(රංජන් කස්තුරි)
විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා අඛණ්ඩව 7 වැනි වරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට පත්වීමට නියමිත ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2017/2018 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන ජූනි සම 24 වැනි දා කොළම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
එම නිලධාරී මණ්ඩලය තෝරා පත් කරගැනීමට නාම යෝජනා බාර ගැනීම ඊයේ (24) පස්වරු 4.00ට අවසන් කෙරුණ අතර වර්තමාන සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කණ්ඩායමට එරෙහිව මෙවර කිසිදු නාමයෝජනාවක් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා 2011 වසරේ සිට මේ දක්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
පාදෙණිය මහතා මෙවරද සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ලේකම් ධුරය සඳහා නාමයෝජනා ලබාදී තිබේ.
වර්තමාන ලේකම් නවීන් ද සොයිසා මහතා සහ වෛද්‍ය නලින්ද හේරත් යන මහත්වරුන් 2017/2018 වසර සඳහා සහකාර ලේකම්ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උණුසුම් සුබ පැතුම්, ඔබතුමාගේ සේවය අවශ්‍යම මොහොතක් මේ
සැබෑ සිතින් නිහතමානී නම් මෙවර නම යෝජනා ඉදිරිපත් නොකර ඉන්න තිබුනා. එතකොට වෙන කෙනෙකුට අවස්ථාව ලැබෙනවනේ. තම නාම යෝජනා බාර දීමෙන් කියන්නේ තවත් ඉන්න ඕන කියලනේ.
සාමාන්‍ය ජනතාව රකින්න උත්සාහ ගන්නා ඔබ වැනි මහත්වරුන් ඔවැනි තනතුරු වලට අනිවාර්යෙන්ම පත් විය යුතුයි. අප වැනි සාමාන්‍ය ජනතාවගේ ආශිර්වාදය ඔබතුමාට නිරන්තරයෙන් ලැබේ. බුද්ධියෙන් අඩු, තමන්ගේ බඩ ගැන විතරක් සිතන, එක එක දේශපාලන පක්ෂ වලට කත් අදින කොතෙකුත් සිටියත්, ඔවුන් මාගේ අදහසට කොපමන ගැරහුවත් බුද්ධිමත් පුද්ගලයා මේ පත්වීම නිවැරදි බව තහවුරු කරනු ඇත.
රෝගීන් තව තවත් අසරණ කරන මෙවුන්හට මාරයගේම පිහිටයි .
අය්යෝ අහිංසක ලෙඩ්ඩු !
මගේ උණුසුම් සුබපැතුම්
කොහොමත් උසාවියට අපහාස කිරීමට අවුරුද්දක්වත් හිරේ යයිනෙ..
අපේ අවාසනාව.
ඉසෙල්ලා හිටපු ත්රස්තවාදීන් LTTE , දැන් මේක. ඉතාම ඉක්මනිඅන් ජනතාව පෙලගසුනේ නැත්නම්. මේ ත්රස්තවාදීන් මර්දන කල නොහැක.
අපි අපේ දරුවන් වෙනුවෙන් අගය කලයුතු චරිතයක් . එමෙන්ම අප විසින් ආරක්ෂා කලගතයුතු පුද්ගලයෙකි .පටුදේසපාලනයට සහ අසාධාරණ මුදලට යට නොවී . අපේ දරුවන් වෙනුවෙන් සහ රටේ ඉදිරිය වෙනුවෙන් තව තවත් මෙවන් උගත් රටට ආදරය කරන මහතුන් බිහිවිය යුගකයයි අප සිටිනුයේ ,
7 පාරක්ම ඉල්ලනවා කියන්නේ මේකේ තියෙන ප්රජතන්ත්රවාදේ තරම පේනවා. මේකත් LTTE වගේ තමා. සාමාජිකයන්ට මේකේ නිලධාරීන්ට විරුද්දව එක වචනයක් කියන්න බෑ.
මේ දොස්තර මාෆියාව රෝගීන්ගෙන් ගුටි කන දවස ඉතාමත් ආසන්නයි.... වගේ...
ඔබට ජය ශ්‍රී මැතිදුණි .....