(විනීතා එම් ගමගේ)
වෛද්‍ය සිසුන් පසෙක තබා සයිටම් අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි යැයි රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි. වෛද්‍ය සිසුන්ට පහර දි හෝ මර්දනය කර මේ අර්බුදයට විසඳුම් සෙවිය හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එයම මුලාවක් යැයි ද ඒ මහතා කියයි.
සියලූ ජනතා බලවේග එක්කර ගත් විරෝධතාවකින් මෙහා රජය මේ අර්බුදයට විසඳුම් සෙවීමට සුදානම් නොවෙතැයි පෙනෙන බව ද රත්නායක මහතා පවසයි. සයිටම් ආයතන අසත්‍ය ප්රවෘත්ති පතුරවන බවත් මේ ආයතනයට නීති විරෝධි ලෙස අවසර ලබා දී ඇත්තේ අමාත්‍ය එස් බී දිසානායක මහතා බවත් ද ඒ මහතා ප්‍රකාශ කරයි.
සයිටම් ප්‍රශ්නයට අතරමග විසඳුම් නැති බවත් සිසුන් බඳවා ගැනීම නවතා වහාම තහනම් කළ යුතු බවත් ඒ මහතා පවසයි. රත්නායක මහතා මේ අදහස් පළ කළේ විද්වත් වෘත්තිකයින් ගේ සංගම් ශාලාවේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සිසුන්ව පාරට ගෙනාවේ කව්ද? වෛද්‍ය සංගම් ජේ ව්,පී , වෛද්‍ය සභාව හා පීඨධිපතිල නෙමෙයිද.? ඒ අයට ඕන සයිටම් වහන්ඩ මිසක් විසදුමක් නෙමෙයිනේ.
වයිද්ය සිසුන් එහෙම කවුරුවත් ඇවිල්ල පාරට දමන්න ඒ අය බබාලා නෙමෙයි ඒ අයට මේකේ තියෙන හරි වැරැද්ද පෙනෙනවා සල්ලි කුට්ටි වලට ඇස් අන්ධ වෙච්ච දෙසපලුවෝ තමයි මුළු රටම පාරට දමන්නේ
මේ ගොල්ලන්ට ඕන විසඳුම සයිටම් වහන එක විතරයි. ඇයි? බඩට වදියි කියන බයට. හැබැයි කියන්නේ නම් 'අපගේ මේ ව්‍යායාමය අසරණ රෝගී ජනතාව රැකගැනීම සඳහාය' කියලයි. සයිටම් ප්‍රමිතිය අඩු නම් ඒක වැඩිකරන එක, ඒකෙ කටයුතු නියාමනය කරන එක වගේ දේ නෙමෙයිද කලයුත්තේ? කුහකයෝ.
දන්ත වෛද්‍ය පීඨය ඔවුන්ගේ උපාධිය වසර පහකට දික්කරන්න හදද්දී ඒකට අකුල් හෙළුවේ කවුද? GMOA එතකොට මේ දන්ත වෙදතුමා කඩේ යන්නේ කාටද ? GMOA . බලාගෙන ගිහාම මේ දත් දොස්තර මහත්තයට තියෙන්නේ පුදුම දතේ අමරුවක්නේ !!
වෛද්‍ය සිසුන් පාරට ගෙනාවේ කිසිම පක්ෂයකින් නෙවෙයි. අඩුම ගානේ අන්තරෙන්වත්, ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් වත් නෙවෙයි මෙවර විරෝදතා පලමුව ආරම්බ වුනේ... සාමාන්‍ය ශිෂ්යයගෙන් පසුව තමා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් එක්වුනේ...
රටේ ප්‍රශ්න වලට විසදුම් හොයන්නේ පාරට බැහැල කෑ ගහලද ? ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ විද්වතුන් මිසක් දේශපාලන පක්ෂ වලට කඩේ යන එ් බව නොතේරෙන ලමයිද?
කඩය වසා දැමීම හැර මෙම ගැටලුවට විසඳුම් නැත.
ආණ්ඩුවට පුළුවන් මේ ප්රශ්නය විසදන්න, නමුත් එය නොකර ඉන්න ඇයි කියන එක තවත් ප්‍රශ්නයක්
කඩය වසා දන්සල් ද ? ඒවා කඩ නම් පිනට දෙන ඒවා දන්සල්. දන්සල් කතා කියන්න එපා ඒ නිසා.
මෙවැනි ආයතන තව දහයක් වත් විවෘත නොකර, මේ ප්රශ්නය විසදෙන්නේ නැහැ.
සයිටම් නීත්‍යනුකූල නම් අර මෝඩයා බොරුවට වෙඩිතියාගෙන අනිත් අයට බොරු චෝදනා එල්ලකරන්නේ මොකටද? ඒ වෙලාවේ නැට්ට පස්සේ ගහගෙන හිටිය කමෙන්ට් කාරයෝ ටික දැන් ආයෙමත් ටික ටික හොම්බ දානවා