(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා අද (16) හෘද සැත්කම් කිරිමෙන් ඉවත්ව සිටි අතර මේ පිළිබඳ ඔහු රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා වෙත දැනුම් දී තිබේ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රීය වී ඇති මධ්‍යම වායු සමීකරණ පද්ධතිය සකස් කර දෙන ලෙස ඉල්ලමින් නාමල් ගමගේ මහතා හෘද සැත්කම් කිරිමෙන් ඉවත්වීමට තීරණය කරනු ලැබීය.
හෘද රෝගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත. මධ්‍යම වායු සමීකරණ පද්ධතිය සවි කිරිම පිළිබඳ පිළිගත හැකි නිශ්චිත විසඳුමක් ලබාදෙන තෙක් නාමල් ගමගේ වෛද්‍යවරයා විසින් හෘද සැත්කම් කිරිමෙන් ඉවත්වීමට තීන්දුකර ඇති බවද පැවසේ.
නාමල් ගමගේ මහතා හෘද සැත්කම් කිරිමෙන් ඉවත් වුවද හෘද රෝග සායන සඳහා මෙන්මවාට්ටුවේ කටයුතු වල නිරත වේ. නාමල් ගමගේ වෛද්‍යතුමා හෘද සැත්කම් කිරිමෙන් ඉවත්වීමට තින්දුකර ඇති නිසා අද (16) හෘද සැත්කම් කළ යුතු රෝගීන් ඒ සඳහා සුදානම් කර තිබුණේ නැත.
හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් දිනකට හෘද සැත්කම් තුනක් හෝ හතරක් පමණ සිදු කරන අතර සතියකට හෘද සැත්කම් දහයක් හා දොළහක් අතර ප්‍රමාණයක් සිදුකරනු ලබයි.
පසුගිය මාසයේ නාමල් ගමගේ වෛද්‍යතුමා විසින් හෘද සැත්කම් 43ක් සිදුකරනු ලැබීය. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ නාමල් ගමගේ වෛද්‍යතුමාට අමතරව හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෙලුෂා හරිස්චන්ද්‍ර මහත්මියද හෘද සැත්කම් සිදුකරන්නීය.
නාමල් ගමගේ වෛද්‍යතුමා සතියේ දිනවල සදුදා හා අගහරුවාදා යන දිනවල හෘද සැත්කම් කරණ අතර ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමිය විසින් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල හෘද සැත්කම් සිදු කරන්නීය. බදාදා දිනවල සතියක් හැර සතියක් වෛද්‍යවරු දෙදෙනා විසින් හෘද සැත්කම් සිදුකරති.
මීට අමතරව නාමල් ගමගේ වෛද්‍ය තුමා විසින් සතියේ දින පහේම අළුයම හෘද සැත්කම් එකක් හෝ දෙකක් සිදුකරති.
මෙකී ප්‍රශ්නය මුල්කරගෙන හෘද හා උරස්කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා හෘද සැත්කම් කිරිමෙන් ඉවත් වීමට තීන්දු කළද ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමිය හෘද සැත්කම් කිරිමෙන් ඉවත්වීමට තීන්දු කර නැත. මේ පිළිබඳ ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමියගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මන්ත්‍රී තුමාගේ නැත්නම් පෞද්ගලික ලේකම්ගේ නිල නිවාසේ උනානම් පැය 24න් වැඩේ වෙනවා.
ඊට වඩා ඉක්මණට වෙනවා අනියම් බිරිඳගේ වුණානම් !!!
බොහොමයක් රජයේ රෝහල්වල වෛද්‍යවරු වැඩකරන්නේ හරියට නඩත්තු නොකරන නිසා අබලන් වුන ශල්‍යාගාර සහ උපකරණ භාවිතා කරමිනුයි. එයාර් සීල් කරපු ශල්‍යාගාරයක මධ්‍යම ශීතකරණය වැඩ කරනේ නැත්නම් කාමරයේ වාතය වැරදි ආකාරයට සංසරණය වනනිසා කැපුම් තුවාල අසාදනය වීමෙන් රෝගියාගේ ජීවිතය පවා අහිමිවිය හැකියි.
අපි ගෙවන බදු වලින් තව සැප විඳින්න, අනේ මෙහෙමත් රටක්.
අපේ රටට ගිය කලක්
නම්බරයක් ඕනේ...