
(ඩයනා උදයංගනී)
ලංකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය ජී.පී.එස්. තාක්ෂණය යටතේ සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති නොකරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය දැක්වීමෙන් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (4) පැවසීය.
එසේ නොකරන්නේ නම් තාක්ෂණික කමිටුවල සිටීමේ තේරුමක් නොමැති බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (3) රැස්වී මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළව නිවැරදිම තීරණ ගත හැක්කේ දිනපතා වාර්තාවන රෝගීන් සිතියම් ගත වුවහොත් පමණක් බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම සිතියම් ක්ෂේත්රයේ සිට යතාවත් කිරීම නිවැරදිම ක්‍රමවේදය යැයි ද සඳහන් කළේය.
කොරෝනා රෝගීන් වාර්තා වන ආකාරය ජී.පී.එස්. තාක්ෂණය යටතේ සිතියම්ගත කළහොත් රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේද දිස්ත්‍රික්කයේද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද, ග්‍රාම නිලධාරී වසමේ ද ආදී වශයෙන් මනාව අවබෝධ කරගෙන හුදෙකලා කළ යුතු ස්ථාන ආදිය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකිවන බව ද අලුත්ගේ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය සමිති තීරණ ගැනීම අපට අවශ්‍ය නැත.
රජයෙ කොටස් කරුවන් ලෙස තමන්ගෙ සංගමයට මේක කරන්න බැරි ඇයි?
ඕවා දැන් අවශ්‍ය වන්නේ නැහැ. ආණ්ඩුවේ අලුත්ම " ටූල් " එකතමා මන්ත්‍රාචාර්යතුමා ජප කරපු "මහා කොරෝනා නාශක ජල මුට්ටි" සිව් මහා ගංගාවන්ට හලන එක. දැන් කිසිදේකට බයවෙන්න කාරනාවක් නැහැ.
නිමාවීමක් නැති තර්ජන හා ගර්ජන. ඔහේ විකාර කියනවා.... ලකුණු දාගන්න.
හරිත මැතිතුමණි, රටේ ජනතාව වෙනුවෙන් ඔබ කරන කැපවීම අගය කරමි. එදත් අදත් හැමදාමත් ඔබ ජනතාව වෙනුවෙන් මිස දේශපාලකයින් ආරක්ෂා කිරීමට කටයුතු නොකිරීම ඉතා අගය කරමි. ඔබට තනතුරු වරප්‍රසාද අවශ්‍ය නැත. ජනතා උපහාරය නොඅඩුව ලැබෙනු ඇත. එදා ඔබ ගැන විවේචනය කළ අය අද පසුතැවෙනු ඇත. කිසිම ආණ්ඩුවකට දේශපාලන පක්ෂයකට කඩේ යන්න එපා. අවශ්‍ය දේ කරන්න. කෝවිඩ් මාරයාගෙන් රටේ ජනතාව ගලවා ගන්න ඔබ ඇතුලු කණ්ඩායම කරන දේ බොහෝ දෙනෙක් අගය කරනවා. එදා රාජිතට විරුද්ධ වුණෙන් අසාධාරණයට පක්ෂව කටයුතු කරන්න බැරි නිසා බව අපි දන්නවා. අද හැම මාධ්‍ය ආයතනයක්ම ඔබගේ ගමන හරි බව තේරුම් ගෙන කටයුතු කරනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. මරණ භය නිසා. කෙලින් කථා කරන මිනිස්සුන්ට මම හරිම කැමතියි. ඔබත් ඒ වගේ කෙනෙක්. ඔබට නිදුක් නිරෝගී සුවය සහ ආරක්ෂාව පතමි.
දොස්තර සංගමය මුල ඉඳන්ම රාජපක්ෂලාට කඩේ ගිහින් දැන් විකාර දොඩවනවා.