ගාල්ලෙ තිබුණ මැයි රුස්වීම සංවිධානෙට බැහැල වැඩකළ කෙනෙක් හිටිය. උන්නැහේ සෑහෙන ආන්දෝලනාත්මක චරිතයක්.
මෙයා ගිය ආණ්ඩුවෙ ඇතුල් කට්ටලේ හිටපු අධීක්ෂණ සයිස් කෙනෙක්. ඉතින් ඒ කාලෙ ඡන්ද වේදිකාවල වත්මන් රජයේ පක්ෂ මෙයාගෙ කෙරැවාව පට්ට ගැහුව... කොහොම කොහොම හරි මුන්නැහේ දැන් යහපාලනේ ලොකු කෙරැමෙක්ලු.... ඒ හින්දලු ගාලු රුස්වීමෙ ලොකු රෝල් එකක් භාර දුන්නෙ. සෑහෙන ආරක්ෂාවකුත් දීලයි තියෙන්නෙ.
ඉතින් මෙයා මැයි දිනේට කොච්චර වැඩ කළත් සාධාරණ සමාජයෙ කස්ටියට නම් පෙන්නන්නම බැරිලු....
පසුගිය දවසක සාධාරණ සමාජයෙ කස්ටිය මේ වගේ පොරවල් යහපාලනේට අරන් වැඩභාර දීම ගැන ආණ්ඩුවෙ ඉහළ තැන්වලට තදින් කරැණු කිව්වලු....
ඊට පස්සෙ ඉහළින් තීන්දුවක් ගත්තලු මොනම හේතුවක් නිසාවත් මෙයාට ගාලු රුළියෙදි වේදිකාවට එන්න දෙන්න එපා කියලා. ඒ අනුව රුස්වීමට ඇවිල්ලා "ෂෝ" එකක් දාන්න හිටපු උන්නැහේට මගින්ම හැරිලා යන්නවෙලා. දැන් මෙයා ඒ ඇත්ත කතාව වහන්නෙ සුරංගනා කතා කියමින් ඉන්නවය කියලා ඩාර්ලි පාර පැත්තෙ ලොකු ලොක්කො දෙතුන් දෙනෙක් කතා වුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd