මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කරමින් බදාදා (28) විශ්ව විද්‍යාල හයක වෛද්‍ය පිඨ සිසුන්ගේ පෙළපාලියට පොලිසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළැයි විරෝධය පළ කරමින් අද (29) උද්ඝෝෂණයක් කළහ. එහි සිසු සත්‍යග්‍රහයට අදට දින සියක් සපිරේ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කරමින් බදාදා (28) විශ්ව විද්‍යාල හයක වෛද්‍ය පිඨ සිසුන්ගේ පෙළපාලියට පොලිසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළැයි විරෝධය පළ කරමින් අද (29) උද්ඝෝෂණයක් කළහ. එහි සිසු සත්‍යග්‍රහයට අදට දින සියක් සපිරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ තියන නොදැනුවත් කමට දේශපාලන පක්ෂවල හා වෛද්‍ය සංගම් වල ඉත්තෝ වෙලා ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් සටන් කරන මේ මහා ලොකු සටන් කරුවන්ට පුලුවන්නම්, ඔය චැනල් සෙන්ටර වලින් වෛද්‍යවරයෙකු හමු වෙන්න අයකරන මුදල උපරිමය රුපියල් 500 කරන්න කියලා ජනතාව වෙනුවෙන් සටනක් කරලා පෙන්වන්නකෝ? අනෙකුත් රජයේ සේවකයින් මෙන් වෛද්‍ය වරු රෝහලට පැමිණෙන හා පිටවෙන වෙලාව සටහන් තැබීමේ ක්‍රම වේදය ඇයි රෝහල් තුල ක්‍රියාත්මක නොකරන්නේ? දොස්තර නලාව කනේ ගහ ගත්තාම තමන් කවුද කියන එක අමතක වෙලා තියන දොස්තරලා අපි දැකලා තියන නිසා තමයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා හෝ කමක් නැහැ වෛද්‍යවරු අපේ රටට වැඩිපුර බිහිවේවා කියා අප ප්‍රර්ථනා කරන්නේ. (බ)
ඔය උද්ඝෝෂණයටත් කඳුළු ගෑස් ගැහුවොත් ඒකට තව උද්ඝෝෂණයක් තියාවිද දන්නේ නැහැ නේද? (නි)
ලංකාවේ දැන් උද්ඝෝෂණයක් නැති දවසක් නැහැ වගේනේ. (නි)
මේවා වලට හිනාවෙන්න කට විතරක් මදි. ඒ නිසා මුකුත් නොකිඅ ඉන්නම්.(රේ)
ඔය උද්ගෝසන පටන් ගන්න තිබුනේ පුද්ගලික පාසල් පටන් ගන්නකොට දැන් පුද්ගලික පාසල් වලින් එලියට එන සිසුන්ට වල කපන්න උද්ගෝසන කරලා වැඩක් නැහැ ඕව කරලා හරියන්නේ නැහැ අනිත් සිසුන්ගේ ඉගෙනීමේ අයිතිය තමන්ගේ වාසියට නැති කරන්න කෑ ගහන්න එපා. (ර)
කදුළු ගෑස් ඉවරද... (ර)
භද්‍රානි සහ හේමාගේ අදහස් හරියටම හරි. රජයේ මුදල් වලින් ඉගෙනගෙන දුප්පත් ජනයාගේ මුදල හූරාකන්න ඉන්න අය තමය මේ පුද්ගලික වෛද්‍ය පාසල් වලට අකමැති. තමන්ගේ පාඩුවේ ඉගෙනගන්නේ නැතුව උද්ගෝෂණ මොකටද? තව එකෙක් තැනකට එනවට තියෙන ඊර්ෂ්‍යාව. (නි)
"වෛද්‍යවරු" බිහිවුණේ ඉස්සර. දැන් බිහිවෙන්නේ අසරණ රෝගීන්ගේ ජීවිත පරදුවට තියලා තමන්ගේ බඩගෝස්තරවාදය මුල්කරන "වෛද්‍යහොරු". ඔය සද්ද දාන අයත් හෙට දවසේ එහෙම අය තමයි (නි)
සල්ලි අරගෙන විශ්ව විද්‍යාලේ තියෙන වෛද්‍ය විභාග ටික ඒ විදිහටම තියලා ඒවා සමත්වුණොත් මොකක්ද එ්කේ තියෙන වැරැද්ද? මම බය නැතුව කියනවා වෛද්‍ය වරයෙක් වෙන්න මහා අමාරුවක් නැහැ කියලා. අමාරු ඒ ලෙවල් සමත්කරගන්න. ඒක වාරණ විභාගයක්. එ්කෙන් කරන්නේ ලංකාවේ තියෙන විශ්ව විද්‍යාල පහසුකම් වල හැටියට ළමයි තෝරන එක. (නි)
මේ ඉන්නේ උසස්පෙළ පන්තියේදී තමන්ගේ සටහනක් වත් පන්තියේ ළමයෙකුට බලන්න නොදී උසස් අධ්‍යාපනයට ගිය කුහකයන්. ඉස්සර උගතුන් ලෙස සරසවියෙන් පිට වුනේ රටේ සම්පත් . ඒකට දැන් ඉන්නේ තමන්ගේ උගත්කම ගැන උද්දච්ච වෙලා මදිවාට් අනෙක් කෙනෙක් ඉගෙන ගන්නවාට අකමැති කුහක තරුණ පිරිසක්. (ර)
ඉස්සර බහුතරයක් මව්පියන් දරුවන්ට ඉගැන්වූයේ තමන්ගේ පන්සලක් පොතක් පවා නැති බැරි යාලුවෙකුට දීලා නොදන්නා විෂය කරුණු පවා කියලා දෙන්න කියලා. දැන් වෙන්නේ එකේ අනෙක් පැත්ත . ශිෂ්‍යත්වයේ ඉඳලා අශ්ව රේස් එකේ යවනවා. ඒ අතරේ අර කුහක අම්මලා ඔලුවට දමන්නේ ලොකුම ලොක්කෙක් වෙන්න ඕන පුතා විතරයි. අනෙක් ළමයි ඉගෙන නොගත්තාට කමක් නැහැ. හොඳයි නැද්ද ? මෙන්න ප්‍රතිපල. (ර)
උසස් රැකියා කරන්න සහජ බුද්ධිමත් කමක් තියෙන්න ඕන , එතකොටයි දක්ෂයින් බිහිවෙන්නේ , ක්ෂේත්‍රයේ උන්නතිය එහි යෙදී ඉන්න දක්ෂයින් ගේ ක්‍රියාකාරකම් මත රඳා පවතිනවා , සල්ලි හොයන අයතා ක්‍රම ඕන තරම් තියනවා , සල්ලි තිබුන කියල උසස් රැකියා කරන්න බැහැ, මේකෙන් වෙන්නේ ලෙඩුන් ගේ ජිවිත අවධානමට යන එකයි , වාණිජ කරණය නොවී , යථාර්තවාදී වුනොත් , රටත් ලෝකයත් වඩාත් ලස්සන තැනක් වේවි . (ර)
උද්ඝෝෂණ කරන්නද මෙයාලට ආණ්ඩුවේ සල්ලි වලින් උගන්වලා කැම්පස් යැවුවේ? බල්ලාගේ වැඩේ බුරුවාද, බුරුවාගේ වැඩේ බල්ලාද කළයුතු නැත (නි)
අනේ මෙහෙමත් කට්ටියක්? තමන් ඉගෙනගන්නෙත් නැහැ. ඉගෙනගන්න හදන එකාට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. (නි)
භද්‍රානි හරියටම හරි (නි)
කොහොම හරි සටන ජයගමු. (ර)
ඔබේ සටනට ජය ...!! (ර)
කදුළු ගෑස් නොවෙයි ගහලා පන්නන්න ඕනෑ. දෙමවුපියන් මහන්සි වෙලා උගන්නනවා. පාරවල් වලට බැහැලා ජනතාවට බාධා කර කර මොනවාද මේ ඉල්ලන්නේ? මේ අය ඉගෙනීම හැර අනිත් ඔක්කොම කරනවා. (නි)
මෙයාලටත් කඳුලු ගෑස් වලින්ම සැළකුවා නම් හරි. පුදුම කුහකකමක් තියෙන්නේ... (නි)