( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.

 

මෙම අභියාචනය වෙනත් දිනයක කැඳවන්නැයි ඉල්ලා නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම මැයි 31 වැනිදාට කල් තබන ලදී.

මෙම අභියාචනය බුවනෙක අළුවිහාරේ ,ප‍්‍රියන්ත ජයවර්ධන ,අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ලගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය,උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,එම අමාත්‍යාංශ ලේකම් ,අභියාචනාධිකරණ පෙත්සම්කාර සිසුවිය වන මල්ෂානි දිලූම් කසුන්දා සූරිය ආරච්චි ඇතුළු පුද්ලගලයින් හයදෙනෙකු වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.