රැස්වීමකදී තමා ඉදිරිපත් කළ අදහස්වලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නවීන් සොයිසා මහතා බාධා කළ බවත් පසුව එම ශාලාවෙන් පිටත දී තමාට ජීවිතයට තර්ජනය කළ බවත් කියමින් ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පොලිසියට පැමිණිලි කර ඇත.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
තමාට ලැබුණු ආරාධනයක් මත රජයේ රෝහල්වල රසායනාගාරවල ආයතනික සැලසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීමට එක්වූ බවත් එහිදී තමා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන්ට දිගින් දිගටම බාධා කළ බවත් පසුව තර්ජන එල්ල කළ බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන මහත්තයෝ, පරිස්සමින්! (නි)
වෛද්‍ය වෘත්තීයට අමතරව දේශපාලනයත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දැන් දැන් චණ්ඩින්ගේ රස්සාවත් කරනවා වගෙයි. ඔවුන් කවදාවත්, අහිංසක ලෙඩුන් වෙනුවෙන් පෙනීහිටියේ නැහැ. ඒ වෙනුවට ඒ ලෙඩ්ඩු බිල්ලට දීල බොහෝ අසාධාරණ වර්ජනවලට මුලිකත්වය දුන්නා. රජයත් නිහඬයි. (බ)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනේ වෘත්තීය සමිතියක උප සභාපති කෙනෙකුත් මේ වනවිට අතුරුදහන්ලු.මේවා හොද පෙරනිමිති නෙවෙයි. (බ)
දැන් උගතුන් අතර ඉන්නෙත් මිනීමරුවෝ තමා. (බ)
දැන් සමහරු හැසිරෙන්නේ වෙඩි කාපු ඌරා වගේ... (ර)
වෛද්‍යවරු පොදුවේ නරක පිරිසක් නොවේ , නමුත් ඇතැම් වෛද්‍යවරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන්නේ අමු ප්‍රෝඩාවක්. මෙයාල තමා මේ වෘත්තිය ගෞරවය විනාශ කරන්නේ. අහිංසක වෛද්‍යවරු දුෂ්කර පළාත්වල දුක්විදිනව.එයාල ගැන කිසි සැලකිල්ලක් නෑ. (බ)