සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳහා සතියකින් පසු අඛණ්ඩ වෛද්‍ය වැඩවර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහිවීමට ඉඩ දෙමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා සයිටම් හිතවාදී ප්රතිපත්තියකින් කටයුතු කරන හෙයින් ඊට විරෝධය දක්වා එම වැඩවර්ජනය සිදුකරන බවත් වෛද්‍ය සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා අද (2) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය පිළිබඳව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකොට කළ වරද නිවැරදි කරගැනීමට සතියක කාලයක් ලබාදෙන බවද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් සේවයෙන් ඉවත්කර ඔවුන්ගේ පුද්ගලික චැනල් සේවයද තහනම් කර ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙනෙන්න. (නි)
සයිටම් ආයතනය පටන්ගත්තේ 2011 දී. එතකොට ඇයි මේ වෛද්‍ය සංගම් විරෝධය නොදැක්වුයේ. අනික සයිටම් එකට දක්වන විරෝධය මුදලට වෛද්‍ය උපාධිය ලබාදෙන කොතලාවල වෛද්‍ය විද්‍යාලයට නොදක්වන්නේ ඇයි. ඒ ආයතනයේත් රෝහලක් නැහැ සිසුන්ට සායනික පුහුණුව ලබාගැනීමට. (නි)
තමන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන් රටේම සෞඛ්‍ය උගසට තියනවා නම් ඒ කාටත් මරණ මොහොහොතේදී හරි විඳවන්න වෙනවා. (හේ)
ලක්සිරි හරියටම හරි (නි)
ඔය අර අඳින්නේ උසාවිය දුන් නියෝගයට විරුද්ධව රිටර්න් එක දෙන්නයි. නීතිය ක්‍රියාත්මක වෙන නිසා, කොලේ යටින් ගහන්න හදන්නේ. මුන්ට ලෙඩ්ඩු බිල්ලට දෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. කුවේට් රජය ටියුෂන් දෙන පාසල් ගුරුවන්ට විරුද්ධව ගත් ක්‍රියා මාර්ග, චැනලින් කරන දොස්තරලටත් දෙන්නෝන. (බ)
වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දෙමවුපියන්ව කල්ප ගානකට දිව්‍ය ලෝකේ යවන්න මහජනතාවගෙන් පින් ගන්න ඕනෑ වෙලා වගේ.(හේ)
මොවුන් මහජනතාවගේ බදු වලින් පිනට ඉගෙනගෙන ජනතාවටම වදදෙන්න හදනවා. මොවුන් කන ඒවා දිරවන එකයි පුදුමේ. සයිටම් මෙහෙ පිළිනොගත්තා වුණත් ජාත්‍යන්තරය පිළිගන්නවා. (නි)
වෛද්‍ය සංගමය ඇතුළේ ප්‍රශ්න ඇති සෑහෙන්න. එහෙම තියාගෙන මේ තරමට කරන එකත් ඇති තමයි. ඒ වුණාට "ගුණාත්මක සෞඛ්‍ය" කිය කියාම ඉන්නෙ නැතුව, ඇත්තටම බරපතල "නිදහස් අධ්‍යාපනයට තියන අනතුර" කියන එක සංගමේ හැටියට කෙළින්ම කියන්න පුලුවන් තීරණයක් ගත්තොත් අනේ වාසනාවන්..... (නි)
වෛද්‍ය සභාවේ නිර්නායකයන් සපිරෙනවානම් සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නීතියෙන් හිමියි. මෙතැන උසාවි නියෝගය කැඩීමක් වෙන්නේ නැහැ. (බ)
සමහර අවස්ථා වලදී ජි එම් ඕ ඒ එක වැරදි වුනත් මෙතැනදී හරි. අහිංසක ලෙඩුන් කොහොමද දන්නේ ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යතුමා/තුමිය හොර උපාධි ගත්ත ගත්ත එක්කෙනෙක් කියල. ප්‍රමිතියක් නැති වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ප්‍රතිකාර ගන්නවාට වැඩිය හොඳ පාරම්පරික වෙද මහතාගෙන් ප්‍රතිකාර ගන්නෙක. මේකට ඉඩදුන්නොත් අනාගත දේසපාලුවෝ ඔක්කොම වෛද්‍යවරු වෙයි. (බ)
නියමයි!! රටේ ජනගහනයත් වැඩි එකේ අවුරුද්දක් විතර එක දිගටම ස්ට්‍රයික් කරපල්ලා. එතකොට උඹලාගේ මාෆියාව වෙනුවෙන් ගොන්කමට කඩේ යන එවුන්ට යථාර්ථය අවබෝධ වෙයි. අනික එතකොට මේ රටේ අසරණ ජනතාවගේ මුදලින් පිනට ඉගෙන ගත්ත එකේ ණය ටික ගෙවා දැමීමේ පිනත් නොමිලේම ලැබෙයි.(බ)
මුන් රජයේ රෝහ්ල්හල් වල වර්ජනය කළාට එදාට චැනල් කඩවල නම් දවස පුරාම වැඩ කරාවී , මුන් හදන්නේ දුප්පත් මිනිහ මරාගෙන කන්න , මුන්ට ගල් ගහන්න ඕනේ වරෙල්ලකෝ උද්ගෝෂණ කරන්න මේද පාර බොලාට ගුටිකන්න වෙන්නේ පොලිසියෙන් නෙමේ පාරේ යන මිනිස්සුන්ගෙන් (බ)
ටෝනි ඔබතුමා මොනවද දන්නේ ? මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට ගන්න හදන එක කරන්නේ ඇමති ඇතුළු සියල්ලි (බ)
ජනතාවගේ මුදලින් ඉගෙන ගත් මේ, ප්‍රමිතියක් ඇති දොස්තරලා කරන කෙරුවවෙන්ම අපිට හිතාගන්න පුළුවන් ප්‍රමිතියේ තරම. උපාධ්ය අරගෙන නලාව කනේ ගහ ගත්තාම පෙනෙන ප්‍රමිතිය හදවතේ නැහැ කියලයි අපට නම් පෙනෙන්නේ. (බ)
මෑන් පවර් අයට දුන්න තිත්ත බේතම හොදයි මේ ලෙඩ්ඩුන්ටත් සියලු රෝග නිවාරණය කරන්න. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. තිත්ත බේත් දෙන්න ඕනේ ලෙඩ හොද වෙන්න. (බ)
අඬන්න ඉන්න මිනිහ, ඇහැට ඇඟිල්ලෙන් ඇන්නයි කිව්වලු..(බ)
අනාගත දරුවන් වෙනුවෙන් වෛද්‍ය සංගමය ගන්න පියවරට ණයගැතියි. (ම)
අනේ, චැනල් කරනවට මේගොල්ලන්ට මුකුත් කියන්න එපා, මේගොල්ලො ඒක කරන්නෙ ලැබෙන පඩිය මදි නිසා, මොකද දුවයි, පුතයි විශාඛා, රෝයල් දාන්නත් එපැයි. (බ)
සමීර, නොදන්න දේවල් කථා කරන්න එපා. ඒක යූජීසි එක යටතේ පාලනය වන රජයේ විශ්ව විද්‍යාලයක් (නි)
වෛද්‍ය මාෆියාව අධිකරණ නියෝග අභියෝගයට ලක්කරනවා නම්, පාලනය කරගන්න ආණ්ඩුවටත් බැරිනම්, අධිකරණ නියෝගය ආරක්ෂා කරගන්න ජනතාව පාරට බැස ගල්මුල් ගෙන මාෆියාවට විරුධව සටන් කළයුතුය (නි)
කළයුත්තේ අඩුපාඩු සකස්කර රජයේ ඒවාට වැඩිය ඉහළ තත්වයක් නිර්මාණය කිරීමයි (නි)
අපේ දොස්තරලා වාතයක් ගියත් දුප්පත් ලෙඩ්ඩු ඇපේට තියලා වර්ජන කරන එකේ මේ වාගෙ වෙලාවක නොකර ඉදියිද (නි)
දුප්පත් අසරණයින් ප්‍රාණ ඇපයට ගන්නා නුඹලා ගැන අපිට ඇත්තේ කළකිරීමකි (නි)
කමල් ගේ අදහසට අපි එකඟයි එය තමයි විය යුත්තේ (බ)
කමල් හරියට හරි අපි ඔබ අගය කරනවා. (බ)
මේ දොස්තර මාෆියාව නැති කරන්නම වෙනවා. බෙහෙත් කඩ ගෙන ඉන්න එක දොස්තරෙක් හරියට අදායම් බදු ගෙවන්නේ නෑ. මේවට විරුද්ධව රජයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, අපි හරි ඉදිරිපත් වෙන්න ඕන. සල්ලි ගන්න චැනල් වලට එන්න දෙන්න එපා මුන්ට, ගහල එලවන්න. (බ)
මේ අය ඉතින් මහජන මුදලින් වැටුප් අරගෙන, රෝගීන්ව බිල්ලට තියලා තමන්ගේ මාෆියාව රැකගන්නට ඕනෑම දෙයක් කරයි. (නි)