(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා අසාදිතව මිය ගිය ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍යවරයා වන වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ බිරිඳ අද (02) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණ සිය සැමියාගේ දේහය හඳුනාගැනීමෙන් අනතුරුව අවසන් ගෞරව දක්වා දේහය ආදාහනයට කැමැත්ත ප්‍රකාශ කළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.එම්.නාසිම් මහතා පවසයි.
ඇයද කොරෝනා ආසාදනය වී සුවය ලබා නිවසේ නිරෝධායනයේ සිටි අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සිය සැමියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබිණි.
වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ මරණය කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් හා දීර්ඝකාලීනව පැවති දියවැඩියාව අධික රුධිර පීඩනය තත්ත්වයන් හේතුවෙන් සිදුවී ඇතැයි සිදු කරන ලද මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය, අධිකරණ වෛද්‍ය සමාධි දන්දෙණියආරච්චි මහත්මිය පැවසුවාය.
දේහය ගාල්ල දඩල්ල සුසාන භූමියේ දී අද (02) සවස ආදාහනය කරන බව ද අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඉපදෙන කිසිම ආත්මයක මෙවන් අකල් වියෝවක් අත් නොවේවා...!!! අජරාමර නිවන් සම්පත්තිය ද ලැබේවා...!!!
ඉතාම කණගාටුදායකයි. ඔබට නිවන් සුව අත්වේවා...!!!
දන්ත නාරායන මැතිණියනි. ඔබේ හදවත අපිට දැනෙනවා. නමුත් ඔබේ උතුම් ස්වාමිපුරුෂයා මෙලොවින් ගියේ තමන්ගේ කාර්යය උපරිමයෙන් ඉටුකරලයි. ඒ නිසා ඔබ සතුටු වෙන්න එවන් උතුම් පුරුෂයෙක්ට බිරිඳක්ව සිටින්නට ලැබීම ගැන..
හරිම දුකයි... උතුම් වූ නිවන් සුව ලැබේවා...!!!
ඔබට නිවන් සුව අත්වේවා...!!!
ඔහුට නිවන් සුව ලැබේවා..!!!
ප්‍රාර්ථනීය බෝධිය සාධනීය වෙත්වා...!!!
හොඳ මිනිස්සු ඉක්මණින් පිට වෙනවා.
ඔබට අජරාමර නිවන් සුව අත්වේවා..!!! උපදින හැම ජාතියකම යහපත්ම වේවා..!!!
බැරිද දියවන්නාව ගාලේ 224 අරගෙන මේ රටට ණය නැති මේ වගේ මනුස්සයින්ව ආපහු අපිට දෙන්න?