රත්නපුර පොලිසියේ සැරයන්වරයකු රත්නපුර නගර මධ්‍යයේදී තමාට ප්‍රසිද්ධියේ අමානුෂික ලෙස පහරදුන්නැයි රුපියල් කෝටි 5ක වන්දි ලබාදෙන ලෙස ඩල්ලා රත්නපුර පදිංචි දෙදරු මවක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූනි 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) අවසර ලබාදුන්නේය.
රත්නපුර තුන්වැනි සැතපුම් කණුව ප්‍රදේශයේ පදිංචි වීරසිංහ ආරච්චිගේ කාන්තිලතා හෙවත් බට්ටි විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ පොලිස් සැරයන්වරයා වන ප්‍රසන්න තිසේරා, රත්නපුර පොලිස් ස්ථානාධිපති, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා පොලිස්පති නම් කරනු ලැබ සිටිති.
පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වන කේ.ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් හමුවේ කැඳවීය.
රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී සිටියේ අදාළ කාන්තාවට පහරදුන් පොලිස් සැරයන් ප්‍රසන්න තිසේරාට හැර සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ඔහු පෙනී සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට මේ කාන්තාව අතුරුදහන්වෙලා නැද්ද? (නි)
මේ බට්ටි කියන්නේ අර රත්නපුරයේ නෝනද ? (නදී)
දෙදරු මවක් වන බට්ටි ඒ තත්ත්වයට පත්වුණේ ඇයි කියලා හොයලා ඒවාට අවශ්‍ය මානුෂික ප්‍රතිසංස්කරණ, උපදේශන සේවා ආදිය ඇතිකළ යුතුයි. කාටවත් පහරදීමට, ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීමට තව කෙනෙකුට අයිතියක් නැත. (නි)
කවුරු වුනත් මනුෂ්‍ය ජීවිතයක් මිල කරන්න බෑ.(හේ)
කෝටි 5 දුන්නොත් ලංකාව පුරාම බට්ටිල වැහි වහිවී. අප් දරුවන්ට දෙවියන්ගෙම පිහිටයි (නදී)
ඔව් ඒ බට්ටි තමයි. (නදී)
මෙයා කෝටි 5ක් ඉල්ලන්නේ කුමන වටිනාකමක් අනුවද? (නි)
අපිට නම් ආරංචි වුණේ බට්ටි අතුරුදහන් කියලා (නි)
ලංකාවේ බට්ටි වගේ කෙනෙක් එතරම් වටිනවද ? (නදී)
ඔයාල මේ අර බට්ටි මේ බට්ටි කියල අගෞරව කරන්නේ අහිංසක කමටත් දුප්පත් කමටත් අසරණ වූ තම දරු දෙදෙනාගේ කුසගින්න නිවීම සදහා වෙර දරන අපේම සහෝදරියකට නේද ? සහෝදර වරුනි මානුෂික මට්ටමෙන් හිතන්න පුරුදු වෙන්න. අපේ රටේ ලොකු ලොකු නෝනලා වගේ පෙනී සිටිමින් ඔය බට්ටිගේ රැකියාවම කරන බට්ටිල ගොඩක් ඉන්නවා. ඒක නොවේ ප්‍රශ්නය අදාල පොලිස් නිලදාරිය තමන්ගේ රාජ කාරියට නොගැල පෙන විදියට. කටයුතු කිරීම මෙතන තියන ගැටලුව. ඒ සඳහා ඔහු දඬුවම් විදිය යුතුයි. සමහර විට ඔහු මේ විධියට හැසිරෙන්නට ඇත්තේ ඔහු ඇයගෙන් බලා පොරොත්තු වූ දෙයකට ඇය අවනත නොවන්නට ඇති (අ)
සල්ලි නෙමෙයි දෙන්න ඕනෑ වටේ යන්න ලයිසන් එකක් (නදී)
මෙම ක්‍රියාව පොලිස් ආරක්ෂක සේවයටද නින්දාවකි (නි)
අනේ බට්ටි නෝනා! (නි)
බට්ටි අතුරුදහන්වෙලා කියලයි අපි හිතුවේ. සාමාන්‍යයෙන් පොලිසියට එරෙහි නඩු තියෙන අයට එහෙම අතුරුදහන්වීමේ අධිමානසික බලයක් ලැබෙනවා කියලා මම අහලා තියෙනවා. (නි)
රුවන් කුමාර දවසක ඔයාට වටේ යන්න සිදු වෙනවා එදාටවත් තේරුන් ගනී නේද ? (නදී)