පේරාදෙණිය සරසවිය අසල ගලහ හන්දිය වට රවුමේ ජලය බැස යන වළකට අද (15) පෙරවරුවේ වැටුණු කාන්තාවක් තුවාල ලැබු බව පොලිසිය පවසයි.
පූඩළුඔය සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පැවැත්වෙන සායනයකින් රුධිර පරීක්ෂාවක් කරගැනීම සඳහා පැමිණි ඇගේ පාදය වළට වැටී ඇති අතර එහි තිබූ යකඩ රාමුවලට පාදය සිරවී තිබූ බවත් පේරාදෙණිය පොලිසිය මැදිහත්වී පැය එක හමාරක පමණ මෙහෙයුමකින් පසු ඇය මුදවා ගනු ලැබූ බවත් කියති.
අනතුරින් තුවාල ලැබූ ඇය පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු මහනුවර නගරයේම පදික වේදිකා පිළිවෙලක් නැහැ. මහා භයානක වළවල් පදික වේදිකාව දිගටම. මේ ගැන කියන්න බලන්න කිසිවෙකු නැහැ. (නි)
ෆෝන් එකක් කණේ ගහගෙන යන්න ඇති. නැත්නම් මේ වගේ වළක වැටෙයිද. (නි)
නගර සභාවට ..විරුද්ධව ආණ්ඩු දමන්න වන්දි ඉලලා ..අපේ රටේ මහජන බදු මුදලින් වැජඹෙන්නේ ....දේශපාලකයෝ ..මහජනයාට දෙපයින් පාරේ යන්නවත් පහසුකම් නැති ප්‍රමිතියක් නැති මාර්ග සංවර්ධන අදිකාරියේ ඒ අදාළ ප්‍රාදේශීය සභාවට නඩු දැමිය යුතුයි ..? (බ)
නගර සභාවට විරුද්ධව නඩු දාන්න (බ)
ආසිරි, දුර ඉඳන් ආ කෙනෙක් කියලා තියනවා නේද? ෆෝන් එකක් කණේ ගහගෙන ඔයත් පාරේ යනවා අැති නේද..? කෙසේ වෙතත් ආසිරි ඔයා දැක්කද එයා ෆෝන් එකක් කණේ ගහගෙන ගියා කියලා. (නි)
මේ වසරේ ජනවාරි මස ලංකාවට පැමිණ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා හල අසළ මාවතක ඇවිද යනවිට වැඩුන පුද්ගලයෙකු යටයන තරම් ගැඹුරු වළක් පාරේ තාර දමා ඇති කොටසේ තිබුනා. කවුරුන් හෝ එහි වැටී තුවාල වේවි කියා අනතුරක සේයාවක් දුටු නිසා අසළ තිබුන ගසකින් කොළ අත්තක් කඩා එහි රුවා තාවකාලික පිළියමක් යෙදුවා. අනෙක් අය එය නොදුටුවේද නැත්නම් නොදැක්කා ලෙස පසුකර ගියාද කියා වදදෙන සිතුවිල්ලකින් මගේ සිත පෙලුනා. (නි)
පයින් ගමන් කරන අපි ඒ සඳහා වෙන්කර ඇති පදික මං තීරුවල පමණක් ගමන් කිරීමට පුරුදුවිය යුතුවෙමු. මෙය අනුකම්පාව හිමිවිය යුතු සිද්ධියක් වුවද පදික නීති වලට ගරු නොකරන අයට මුහුණදීමට සිදුවන බලාපොරොත්තු නොවූ අවස්ථාවකි (නි)