විද්යුත් කම්පන ප්‍රතිකාර සඳහා නිර්දේශිත රෝගීන්ට එම ප්‍රතිකාරය රෝහල්ගත වීමකින් තොරව ලබා ගැනීමට හැකි නව ඒකකයක් ආරම්භ කළ බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පැවසීය.

ඒ යටතේ අදාළ රෝගියාට එම ප්‍රතිකාරය ලබාගෙන එදිනම නිවස බලා යාමට හැකිවෙයි.

පෙර පැවති ක්‍රමය වුනේ රෝගියා ඒ සඳහා රෝහල්ගතවී ප්‍රතිකාරය ලබාගැනීමයි. එම නිසා රෝගියාට පමණක් නොව ඥාතීන්ටත් එය ගැටළු රැසක් මතු කරවන්නක් වී තිබුණු බවත් වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.