(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදී තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස්දී ඇත.
මේ අනුව පොලිස්පතිවරයා දුන් උපදෙස් අනුව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් අද (2) පත් කරනු ලැබිය.
කැලණිය පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ මෙම පරීක්ෂණ කණ්ඩායම් දෙක ක්‍රියාත්මක වෙයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයකට අයත් මොටර් රථයක් හා එහි රියදුරු වෛද්‍ය සිසුන් විසින් සිය බාරයට ගෙන රාගම පොලිසියට බාර දෙනු ලැබ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් සොයා පූර්ණ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන අතර ඊට අදාළ පුද්ගල සාක්ෂි,විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි ඔස්සේද පරීක්ෂණ කරනු ලබන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර ගහපු අයට...?
ඔයා ආවාද? කරලියේ වැඩි වැඩක් තිබුණේ නැහැ නොවැ..
ඩෝං ගාලා කැලණිය පැත්තෙත් පුපුරගෙන... අනේ මන්දා කටුවාපිටිය පැත්තෙත් පුපුරගෙන ජාතික ආරක්ෂාව තර කරන්න ආපු අයම මුලු ජාතියේම ඔලු පලනවා දැන්...
ඔය පහරදීමට පැමිණි පිරිස රාජ්‍ය ඇමැති වරයෙකුගේ පමණක්ම නොව කසිප්පු හස්ත කර්මාන්තයක් ලෙස නගා සිටුවීමට යෝජනාකල ඒ පළාතේ ප්‍රබල ඇමැති වරයෙකුගේත් පිරිසක් බවයි සිද්ධිය දැක්ක මිනිස්සු කියලා තියෙන්නේ. පරීක්ෂණ නම් අනිවාර්යයෙන්ම "විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි ඔස්සේ" කෙරෙයි. කියලා වැඩක් නෑ.
අනේ පව් මේ අය...!
දෙපිරිසම වෛද්‍ය සිසුන් කියනවා නේද? ඉතින් රජයේ අනුග්‍රහයෙන් පහර කාපු පිරිසට දෙයියන්ගේම පිහිටයි කියලා හිතෙනවා...
කරයි... ඒකත් බලමුකෝ... ඔබතුමාගේ කට විතරයි කියලා හැමෝම දන්නවා.
දැන් ප්‍රශ්නයක් නෑ. වැඩේ හරියට කෙරෙයි. දන්නවනේ කිව්වොත් කළා.
මෙයා කිව්වා නම් හරියටම කරයි..
අම්මේ දැන් හරියට සැරවෙලානේ අපේ පොලිස් සර්...!