(ෆාරූක් තාජුඩීන් )
හෙට (07) පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය තහනම් කරමින් වාරණ නියෝගයක් දෙන්නැයි ඉල්ලමින් හෘද රෝගියකු අද (06) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
එය සලකා බැලූ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා වාරණ නියෝගයක් ලබා නොදුන් අතර රජයේ වෛද්‍ය සංගමයට මැයි 04 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් සටන් කරන්නේ අසරණ රෝගීන්ගේ ජීවිත වෙනුවෙන් යයි කියා ගනිමින්, අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ දමමින් වෛද්‍ය නිලධාරී සංගමය ගෙන යන මේ ඊනියා වැඩ වර්ජනය තරයේම හෙලා දකිමු.
මෙන්න යහපත් වැඩක්. රජයේ දොස්තරලා රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එරෙහිව සිටිසන් ඇක්ෂන් වර්ගයේ ජන මුලික නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ කාලය ඇවිල්ලා....
මහජන බදු මුදලින් ඉගෙනගෙන, මහජනයාටම ගණන් දාන ගුණමකු රොත්තක්.
රජයේ මුදල් වලින් ඒගෙන ගෙන සුපිරි පැලන්තියක් බිහිකරගන්න උත්සහ කරන දොස්තරලා දුප්පත් ලෙඩ්ඩු බිල්ලට තියන හැමදම මේ කරලා සෙල්ලමට විරුද්ධව ජනතාව පාරට බැසිය යුතු කාලය ඇවිල්ල පොඩි සිල්ලර ප්‍රශ්න වලට වර්ජනය කරන මේ පව්කාරයෝ පරද්දන්න වෙනවා මේ නඩුවට සෑමදෙන උදව් කරනවා
මේ කයිවරු ගහන අය නිසා ලඩ්ඩුන්ගේ අවයව අවස්තා කීපයක නිරපරාදේ කපන්න උනාද මේවට උසාවි ගිහින් නඩු මගට බැහැලා මේ අයට දඩුවම් ලබාදෙන්න කටුයුතු කල යුතු කාලේ දැන් ඇවිල්ල
අසරණ රෝගීන්ව ඉස්සරහට දාගෙන නාඩගම් නටන්නේ ආණ්ඩුව මිසක් දොස්තරලා නෙමෙයි. මේක හරියටම කොටි විසින් දෙමල ජනතාවව මිනිස් පළිහක් කරන් රජයේ හමුදාව සමග යුද්ධ කෙරුවා වගේ. පොඩි අතපසුවීමක් වුනත් ඒ දෙමල ජනතාව වෙනුවෙන් වගකියන්න ඕන වුනේ අපේ හමුදාවට. අද දොස්තරලට වෙලා තියෙන්නේත් ඒවගේ දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ජනතාවට හානියක්වන දෙය පරාජය කරන්නත් ඕන. එත් එක්කම ජනතාව රැකගන්නත් ඕන. ජනතාව විදිහට අපි මෙවෙලේ ආණ්ඩුවටයි පීඩනයක් දෙන්න ඕන. මොකද දොස්තරවරු වර්ජනය කරන්නේ පඩි වැඩිකරන්න කියලවත්, තමුන්ගේ ළමයව හොඳම පාසලට දාන්න කියලවත්, තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ඉල්ලවත් නෙමෙයිනේ.
එතකොට අසරණ ලෙඩ්ඩුන්ට බෙහෙත් ගන්න ඉස්පිරිතාල වලට එන්න බැරිවෙන්න කරන බස් ගැමුණුගේ බස් වර්ජන හොඳද?