(ඉන්දිකා රාමනායක)
මත් ලෝලීන් මත්පෙති සඳහා භාවිතා කරන වේදනානාශක පෙති 1000 ක් සමඟ පුද්ගලයකු රාගම බටුවත්තේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙම මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත බටහිර නාවික විධානයේ නාවික හමුදා භට කණ්ඩායමක් හා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ වැටලීමේ දී මෙම සැකකරු සහ පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙම පෙති තොගය ති‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාගම බටුවත්ත ප්‍රදේශය සම්බන්ධයෙන් රාගම පොලිසියේ අවධානය බරපතල ලෙස ගිලිහී ඇති බව පෙනී යනවා. ප්‍රදේශයේ කසිප්පු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සාක්කුවට රාගම පොලිසිය වැටී ඇතිබව බොහෝ දෙනෙක් පවසන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පොලිසිය සමග තැන සතු සම්බන්ධය ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන හෙයිනි. නාවික හමුදා බුද්ධි අංශය තොරතුරු සොයා නොගත්තානම් පොලිසිය කිසිම දිනෙක මොවුන් අල්ලන්නේ නැත. ඉතා මෑතකදී වයසක කාන්තාවක් දූෂණය කර මරා දමා තිබුනද මේ වනවිට ඒ පිළිබඳවද කිසිම සද්දයක් නැත.