ස්ට්‍රයික් කරන්න. (බ)
මේක වැරදි ක්‍රියාවක්. හරියට දෙමාපියන්ගෙන් යමක් ගන්න දරුවන්ට ගහනවා වගේ. මෙවැනි කැත වැඩ වැදගත් වෘත්තීන්ට නොගැළපේ. (නි)
පණ්ඩිතයනි, ඔබලා දන්නෙ නැද්ද ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් තියන ලොකුම අවිය තමා වර්ජනය කිරීම. ඔහේලා කියන්නේ එහෙම නැතුව තුවක්කු අරගෙන සටනට බහින්න කියලද? නැත්තම් අාණ්ඩුව කරන හැමදේටම එහෙයි කියලා නිවට ඔහේලා වගේ අැස් පියාගෙන ඉන්න කියලද? (නි)
ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව. සයිටම් ළමයි ඉංග්‍රීසි හොඳට දන්නවා. සුදුසුකම් ගත්තම දොස්තර වැඩේට අනිත් අයට වඩා හොඳටම සුදුසුයි. (නි)
හොඳක් නම් වෙන්න එපා මේ කරන වැඩ වලට (නි)
එයාලට ඉතින් වෙන කරන්න දෙයකුත් නැහැනේ (නි)
ඔව් ඊර්ෂ්‍යායි තමා. දේශපාලකයන්ගෙයි, කෝටිපතියන්ගෙයි සමාජශාල වල දිවි ගෙවන දරුවන් උසස්පෙළට කොහොමහරි එස් 3ක් දාගෙන ලක්ෂ 120 දීලා දොස්තර වෙනකොට 80% ක් වෙන රටේ දුප්පත්, පාසලටත් බොහොම අමාරුවෙන් යන සැබෑ දක්ෂ දරුවන් ඊර්ෂ්‍යායි තමා. සල්ලි වලට මිලදී ගන්නෙ ඔවුන්ගෙ අවස්ථා සහ රැකියා ටික. (නි)
මේවා තමයි සටන් පාඨ! "චැනල්වලට අත නොතබවු!, චැනල් ආදායමට බදු අය නොකරවු!" (නි)
අද චැනල් යන අයට ගල් ගහන්නයි වටින්නේ (නි)
අපේ රටේ ලොකු එකාගෙ ඉඳලා පොඩි එකා දක්වා මුල අමතක වෙනවා මහා පුදුමාකාර විදියට. තම දෙමාපියන් අනේකවිධ දුක් විඳලා මොවුන් කැම්පස් එවන්නෙ. ඇවිල්ලා මාස 3 යන්න කලින් පෙලපාලි, ස්ට්‍රයික්. ඉගෙනගන්න වෙලාවක් නැහැ. මේ වෙලාවෙ දොස්තරලා ඔවුන්ට සහයෝගය දෙන්න කියල ස්ට්‍රයික්. මේ අහිංසක ලෙඩ්ඩු ටිකෙන් පළිගන්න යන්නෙ දොස්තරලා. (නි)
කෝ සයිටම් ගැන තියන කැක්කුම, රටේ ලෙඩ්ඩු ගැන නැහැනේ? නමුත් හවසට චැනල් නම් වර්ජනය කරන්නේ නැතිවෙයි. (නි)
සයිටම් එකයි සාමාන්‍ය ජනතාවයි අතර තියෙන සම්බන්ධය මොකද්ද නෝනාවරුනි මහත්තුරුනි... (නි)
මේ කට්ටිය උදේ රාජකාරිවලින් ඉවත්වුණාට හවසට පුද්ගලික තැන් වල බෙහෙත් දෙන්න යනවා. මේ මිනිස්සු හැමදාම කළේ අහිංසක මිනිස්සු ඇපයට තියාගන්න එක. (නි)
අප රටේ අතිමහත් ජනතාවක් බිළිදී තම සුකවිහරණය වෙනුවෙන් සටන්කරන අවස්ථාවාදී දෙකොටසකී ඒ සුව සේවාවේ ඉහළ කොටස් හා පුද්ගලීක බස් ධාවකයන්ය මොවුන් හොදින් දන්නවා මහජතාව පීඩාවට පත්වන තරමට ඔවුන්ගේ මල්ල පිරෙන බව. (ම)
දැන්ම මේවා නතර කර නොගත්තොත් ඉදිරියට තව තව ඒවා ඇරේවි (නි)
හෙට හවසට චැනලින් එකට යනවද බලමු (නි)
මේ වෛද්‍ය සංගමෙන් මුළු වෛද්‍ය සංහතියම බේරාගැනීමට කාලය එළඹ ඇත. ඒ සඳහා වෛද්‍යවරුම එකතු වී මේ සංගමය පළවාහැරිය යුතුය (නි)
අනේ මන්දා! අපේ රටේ බොහොමයක් දොස්තරලට සහ දොස්තරලා වෙන්න යන අයට මේ අධිමානය නම් වූ අසනීපෙට බෙහෙත් ගන්න වෙයි (නි)
අල්ලපු වත්තේ පොල්ගෙඩියක් වැටුනත් බැටකන්නේ මේ අහිංසක ලෙඩ්ඩු තමයි. (නි)
චැනලුත් නැද්ද? (නි)
එදා වේල කන්න නැති අයත් දොස්තරලා වුණාම තමා මේ කරදරේ. ඔවුන් එදා වේල හොයන්න, ඉහළ පැලැන්තියට යන්න හදන්නේ වෙද නලාවෙන්!!! (නි)
රෝගීන් සුවපත් කිරීමට පළමුව රෝගීන් වෙනුවෙන් සටන්වැදිය යුතුයි (නි)
අර ළමයි පාරට බැහැලා. මෙහේ ඔයගොල්ලො වැදගත් විදියට වර්ජනය කරනවා. හෙට යන්නකො පාරට නාලාම එන්න පුලුවන්. (නි)
මොවුන් කොහොමත් දිනපතාම පැය කීපයක් රාජකාරි වලින් ඉවත්වෙලා චැනල් සේවාවේ නිරතවෙන බව මේ රටේ අය දන්නවා. එ්ත් අපිට මොවුන්ට බලපෑමක් කරන්න බැහැ. අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම සේවය විකුණන එක රහසක් නෙමේ. (නි)
මොන අාණ්ඩුව වැරදි කළත් දොස්තරලා පළිගන්නෙ රජයේ රෝහල් වලින් බෙහෙත්ගන්න එන අහිංසක ලෙඩ්ඩුන්ගෙන්. අපි සයිටම් ඕනෑ කිව්වෙත් නැහැ එපා කිවුවෙත් නැහැ. හැබැයි එකක් කියනවා. උසාවි නියෝගය අභියෝගයට ලක්කරමින් මෙදා පාර ස්ට්‍රයික් කළොත් මහජනතාව හැමදාමත් වගේ නිවට විදියට ඉවසයි කියලා හිතන්න එපා. (නි)