වසර තිස් එකක සිට සිය ධනය ශ්‍රමය හා කාලය කැපකරමින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් තොරණක් ඉදිකරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පුණ්‍යසිරි වරුසවිතාන මහතා මෙවරද සිය නිවස ඉදිරිපිට අඩි 30 ක් උසින් යුතු තොරණ ඉදි කරයි.
නාරද බමුණු ජාතක කතාව මෙවර ජාතක කතාවයි. චිත්‍ර ශිල්පීයා සෙනරත් රණසිංහ මහතාය විදුලි බුබුළු පන්දහසකින් අලංකාරවත් කෙරෙන මෙහි සියළුම විදුලි ආලෝක රටා නිර්මාණය වරුසවිතාන මහතාගේය..
කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණඅධ්‍යාසයෙන් සිදුකරන ආමිස පූජාව සඳහා අසල් වැසි හිතවතුනගේ ශ්‍රම දායකත්වය ද නොඅඩුව ලැබිමත් තම බිරිඳ ශ්‍රීයාණි වරුසවිතාන ගෙන් ලැබෙන සහයෝගයත් මේ පුණයකර්මයේ ප්‍රධාන ශක්තිය බව වරුසවිතාන මහතා කියයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් වටනා දෙයක් කරන ඔබහට නිරෝගී සුව පතමි .....!(බ)
ලංකාවේ බෞද්ධ සංස්කෘතිය අනුව තොරණේ ඇඳුම් කැබලි සහිත කාන්තා රූප ඇදීම හරිද ? (ස)
ඔබට සහ උදවුදෙන සැමට තුණුරුවන්ගේ සරණ ලැබේවා! (නි)
ඔබගේ මේ කාර්යයට මගෙන් සුභ පැතුම් ! (ස)
ඔබට සහ උදවුදෙන සැමට තුණුරුවන්ගේ සරණ ලැබේවා! (බ)
ඉතාම අගය කළ යුතුයි. (ත)
සාදු සාදු සාදු !!! බෝසත් ගුණ ඇති මෙවන් මනුෂ්‍ය රත්නයන් රටට වාසන්වන් !!! (ස)
මෙම තොරණේ අවුරුදු ගණනක පින්තූර බැලීමට http://vesakthorana.blogspot.com වෙත පිවිසෙන්න (බ)
සියලුම හොද මිනිසෙකු පිටුපසින්ම හොද ගැහැණියකු සිටි. (ස)