(ගයාන් අමරසේකර)
කොළඹ මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී පුපුරා නොගිය අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි. වෛද්‍ය සභාවේ දැනුම් දීමකට අනුව එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මෙම අත්බෝම්බර රැගෙන ගියේය. පෙර දින රාත්‍රී කිසියම් දෙයක් වැටුණු ශබ්දයක් ඇසී බැලුවද කිසිවක් නොදුටු බවත්, අද අලුයම එම භූමියේ තිබී පිපිරී නොගිය අත් බෝම්බය දුටු බවත් එහි ආරක්ෂක අංශ පොලිසියට පවසා ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසා සිටියේ මෙම ස්ථානයේ වෛද්‍යවරුන්ගේ ලිපි ගොනු හා නඩු වාර්තා රැසක් ගබඩා කර ඇති බවයි. එම අත්බෝම්බයේ ආරක්ෂක අගුලද ඉවත් කර තිබූ බව පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් සයිටම් ලොක්කට වෙඩි තිබ්බ වගේ වැඩක් මෙයාල අනෙක් අයව අමාරුවේ දාන්න මෙයලම කරපු වැඩක්
ෂුවර් එකටම මේක සයිටම් එකේ.... නැත්නම් අර බස් අයිතිකරුගේ වැඩක්වත්ද?....
පෙර දින රාත්‍රී කිසියම් දෙයක් වැටුණු ශබ්දයක් ඇසී බැලුවද කිසිවක් නොදුටු බවත්, අද අලුයම එම භූමියේ තිබී පිපිරී නොගිය අත් බෝම්බය දුටු බවත් එහි ආරක්ෂක අංශ පොලිසියට පවසා ඇත. එම අත්බෝම්බයේ ආරක්ෂක අගුලද ඉවත් කර තිබුණේනම් පුපුරා නොගියේ ඇයි?
ෂුවර් එකට මේකත් අර කලින් වගේ වැඩක්. නැත්නම් කොහොමද ඔය ආරක්ෂක අංශයේ අයට ඒ ශබ්දය හොඳට ඇහිලා තියෙන්නේ. මෙච්චර ශබ්ද අස්සේ. හරියටම වැටෙන කම් ඉඳලා මේ අය පොලිසියට දන්වලා වගේ නේ. මේවා සුළු දේවල් එයාලට. සුදු වාහන සෙවණැලි මෙයාලත් එක්ක සම්බන්ධකම් කලින් තිබිල ඇති නේ... කව්රු මොනවා කිව්වත්. GMOA එකට පොඩි තල්ලුවක් දෙන්න උදව්වට ඇවිත් වගේ...
බලන්නකෝ බෝම්බයේ පින් එක තියෙද්දිනේ විසිකරලා තියෙන්නෙ... බෝම්බ පාවිච්චි කරලා පුහුණුවක් හෝ මනා දැනුමක් තියන කෙනෙක්ගේ වැඩක්.....
මේකෙත් කොහෙන් හරි සයිටම් හොර දොස්තරකාරයෙක් ගෑවිලා ඉඳීවි. උන්ට ඉතින් නඩු නැහැනේ මේ පාලකයෝ ඉන්නකම්. එකෙක් තමන්ටම වෙඩි තියාගත්තා, අහු උනා ගිහිඅවිත් එක්කම, කිසිම දඬුවමක් නැහැ. පොඩි මිනිහෙක් බීල පාරේ ගියත් උස්සන් ගිහින් සති දෙකක් රිමාන්ඩ් කරනවා, මුන් තුවක්කු බෝම්බ වලින් සෙල්ලම් කරනවා. මේවා සියල්ල පස්සේ රාජ්‍ය අනුග්‍රහය ලබන පාතාල කල්ලි ඉන්නබවනම් ඉතාමත් පැහැදිලියි. කෙසේ වෙතත් මේවගේ සිඟිති ආතල් ගත්තා කියලානම් සයිටම් විරෝධී සටන ආපසු හරවන්න බැහැ කාටවත් කොහොමත්.
විශ්වවිද්‍යාලය යනු කුමක්ද ? වර්ජන වලින් පිරිච්ච , වසුරු හිලක් ද ?
කුණු ගොඩවල්වල කොටි ගණන වටිනා හෙරෝඉන් පාර්සල් තිබෙන රටේ මේ අත්බෝම්බෙත් වැඩක් ද ? කවුරුහරි අත්බෝම්බ වැඩිපුර තිබෙන කෙනෙක් ඕක විසි කරලා යන්න ඇති , පසුගිය කාලෙ වෛද්‍ය සභාව කටයුතු කරපු විදිහට වෛද්‍ය සභාවත් දැන් කුණුගොඩක තත්වයට පත්වෙලා
මේ ළමයා.... නිකන් අනාගතය නැති කරගන්න එපා. සමහර වැඩිහිටි ගොල්ලන්ට ඕනෙ මේක ගාණක් නැත්තම් ඔන්න ඔහේ ඉගෙන ගෙන එළියට එන්න. ඊට පස්සේ ඔය ඔක්කොම අතහැරලා පිට රට යන්න. නිකන් දුක් වින්දට රටේ මිනිස්සුන්ගේ ගුණයක් නැහැ.