රත්නපුර පොලිසියේ සැරයන්වරයකු රත්නපුර නගර මධ්‍යයේදී තමාට ප්‍රසිද්ධියේ අමානුෂික ලෙස පහරදුන්නැයි රුපියල් කෝටි 5ක වන්දි ලබාදෙන ලෙස ඩල්ලා රත්නපුර පදිංචි දෙදරු මවක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූනි 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) අවසර ලබාදුන්නේය.
රත්නපුර තුන්වැනි සැතපුම් කණුව ප්‍රදේශයේ පදිංචි වීරසිංහ ආරච්චිගේ කාන්තිලතා හෙවත් බට්ටි විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ පොලිස් සැරයන්වරයා වන ප්‍රසන්න තිසේරා, රත්නපුර පොලිස් ස්ථානාධිපති, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා පොලිස්පති නම් කරනු ලැබ සිටිති.
පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වන කේ.ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් හමුවේ කැඳවීය.
රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී සිටියේ අදාළ කාන්තාවට පහරදුන් පොලිස් සැරයන් ප්‍රසන්න තිසේරාට හැර සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ඔහු පෙනී සිටින බවයි.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වීදිකත සැරයන්ගෙන් කෝටි 5ක් ඉල්ලයි
මැණික් Friday, 19 December 2014 02:29 AM
දැන් එතකොට මේ කාන්තාව අතුරුදහන්වෙලා නැද්ද? (නි)
සහන් Thursday, 18 December 2014 01:55 PM
මේ බට්ටි කියන්නේ අර රත්නපුරයේ නෝනද ? (නදී)
නුවන් සිල්වා Friday, 19 December 2014 03:32 AM
දෙදරු මවක් වන බට්ටි ඒ තත්ත්වයට පත්වුණේ ඇයි කියලා හොයලා ඒවාට අවශ්‍ය මානුෂික ප්‍රතිසංස්කරණ, උපදේශන සේවා ආදිය ඇතිකළ යුතුයි. කාටවත් පහරදීමට, ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීමට තව කෙනෙකුට අයිතියක් නැත. (නි)
චින්තක Friday, 19 December 2014 04:22 AM
කවුරු වුනත් මනුෂ්‍ය ජීවිතයක් මිල කරන්න බෑ.(හේ)
ශසික Thursday, 18 December 2014 03:37 PM
කෝටි 5 දුන්නොත් ලංකාව පුරාම බට්ටිල වැහි වහිවී. අප් දරුවන්ට දෙවියන්ගෙම පිහිටයි (නදී)
ඇසිලින් නෝනා Thursday, 18 December 2014 03:56 PM
ඔව් ඒ බට්ටි තමයි. (නදී)
ඉර්ෆාන් Thursday, 18 December 2014 04:49 PM
මෙයා කෝටි 5ක් ඉල්ලන්නේ කුමන වටිනාකමක් අනුවද? (නි)
මොහමඩ් ඛාන් Thursday, 18 December 2014 06:42 PM
අපිට නම් ආරංචි වුණේ බට්ටි අතුරුදහන් කියලා (නි)
බණ්ඩා Thursday, 18 December 2014 07:54 PM
ලංකාවේ බට්ටි වගේ කෙනෙක් එතරම් වටිනවද ? (නදී)
ජයසිරි මනිමේන්ද්‍ර Friday, 19 December 2014 05:42 AM
ඔයාල මේ අර බට්ටි මේ බට්ටි කියල අගෞරව කරන්නේ අහිංසක කමටත් දුප්පත් කමටත් අසරණ වූ තම දරු දෙදෙනාගේ කුසගින්න නිවීම සදහා වෙර දරන අපේම සහෝදරියකට නේද ? සහෝදර වරුනි මානුෂික මට්ටමෙන් හිතන්න පුරුදු වෙන්න. අපේ රටේ ලොකු ලොකු නෝනලා වගේ පෙනී සිටිමින් ඔය බට්ටිගේ රැකියාවම කරන බට්ටිල ගොඩක් ඉන්නවා. ඒක නොවේ ප්‍රශ්නය අදාල පොලිස් නිලදාරිය තමන්ගේ රාජ කාරියට නොගැල පෙන විදියට. කටයුතු කිරීම මෙතන තියන ගැටලුව. ඒ සඳහා ඔහු දඬුවම් විදිය යුතුයි. සමහර විට ඔහු මේ විධියට හැසිරෙන්නට ඇත්තේ ඔහු ඇයගෙන් බලා පොරොත්තු වූ දෙයකට ඇය අවනත නොවන්නට ඇති (අ)
රුවන් කුමාර Friday, 19 December 2014 05:59 AM
සල්ලි නෙමෙයි දෙන්න ඕනෑ වටේ යන්න ලයිසන් එකක් (නදී)
ලියොන් ගුණවර්ධන Thursday, 18 December 2014 10:47 PM
මෙම ක්‍රියාව පොලිස් ආරක්ෂක සේවයටද නින්දාවකි (නි)
වසන්ත Thursday, 18 December 2014 11:02 PM
අනේ බට්ටි නෝනා! (නි)
උපාලි Thursday, 18 December 2014 11:48 PM
බට්ටි අතුරුදහන්වෙලා කියලයි අපි හිතුවේ. සාමාන්‍යයෙන් පොලිසියට එරෙහි නඩු තියෙන අයට එහෙම අතුරුදහන්වීමේ අධිමානසික බලයක් ලැබෙනවා කියලා මම අහලා තියෙනවා. (නි)
ජයසිරි මනිමේන්ද්‍ර Friday, 19 December 2014 06:44 AM
රුවන් කුමාර දවසක ඔයාට වටේ යන්න සිදු වෙනවා එදාටවත් තේරුන් ගනී නේද ? (නදී)