නව වසරේ වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාද වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එයට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නොවන බව කී ඇමතිවරයා මාරුවීම් දියයුතු තැන් තීරණය කරන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත්, වෘත්තීය සමිතිවලට අවශ්‍ය අයුරින් එවැනි කටයුතු කළ නොහැකි බව ත් සඳහන් කළේය.
වෛද්‍ය ස්ථාන මාරුවීම් ලබාදීමේදී සමහර රෝහල්වලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෛද්‍යවරුන් යොදවා ඇතැයි කී අමාත්‍යවරයා නිලධාරීන් එය විසඳීමට යන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණ ඒවා වෙනස් කරන බවට නිලධාරීන් චෝදනා කරන්නේ යැයි ද ප්‍රකාශ කළේය.
තමන් අමාත්‍යවරයා ලෙස එම ගැටලු විසඳීමට යන විට දේශපාලනීකරණය කියමින් චෝදනා නැගෙන බවද කී ඇමතිවරයා එයින් පීඩාවට පත්වෙන්නේ අහිංසක රෝගීන් යැයිද පැවසීය. වෛද්‍යවරු නොමැතිව වැසී ගොස් ඇති රෝහල් 40ක් විවෘත කිරීම සඳහා මීට පෙර උත්සාහ ගත් අවස්ථාවේදීද දේශපාලන ඇඟිලිගැසීම් බව කියමින් තමන්ට චෝදනා එල්ල වූ බව මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෛද්‍ය මාෆියාවයි, පෞද්ගලික බස්රථ මාෆියාවයි අතර ලොකු වෙනසක් නැහැ. රටේ නීතියත් මාෆියා කාරයින්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ වාසිය සඳහා වෙනස් කරන්නයි ඔවුන්ට උවමනාවී ඇත්තේ.(හේ)
එතකොට ඇගිලි ගැසීම නැති අනික් හැම තැනම හරිවෙලාවට මාරුවීම් ලැබෙනවා නේද ඇමති තුමෝ ? (බ)
මෙය 2017ට පමණක් අදාළ දෙයක් නොවේ. හැමදාම එයාලට ඕනෑ විදියට තමා වැඩ. වෛද්‍යවරු සහ ලෙඩ්ඩු යන දෙපිරිසම අසරණ වෙති (නි)
ලෝකේ තියන සියලුම මාෆියා ලංකාවේ වෙද මාෆියාවට පරාදයි කියලා අපි දැනගෙන ගොඩක් කල් ඇමතිතුමනි (නි)
ඔයාලා වක්කඩක් කැඩුවා වගේ තොරතෝංචියක් නැතුව කියන කතා මහජනතාව අවලංගු කරන්න පටන් අරන් ගොඩාක් කල්. (නි)
අපේ වෛද්‍යවරු (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) ඉන්නේ වර්ජන කරන්න පෙළපාලි යන්න සහ ඒගොල්ලන්ගේ යහපත ගැන පමණක් බලන්න විනා ලෙඩුන් ගැන බලන්න නොවෙන බව අපි දැනගෙන බොහෝ කල්. (නි)
ඔවු ඔවු. ඇඟිලි ගහන්න අයිතිය තියෙන්නේ දේශපාලකයන්ට විතරනේ (නි)
එයාලට ඉතින් උත්තර තියෙනවනේ හැම එකටම (නි)