රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ හැටන් නැෂල් බැංකුව එක්ව අලුතින් හදුන්වා දෙන නවීන ඉලෙක්ට්‍රෝනික් හැඳුනුම්පත් බෙදාදීමේ උත්සවය රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්විණි.
එහි දී පළමු හැඳුනුම්පත හිටපු නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතාට ලබා දුන්නේය.
නවීකරණය කරන ලද ශ්‍රවනාගාරය, නව වෙබ් අඩවිය, විශ්‍රාමික සත්කාරක පියස සහ නව පුස්තකාලය ද අද විවෘත කැරිණි.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි, හැටන් නැෂනල් බැංකුවේ සාමාන්‍යාධිකාරී ජොනතන් අලස් මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ලබාදෙන මෙම කාඩ්පත හැමෝටම ලැබෙනවාද?කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විතරද දෙන්නේ? නිර්ණායකය කුමක්ද? (නි)
ඔය මොන කාඩ් ගැහුවත් අන්තිමට විශ්‍රාම වැටුප් කාර්යාලවල වැඩකරන අයගේ රැස්පට් එකට විශ්‍රාමිකයෝ යටයි. ඒ නිසා ඉස්සෙල්ලම රාජ්‍ය සේවකයාට පුහුණුවක් දෙන්න මහජනයාට සේවා කාලය ඇතුලතදිවත් ශීලාචාර විදියට කතා කරන විලාශය. (බ)
චුම්බක තීරුව නැතුව චිප් එක භාවිතා කලානම් ගොඩක් වටිනවා. චුම්බක තීරුව කෙටි කලකින් පලුදු වී හෝ විනාශ විය හැක. (ස)
අම්මෝ ඔය ලොකු කාඩ් එක කොහොමද මැෂින් එකකටවත් දාන්නේ ? (බ)
දැන් මේ රටේ සියලු දේ ලැබෙන්නේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් විශ්‍රාමිකයන්ට පමනයි අනිත් අයට හුලන් මොකද ඔවුන් සේවය කරලා තියෙන්නේ අල්ලපු රටට කනගාටු දායක තත්වයක් පාලකයින්ට කියන්නේ සිංගප්පූරුවට ගිහින් බලන්න විශ්‍රාමිකයන්ට සලකන හැටි (දී)
රටකට ඕනෑ මේවා නෙමෙයි. මිනිසුන්ට ජීවත්වෙන්න ගෙයක් හදාගන්න රස්සාවක්. මේවා අපිට ඕනෑ නැහැ (නි)
වැඩේ හොදයි. නවීන ලෝකයට අනුව මෙවැනි දේ වෙනස් විය යුතුයි. (ර)
අපේ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැන්වීම් කොලයක් අලවලා තිබුනා" වෙනත් රාජකාරියකට මෙම කාර්යාලයට පැමිණිවිට එම විශ්‍රාමිකයින් ඡායාරූපයක් ලබාගන්න එන්න කියලා " මොනවටද කියලා තිබුනේ නැහැ. මමත් විශ්‍රාමිකයෙක්. මට විශ්‍රාමික හැඳුනුම්පතක් තිබෙන නිසා මම ගියේ නැහැ. එහෙම ඡායාරූප ගන්න කිවුවට මේ බවක් කියලා තිබුනේ නැහැ. කාටද අනේ, ඉතින් තේරෙන්නේ? (නි)
රජයේ සේවකයෝ විතරද සේවකයෝ.. රට වෙනුවෙන් වැඩ කරේ.. ගොවියෝ, රට ඉඳපු අය කවුද .. (දී)
දැන් ගොවියෝ ටික පාරට බැහැල.. මේ කාර්ඩ් එකම ඉල්ලලා රජයට බලපෑමක් කරන්න ඕනා හොදේ. රට විරුවෝ රටවල් වල ඉදන් ඕව කරන්න එපා (දී)
මෙම හැඳුනුම්පතේ නීත්‍යනුකුල භාවය පිළිබඳව දැනුවත් කිරීමක් කර තිබේද? විශ්‍රාමිකයාගේ හැඳුනුම් පත පෞද්ගලික බැංකුවකට උගස්කරලා වගේ පෙන්නේ? (දී)