( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අභියාචනාධිකරන අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇති බව කියමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා අද (04) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන එම සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව විවේචනය කළැයි පෙත්සමෙන් ඔහුට එරෙහිව චෝදනා කර තිබේ.
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
එම සංගමය ඉකුත් අප්‍රේල් 07 වැනිදා දීපව්‍යාප්තව පැවැත්වූ සංකේත වැඩවර්ජනයෙන් අනතුරුව එදින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති රැස්වීමේදී සයිටම් නඩු තීන්දුව ගැන වගඋත්තරකාර සභාපතිවරයා අපහාසාත්මක හා නිර්දය අයුරින් විවේචනය කර ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරවරුන් තම වෘත්තිය මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගසන්න සැරසෙන බව පෙනෙයි. මෙය 100% ආණ්ඩුවේ සැලසුමකි. මිනිසුන් තුල දොස්තරලා පිළිබඳව ඇති පිළිකුල දිනෙන් දින වැඩිවෙමින් පවතී. වැඩි කල් නොගොසින් එට්කා ගිවිසුම අත්සන් කරන්න යයි ජනතාවම ඉල්ලා සිටිනු ඇත.
ඉතාම හොද දෙයක්. රජය බුදි. දොස්තරලා දේශපාලනය අතට අරන්. මේවගේ දෙයක් කල ඔබ දෙපලට උපහාර කරමි
සාධාරණ සමාජයේ දී නඩු තීන්දු විවේචනය කරන්න බැරිද? එහෙමනම් නඩුවට කලින් ආණ්ඩුවේ අය ඒ ගැන අදහස් ප්‍රකාශ කලේ.
හොද වැඩක් මෙයාලා වැඩ කරන්නේ කිසිම මානුෂික හැගීමකින් නෙවෙයි.
එක්කෙනෙකුට විතරක් නඩුදාලා මදි අනිත් යටත් නඩු දාන්න ඕන වෙන වෙනම.
රාජ්‍ය නිලධාරීන්, සේවකයන් පස්සේ පන්නනවා වෙනුවට මේ ඉල්ලන ඉල්ලීම් ගැන සලකා බලල ඒවාට දෙන්න පුළුවන් යම් විසදුමක් දුන්නනම් හොඳයි. එහෙම නැත්නම් වෙන්නේ මේවගෙන් ජනතාවත් තැලෙනවා රටත් දවසින් දවස පස්සට යනවා
පාදෙණිය මැතිතුමනි ඔබ සටන් වැදුනේ නිදහස් අද්යාපනය වෙනුවෙන් බව අපි දනිමු ඔබට ජය
නඩු තීන්දු විවේචනය කල හැක....උසාවියට අපහස කල නොහැක ...මේ දෙක දෙකක් ....
මේ ගමන්ම සොයිසාටත් දුන්න නම් තමයි හොඳ?
දොස්තර වර්ජනයෙන් බැටකන ලෙඩුන්ටත් මානව අයිතිවාසිකම් ඇත. ඔවුන් නොසලකා හැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. සයිටම් කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා අසරණ රෝගීන් පලි නැහැ දොස්තරලගේ කෝන්තරවලට. ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සේවයක් කලවිට එය පැහැර හරින්නන්ට අධිකරණයට යන්ට වෙයි. රජය ඉවසුවා ඇති.
වැඩ වරණ දොස්තරලට.., ලෙඩුන්ගෙන් හා ඔවුන්ගේ පවුල්වල අයගෙන් කුණු බිත්තර සහ තක්කාලි සංග්‍රයක් දෙනවිට තේරෙයි. ඔවුන්ගේ වාහන උදේ, සවස සෝදන්න වෙයි. ලෙඩ්ඩු මුවහමක් නෙවෙයි. ලෙඩ්ඩු වෙනුවෙන් ජනතාව පාරට බැසිය යුතුයි. දැන් තියෙන්නේ ඒක පාර්ෂික සටනක් විතරයි. සමාජ ප්රතිවිරෝධය දොස්තරලට පෙන්වන්න ඕන. රජය අසරණ වෙන්න ඉඩ නොහැර සමාජය පෙරට ආයුතුයි.
කවුරු මොනවා කිව්වත් පාදෙණිය කියන්නේ හිත හොඳ රටට ආදරය කරන දොස්තර කෙනෙක්. නඩුවේ හිලක් නම් නඩු කාරයා ඊට වගකිවයුතුයි...
මෙයා මෙච්චරකල් නිදගෙනද හිටියේ? සරත් මහත්තයෝ ඔයාල කියන ඒවා දැන් ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
පාදෙණිය මහතා සටන් කළේ අතේ දොස්තරලාගේ අදායම රැකගැනීම සඳහායි. කරුණාකර අනාගත පරපුරට ද්‍රෝහී නොවන්ද? පුද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනගත්තාට රජයේ විහාග වලට පෙනිහිටිය යුතු නම් එහි වැරැද්ද කුමක්ද.? සෑම වෛද්‍ය සිසුවෙක්ම රජයේ විභාගය සමත් විය යුතුයි...
පාදෙණිය මැතිතුමා සටන් වැදුණේ වලේ වැටුණු ඇතා ගොඩගන්නටය.
දොස්තරලා අඛණ්ඩව වර්ජනය කලොත්...ඔය නඩු දාපු අය අපිට බෙහෙත් දෙනවද ?
නිදහස් අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රය රැකගැනීමට ඔබලාගේ සහයෝගය ඉතා අගය කරමි. ඔබලාට ජය වේවා.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුනුත් ඉගෙනනොගෙන පාරේ . ඔන්න දැන් පාසල්වලත් උගන්වන්න එපා කියල ගුරුවරුන්ට කියලා. නමුත් පුද්ගලික පාසල් සහ , පුද්ගලික විශ්ව විද්‍යාලවල ළමයි ඉගෙන ගන්නවා. මාරු නිදහස අධ්‍යාපනය සුරකින විදිහ..
මිනිහා බයයි දොස්තරලා ටික කැපෙයි කියල සයිටම් දොස්තරලා ආවොත්. ඇයි හැමදාම අහිංසක ලෙඩ්ඩු මරාගෙන උද්ඝෝෂණ කරන්න බැරි වෙනවනේ....
සරත් විජේසුරිය කියන්නේ අධ්‍යාපනය විකුණන එක හොදයි කියලලද මේ අයගෙන්ද අපි සාධාරන සමාජයක් බලාපොරොත්තු වෙන්නේ අනේ සෝබිත හාමුදුරුවෝ හිටියනම්
ගරු පාදෙනිය මැතිතුමණි උසාවි දහයක ගියත් අනාගත දරුවන් වෙනුවෙන ඔබ කරන කැපවීම උත්තරීතරයි. සාමාන්‍ය ජනතාව සැමදා ඔබ සමගයි. මුළු ශීෂ්‍ය ප්‍රජාවම පාරට බසින දින වැඩි ඈතක නොවේ
නීතියට පැවැත්මක් ඇත්තේ මහජනතාව එය පිළිගන්නා තෙක් පමණි
අයියෝ මෙයාට උසාවි එන්න වෙලාවක් නැහැ...මොකද? හැමදාම චැනලින් කරන්න ඕනේ නේද.. රජයේ වෛද්‍යවරුන් හැබැයි පුද්ගලික ඉස්පිරිතාල බදු අරගෙන ඉන්නේ .. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි දහස් ගණන් හම්බකරනවා හැබැයි එක සතයක්වත් බදු ගෙවන්නේ නම් නැහැ.. ඒ මදිවට පෝය දවස්වල මෙයාල එනවා අපිට බණ කියන්න.. අනේද කියන්නේ... !!!
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු රජය කරන අසාධාරණ ගැන මෙතරම්ම උනන්දු නොවන බව පෙනේ. ළඟදි සිට මෙම මහතාගේ හැසිරීම් රටාව වෙනස් මඟක යන බව පෙනේ. ලඟදි රූපවාහිනී වැඩසටහනකදී රජයේ ඇමතිවරයකු ඉතා දක්ෂව වැඩකර ඇති කෙනෙක් බවද ඔහු පැවසීය.
මෙතුමා සටන් වදින්නේ තමන් උදෙසා මිස නිදහස් අධ්‍යාපනය හෝ නිදහස් සෞඛ්‍ය උදෙසා නොවේ ...
කොන්දක් තියෙන පොළවේ පය ගහලා ඉන්න මහාචාර්ය වරයෙක් ඔබට ජය...!!!
දොස්තරලටත් නිදහස භාවිතා කරලා හොඳවලින් ඇඟට දැනෙන්න දුන්නාම හරියනවා...