IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විද්‍යුත් හැඳුනුම්පතක් එයි

රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ හැටන් නැෂල් බැංකුව එක්ව අලුතින් හදුන්වා දෙන නවීන ඉලෙක්ට්‍රෝනික් හැඳුනුම්පත් බෙදාදීමේ උත්සවය රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්විණි.

එහි දී පළමු හැඳුනුම්පත හිටපු නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතාට ලබා දුන්නේය.

නවීකරණය කරන ලද ශ්‍රවනාගාරය, නව වෙබ් අඩවිය, විශ්‍රාමික සත්කාරක පියස සහ නව පුස්තකාලය ද අද විවෘත කැරිණි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි, හැටන් නැෂනල් බැංකුවේ සාමාන්‍යාධිකාරී ජොනතන් අලස් මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

IMG_8719 IMG_8845 IMG_8865



අදහස් (0)

විද්‍යුත් හැඳුනුම්පතක් එයි

සමන්ති Tuesday, 07 April 2015 09:36 PM

රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ලබාදෙන මෙම කාඩ්පත හැමෝටම ලැබෙනවාද?කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විතරද දෙන්නේ? නිර්ණායකය කුමක්ද? (නි)

:       0       0

ලසිත් Tuesday, 07 April 2015 09:39 AM

ඔය මොන කාඩ් ගැහුවත් අන්තිමට විශ්‍රාම වැටුප් කාර්යාලවල වැඩකරන අයගේ රැස්පට් එකට විශ්‍රාමිකයෝ යටයි. ඒ නිසා ඉස්සෙල්ලම රාජ්‍ය සේවකයාට පුහුණුවක් දෙන්න මහජනයාට සේවා කාලය ඇතුලතදිවත් ශීලාචාර විදියට කතා කරන විලාශය. (බ)

:       0       0

විජයබාහු Tuesday, 07 April 2015 09:48 AM

චුම්බක තීරුව නැතුව චිප් එක භාවිතා කලානම් ගොඩක් වටිනවා. චුම්බක තීරුව කෙටි කලකින් පලුදු වී හෝ විනාශ විය හැක. (ස)

:       0       0

චින්තක Tuesday, 07 April 2015 10:12 AM

අම්මෝ ඔය ලොකු කාඩ් එක කොහොමද මැෂින් එකකටවත් දාන්නේ ? (බ)

:       0       0

ටිරෝන් Tuesday, 07 April 2015 11:25 AM

දැන් මේ රටේ සියලු දේ ලැබෙන්නේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් විශ්‍රාමිකයන්ට පමනයි අනිත් අයට හුලන් මොකද ඔවුන් සේවය කරලා තියෙන්නේ අල්ලපු රටට කනගාටු දායක තත්වයක් පාලකයින්ට කියන්නේ සිංගප්පූරුවට ගිහින් බලන්න විශ්‍රාමිකයන්ට සලකන හැටි (දී)

:       0       0

අමිත Wednesday, 08 April 2015 02:53 AM

රටකට ඕනෑ මේවා නෙමෙයි. මිනිසුන්ට ජීවත්වෙන්න ගෙයක් හදාගන්න රස්සාවක්. මේවා අපිට ඕනෑ නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 07 April 2015 12:39 PM

වැඩේ හොදයි. නවීන ලෝකයට අනුව මෙවැනි දේ වෙනස් විය යුතුයි. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 April 2015 02:57 AM

අපේ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැන්වීම් කොලයක් අලවලා තිබුනා" වෙනත් රාජකාරියකට මෙම කාර්යාලයට පැමිණිවිට‍ එම විශ්‍රාමිකයින් ඡායාරූපයක් ලබාගන්න එන්න කියලා " මොනවටද කියලා තිබුනේ නැහැ. මමත් විශ්‍රාමිකයෙක්. මට විශ්‍රාමික හැඳුනුම්පතක් තිබෙන නිසා මම ගියේ නැහැ. එහෙම ඡායාරූප ගන්න කිවුවට මේ බවක් කියලා තිබුනේ නැහැ. කාටද අනේ, ඉතින් තේරෙන්නේ? (නි)

:       0       0

වීකී Tuesday, 07 April 2015 01:51 PM

රජයේ සේවකයෝ විතරද සේවකයෝ.. රට වෙනුවෙන් වැඩ කරේ.. ගොවියෝ, රට ඉඳපු අය කවුද .. (දී)

:       0       0

වීකී Tuesday, 07 April 2015 01:54 PM

දැන් ගොවියෝ ටික පාරට බැහැල.. මේ කාර්ඩ් එකම ඉල්ලලා රජයට බලපෑමක් කරන්න ඕනා හොදේ. රට විරුවෝ රටවල් වල ඉදන් ඕව කරන්න එපා (දී)

:       0       0

සිරි Tuesday, 07 April 2015 04:03 PM

මෙම හැඳුනුම්පතේ නීත්‍යනුකුල භාවය පිළිබඳව දැනුවත් කිරීමක් කර තිබේද? විශ්‍රාමිකයාගේ හැඳුනුම් පත පෞද්ගලික බැංකුවකට උගස්කරලා වගේ පෙන්නේ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site