මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට යතියි විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨ සිසුහු හත්සීයක් පමණ අද (25) වෛද්‍ය විද්‍යාලයයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පා ගමනින් ගොස් අමාත්‍යංශය ඉදිරි පිට උද්ඝෝෂණයක් පැවැත්වුහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට වැඩ නැතුව නෙමෙයි රට ගැන හිතල වැඩ කරන්නේ (දී)
සමහරු ඊර්ෂ්‍යාවේ පුපුරනවා (නි)
හරි මට කියන්න වෛද්‍ය විද්‍යාලයට එක ලකුණින් යන්න බැරි උන ළමයට මොකද්ද කරන්න කියන්නේ , මැරෙන්නද (දී)
අහිංසක දෙමුපියන්ගේ දරුවෝ වෙච්ච නිසා තමයි මෙතරම් කැක්කුමෙන් රට ගැන හිතල කෑගහන්නේ .නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය නැතිවෙච්ච දවසට .දැන් අන්දයෝ බීරො වගේ හිටියම (දී)
"සඳළු තලේ සඳ පහන් රැයේ – මධු විත් පුරවා උන් බොන්නේ අපේ රුධිරයයි සොහොයුරනේ පැන් සනහන විට අරුණ උදේ – වතුර මලින් උන් පූදන්නේ අපේ දහදියයි සොහොයුරනේ" මේ ශිෂ්‍යයන්ට ජය වේවා! (දී)
ප්‍රමිතියකට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරම්භකිරීමේ වරද මොකද්ද, මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව.... (අ)
කලන, ඔය කියන උපාධි කඩේ ඉන්නේ වෛද්‍ය විද්‍යාලයට එක ලකුණින් යන්න බැරි උන ළමයි නෙවෙයි. ඒක තමයි ප්‍රශ්නේ... (දී)
මමනම් කියන්නේ අපේ ඇමති එස් බි දිසානායක මහත්තයගේ ඉදිරි දැක්ම හොදයි ලංකාවේ විශාල මුදලක් පිට රට යනඑක නැවැත්තුව එතුමා මේ විශ්ව විද්‍යාල ඇතිකරලා ඔබතුමා මේ වැඩ ටික කරලා පෙන්වන්න අපිට ඕනි ඔය ඔක්කොම විශ්ව විද්‍යාල ලෝකෙත් එක්ක සම්බන්ද කරන්න ගෝලීය අද්‍යාපනය හරි වැදගත් ඉදිරි දැක්මට ! (දී)
අද වැස්ස වගේ නිසා වෙන දවසක කරන්න තිබ්බා මේ උද්ගෝෂණය (දී)
සල්ලි තියෙන එකත් ඉගෙන ගන්න ඕනේ නැති එකත් ඉගෙන ගන්න ඕනේ (දී)
අද නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගන ගෙන දොස්තර මහත්වරු වුණ වැඩි දෙනෙක් රැයක් දවාලක් නැතුව පෞද්ගලික සායන වල මුදල් හම්බ කරන්න ගන්න මහන්සිය දැක්කම ලක්ෂ 120 වියදම් කරලා වෛද්‍යවරු වෙන්න යන මේ මහත්වරු සල්ලි වලට මොනවා නොකරයිද කියල හිතෙනවා.(අ)
විහිලු විහිලු විහිලු (දී)
මේ මල්ලිලා නංගිලා අපිට පව් සිද්ධකරන්නේ නැතුව ගිහිල්ල ඉගෙන ගන්නවල හලෝ. මේක හරි වැඩක්නේ මෙයාලට රටේ සල්ලි වලින් උගන්නන ඕනේ. මහපොළ දෙන්න ඕනේ.නේවාසිකාගාර දෙන්න ඕනේ.එහෙම කරලා පිටට ඇවිල්ල චැනෙල් සෙන්ටර් දාලා නිදහසේ සල්ලි ගරා ගන්නකොට මෙහෙම පෙළපාලි නෑ නේද. රජයට කියන්නේ තව පුද්ගලික විශ්ව විද්‍යාල අරින්න කියල.(අ).
දොස්තර මහත්තයාට බෙහෙත් දෙන්න ලයිෂන් එක තියෙනවද කියලා අද වෙනලක් කවුරුවත් අහලා තියෙනවද (දී)
බන්දුල පෙරේරා, ඔහේට කඩේ ගිහින් ලක්ෂ ගණනින් හම්බ වුණාට දුම්රියේ, බස් එකේ තෙරපිලා වැඩට යන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට ලක්ෂ 65 ක් දෙන්න තියා එදා වේල කන්නත් සල්ලි නැහැ. ඇරත් හැමෝටම සල්ලි කියලා ඔහේ වගේ ආත්මය පාවාදෙන්න පුළුවන්කමකුත් නැහැ. පාසල් වලට වෙලා තියෙන විනාශය පෙනෙන්නේ නැද්ද? (නි)
දේශාන්,රටේ මිනිසුන්ගේ මොළ හෝදලා තියෙන්නේ. තේරුම් ගන්න. මේ වගේ අදහස් දාන්නේ ඒක නිසයි. (නි)
මාලඹේ වි වි ගැන මේ රටේ හුඟ දෙනෙකුට තියෙන්නේ වැරදි අදහස්. එයාලගේ පුහුණුවට වෙනම රෝහලක් තියෙද්දී රජයේ රෝහල්වල පුහුණුව අවශ්‍ය ඇයි? තමන්ගේ රෝහල ශික්ෂණ රෝහලක මට්ටමට සුදුසු නැති නිසා නේද? අනික පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට රජයේ රෝහල්වල සායනික පුහුණුව කරන්න ඉඩ දුන්නට රජයට ආදායමක් ලැබෙනවද? කොතලාවල, මාලඹේ හැමෝටම ඕන කරන්නේ ජාතික රෝහල. ඒ අය ඇවිත් එහේ පුහුණුවෙද්දී කොළඹ වෛද්‍ය පීඨයේ ළමයින්ට මොකද වෙන්නේ? ලංකාවේ දක්ෂම ළමයි ටිකට ඉගෙන ගන්න තියෙන ඉඩ නැතිවෙන එකයි වෙන්නේ. ලංකාවේ ඔක්කොම වෛද්‍ය පීඨ ගත්තත් අවුරුද්දකට පිටවෙන්නේ 1160ක් වගේ ප්‍රමාණයක්. ඒත් මාලඹෙන් විතරක් අවුරුද්දට 500ක්. පිටරට ගිහින් උපාධි ගන්නඅ ය වෛද්‍ය සේවයට ග්‍රහණය කරන්න ක්‍රමයක් තියෙනවා.ඇක්ට්-16 විභාගය සමත් වෙන අය පමණයි ගන්නේ. ඒ විභාගයත් සමත් වෙන්න බහුතරයකට බැහැ. දැනුම මදි.මාලඹේ අයගේ උපාධියේ අගය මනින්න කිසි ක්‍රමයක් නැහැ. උසස් පෙළට එස් තුන ගත්ත අයත් ඉන්නවා. කලා විෂයන් කල අය ඉන්නවා. ආයේ වෙන කතා මොකටද? පහුගිය කාලේ ජනාධිපති අතින් ශිෂ්‍යත්ව ලබා දුන්නේ උසස් පෙළට ඒතුනක් අරගෙනත් වෛද්‍ය පීඨයට යන්න බැරිවුනු අයට. ඒ ළමයින්ගෙන් එක්කෙනෙක්ට ඒ1යි, සී 2යි. එතනත් වුනේ රටේ ජනතාව ගොනාට අන්දවපු එකයි. (ස)
ඇමති එස් බි දිසනායක මහතා ඔබ තුමා හරි අපිට ඕනි පුද්ගලික විශ්වවිද්‍යාලය මේ රටේ හැම දරුවෙකුටම හොද අද්‍යාපනයක් ගන්න ඔබගේ ක්‍රමය කරගෙන යන්න මෙතන ඉන්නේ කුහක මානසිකත්වෙන් පෙලෙන පිරිසක් (දී)
ඇයි දැන් ඉස්සර කිවුවෙ මේකට හොද ශික්ෂණ රෝහලක් වෙනම තියෙනවා, ඊට අමතරව පිටරට යවලත් සායනික පුහුණුව දෙනවා කියලා...මට නම් පේන්නෙ ඇමතිතුමාලගෙ ලණු කාල මේවගේ ප්‍රයිවෙට් විද්‍යාල වලට ගිය අයටයි ඒගොල්ලන්ගෙ සල්ලි වලටයි අබ සරණයි කියල...හොඳම සෙල්ලම තියෙන්නෙ වෛද්‍ය සභාවේ ලියාපදංචි වෙන්න ගියාම... (ස)
හුගක් අය එක එක මත දරනවා , නමුත් මට පෙනෙන විදිහට ඇත්ත තමා, වැඩිම ලකුණු ගන්න ළමයින් තමා වෛද විද්‍යාලයට ඇතුල් වෙන්නේ, එතනදී ඒ ළමයින් දුප්පත් පොහොසත් ද කියල සැලකිමක් නැ. දක්ෂ ළමය ඇතුලත් වෙනවා. නමුත් මෙමෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙනේ මුදල් ගෙවන්න පුළුවන් අයගේ ළමයි විතරයි . මෙම ක්‍රමය අසාදරනයි.(දී)
මෙතන ප්‍රශ්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල නෙමෙයි. මැද මාවතේ යන පෞද්ගලීකරණය ප්‍රතික්ෂේප කරන්න මේ අාණ්ඩුව කොහොමද පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දෙන්නේ? මෙයාල බලයට අාවෙ යළි පුබුදමු ශ්‍රී ලංකා විවේචනය කරල. (ස)
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙලියන්. පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්.. රට ගිනිගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන්.. එගිනි නිවන මග සෙවීම වරදකිදැයි මට කියන්.. ගිනි ගන්නා රටක කෙලින මීහරකුන් වැනි පුතුන්.. කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන්.. කෝටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්.. කිරි මවු ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්.. (ස)
අලුත්ම සටන් පාඨ්ය "විශ්ව විද්යාල යන්න පාස් උනොත් හොද ජොබ් එකක් කරපන්.. නැති උන් අපි ගාව හිගා කාපන් " (නදී)
අහිංසකයාට මේ තරම් වෛර කරනවද මේ අය (දී)
මේවාට පිළිතුරු නැහැ (දී)
ලංකාවෙ වෛද්‍ය විද්‍යාල වල ඉගෙනගන්න 50%ක්ම හරියට ඉගෙනගත් අය නෙමෙයි. ලංකාවෙ ඉගෙනගත් අය 20%ක් ළකුණු අරගෙන පාස්වෙනවා. රට ඉඳලා එන ළමයි 45%ක් අරගෙන සමත් වෙනවා.කවුද එතකොට වැඩිපුර දක්‍ෂ? (නි)
සී 3ක් ගත්තත් විශ්ව විද්‍යාලයට සමත්. ඔන්න ඔය කෑල්ල යු ජි සි අත් පොතෙන් අයින් කරනකම් මාලඹේ කැම්පස් එක හරි. කොහොම උනත් අවමය බී 2 සි 1 වත් ඕන මාලඹේ යන්නත්. නමුත් ඔය ආණ්ඩුවේ දොස්තරු රට දල යන එකට මොකෝ කියන්නේ ? (දී)
කුහකකම සහ ඉරිසියාව (දී)
මොකා කොහෙන් ආවම මොකද සුදුසුකම් සපුරනවා නම් (නදී)
අපි කාගේත් ළමයින්ට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගිහින් ඉගෙනගන්න බැරි එක සත්‍යයක්. නමුත් රටට තවත් දොස්තරලා අවශ්‍යයි. ඉතින් පුළුවන් කෙනෙක් ගිහින් ඉගෙනගෙන ආවම ඇති වැරැද්ද මොකක්ද? (නි)
සල්ලි නැතිනම් උපාදියත් නැහැ (දී)
මෙයාල කියනවා රජයේ විශ්වවිද්‍යාල වලින් පිටවන අය හොඳ ප්‍රමිතියේ දොස්තරලා කියා. මගේ දරුවා ලැබුනේ රජයේ ලොකුම කාන්තා රෝහලේදී. නමුත් වෛද්‍යවරුන්ටත් බැරි උන ළමය හරියට ගන්න. වෛද්‍යවරු 6 ක් විතර හිටියා ඒ වෙලාවේ. ළමය එලියට ගැනීමේදී කුණු සිරවීම නිසා අදටත් මගේ දරුවා කතා කිරීමට වෙනත් දේවල් කර ගැනීමට බැරි කිසිම දෙයක් තේරෙන්නේ නැතී දරුවෙක්. දැන් දරුවා අවුරුදු 10 කි (නදී)
අපි කොහොමත් වෛද්‍ය විද්‍යාලයට තේරිලා ඉන්නේ. අපි වෛද්‍යවරු වෙන එක කාටවත් නවත්තන්න බෑ. අපි මේ සටන් කරන්නේ අපේම අනාගත නංගිලා මල්ලිලාට නිදහස් අධ්‍යාපනය රැක දෙන්න. අම්මේ තාත්තේ අයියේ අක්කේ. බුද්ධිමත්ව හිතන්න. තේරුම් ගන්න. (නදී)
අවිශ්ක ඔයාගේ අදහසට මමත් එකග වෙනවා. නිදහස් අධ්‍යාපනයේ මළගම කිව්වට මෙයාලටත් අන්තිමට මතක නෑ මෙයාලා ඉගෙන ගත්තේ රජයේ මුදල්වලින් කියලා. සල්ලි මත්තෙම තමා. ඉතින් පෞද්ගලික රජයේ කියලා වෙනසක් මොකටද (නදී)
සල්ලි වලට හැමදේම යට වූ කාලයක් මේක (දී)
අනේ මන්දා. මේකේ කියවනකොට මට නම් හිතෙන්නේ අපේ රටේ මිනිස්සු කොච්චර ආත්මර්ථකාමීද කියලා තමයි. තමන්ගේ හිතේ කුහක හැඟීම් තිබුණට මේ වගේ අදහස් දාලා ඒවා හැමෝටම පෙන්වන්න ඕනෑ නැහැ (නි)
රජයේ වගකීම හරි දේ කිරීමයි !! මේගොල්ලන්ගේ පදේට නටන්න ඕනෙ නැහැ ලංකාවේ ඉන්න හැම දරුවෙකුට ම හොද අධ්‍යාපනයක් ගන්න විදිමත් වැඩ පිලිවෙලක් හදන්න පුද්ගලික හෝ රජයේ හෝ දුප්පත් පොහොසත් බේදයෙන් තොරව වගකීමක් ඇති පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කළාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (ස)
සමහර කමෙන්ට් දැක්කම හිනත් යනව අප්පා .එ මහත්තුරු, නොනලට කියන්නෙ තමන්ට රටේ , සමාජයේ ප්‍රශ්නයක්වත් තෙරුම්ගන්නවත් , එවට විරුද්දව කතා කරන්නවත් බැරි නම් අනේ කරුනාකරල මේ කරන වැඩවලට උදැල්ල නොදා ඉන්නවද (දී)
මේ ළමයි මෙහෙම කතා කරන එක අපි අගය කරන්න ඕනි,පැහැදිලිවම ඔය සල්ලි ගෙවල ඉගන ගන්න ළමයින් ගෙ දැනුම මදි නම්, උපාදියේ ගුණාත්මක බව අඩුනම් සටන් කිරීම සාදාරනයි,තව අතකින් බැලුවොත් ළමයි යවල අම්මල අඩනවට වඩා මෙහෙම ඉගන ගන්න තියේනම් තවත් හොදයි,නමුත් මම හිතන්නේ මේක ජනසතු කරනවට වඩා රට ගිහින් එන ළමයින් ට වගේ විභාගයක් තියන්න කියල සටන් කරා නම් හැමෝගෙම පැත්තෙන් වඩා සාදාරනයි (දී)
මම නම් වැඩිපුර ඉගෙන ගත්තේ නැහැ (දී)
මෙකෙ තියන අදහස් බැලුවම තේරෙනව අපේ රටේ මිනිස්සු හරිම මෝඩයි කියල , තමන්ගෙ අයිතිය සල්ලි වලට පාවල දෙනකොට ඒකට විරුද්ද වෙන එක ඉරිසියාවයි කුහක කමයි වෙන්නෙ කොහොමද ? රජයේ රොහල් වල සායනික පුහුනුව රජයේ වෛද්‍ය විද්‍යාල වල ලමයින්ගෙ අයිතිය , සල්ලි වලට උපාදිය ගන්න ආව අයට රජයේ රෝහල දීල උඩ බලන් ඉන්නද ඒ ලමයින්ට කියන්නෙ . (දී)
මේකට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. රජයේ වෙද විදුහලෙන් එලියට ගියාම ඒ අය අනිවර්යයෙන්ම රජයේ රෝහල් වල පමණක් සේවය කිරීමට නීතියකුත්, පුද්ගලික වෙද විදුහලෙන් එන අයට පමණක් පුද්ගලික රෝහල් වල වැඩ කිරීමට හැකි බවට නීතියකුත් පමණයි. එහෙමනම් එහෙමයි. මෙහෙමනම් මේහෙමයි. එව්වට නෝ කතා. (දී)
රජයේ වගකීම තිබෙන විශ්වවිද්‍යාලවලට අමතරව තව අලුතෙන් විශ්වවිද්‍යාල ඇතිකිරීමයි දරුවන් දෙගුණයකින් බදවා ගත්තනම් මේ කාටවත් දගලන්න බැහැ නේද ? වැඩිවන ජන ගහණයත් එක්ක පහසුකම් වැඩිවෙන්න ඕනේ රටේ අනාගතය ගැන හිතල තව විශ්ව ද්‍යාල ඇති කරන්න බලධාරිගේ වගකීමක්.(ස)
අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් කියන්නේ (දී)
චාමිකරගේ කතාව ඇත්ත (දී)
මම නම් මේ කට්ටියට ෆුල් සපෝට් එක දෙනවා (දී)
මේ වගේ මිනිස්සු ඉන්න රටක්(දී)
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙලියන් , පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයින් , රට ගිනිගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන් , එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන් (දී)
අයියෝ සල්ලි කියුවලු (දී)
ඒ ළමයින්ට වැඩ නැ එකයි මේ රස්තියාදු ගහන්නේ (දී)
අන්තිමේ අපි වචන වලින් රනන්දු කරගෙන විතරයි (දී)
ඔයා හරියටම හරි අජිත්, මේ ළමයි දැන් නම් කතා කරන්නේ වැරදි මාතෘකාවක් මුල් කරගෙන,පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල තියන අඩුපාඩුකම් පෙන්වල දෙන්න එයාල සටන් කරා නම් සාදාරනයි,මේක ටිකක් අත්මර්ථකාමි වැඩක්,ජාතික රෝහලේ මදි නම් වෙනත් රෝහලක හරි ඒ ළමයි සායනික පුහුණුව ලබන එකෙන් කාටවත් හානියක් නැහැනේ,පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් තියන වාසි සේරම අමතක කරලා වැරදි කියනවට වඩා,වැරදි හදාගෙන හැමෝටම සාදාරන විසදුමක් හොයන්වනම් හොදයි (දී)
පවුද්ගලික උපාධියට ලක්ෂ 60ක් වියදම් කරන්න පුලුවන් අද රටේ කීයෙන් කී දෙනටද? පෞද්ගලික උපාධි කඩ දාන් ඉන්නෙ කවදාවත් තැනකට යන්න බැරි අපෙ රටේ මැති ඇමතිලගෙ ලමයි ටිකයි සල්ලි කාර බිස්නස් කාරයොන්ගෙ ලමයින්ටයි දොස්තර වෙන්න, නැතුව මේ වෛද්‍ය විද්‍යාලෙ යන්න ලකුනක් මදි උන ලමයි නෙවෙයි , එයාල කවදහරි අපේ රොහල් වල වැඩ කරන්න ගත්තම තමයි අපේ රටේ මිනිස්සුන්ට තෙරෙන්නෙ, (දී)
මාලබේ අයට ඉරිසියා කරන්න තරම් අපට පිස්සුවක් නෑ. අපි කවද හරි අපේ දැනුමෙන් රටේ බැබළෙද්දී සල්ලි වලින් පිනුම් ගහන අයට බලන් ඉන්න වෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේකෙන් ඉගෙන ගන්න මහන්සි වෙන අපටත් සායනික පුහුණුව ගනිද්දී ප්‍රශ්න ඇති වෙන එකයි. ආණ්ඩුව මොන පදේ නැටුවත් "කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා".. ජය වේවා සොහොයුරනේ! (දී)
මම කාලෙකින් දැකපු වැඩියෙන්ම හිනා යන ප්‍රකාශයක් දේශප්‍රිය මහත්තය කරලා තියෙන්නේ... (දී)
මෙතන ළමයි ගොඩක් ආවේගශීලී අදහස් දක්වනවා වැඩියි. එයාලා ලංකාවේ බුද්ධිමත්ම පිරිස වෙන්න ඕනෑ වුණාට ළමයින්ගේ අදහස් වලින් පෙනෙන්නෙ එයාලා උසිගන්වනවා වගෙයි.පව් අහිංසක ළමයි තර්ක නොකරම මෙහෙම දඟලන එක! හැම ළමයම මෙහෙමද? අපි අනාගතයේ බේත් ගන්නේ මෙහෙම කුහක ළමයින්ගෙන්ද? (නි)
කොච්චර වැඩ තිබුනත් අදහසක් නොදා බැහැ. ඉස්සෙල්ලම කියන්න ඕනි ඔබගේ අරගලයට ජයෙන් ජයම වේවා!! පේරාදෙණියෙන් සුභපැතුම්. පාසල් ගිහිපු ටියුෂන් ගිහිපු ළමයට වැඩිය 'සරසවි ශිෂයයා' වෙනස් වන්නේ ඇයි? බුද්ධිය,දැනුම,පරිණත භාවය,කණ්ඩායම් හැඟීම,සාමූහිකව වැඩ කිරීම,සමාජ සාධාරණත්වයක් උදෙසා ක්‍රියා කිරීම වැනි බොහෝ දේවල් වලින්. මේ කරුණු කාරණා නිසා අතීතයෙදී සරසවි සිසුවා කෙරෙහි සමාජයෙහි තිබුනේ ලොකු ගරුතවයක්. මොකද හැමෝම දන්නව සරසවියට ගන්නේ අත උස්සලා නෙමේ කියල. මේ හේතු නිසා බොහෝ කාලයක් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය යහමින් පැවතුනා. මොකද උපාධියක් ගන්නව කියන්නෙ වාහනයක් ගන්නව වගේ දෙයක් නොවන නිසා. වාහනේ අරන් පිස්සු කෙලලා මලොත් එකේ පාඩුව ඌට විතරයි. නමුත් හොරට උපාධියක් ගත්තොත් ඒකෙ ප්‍රති විපාක විදින්න වෙන්නෙ සමස්ත සමාජයටමයි. සල්ලි දීල විශ්ව විද්‍යාලයකට ඇතුලු වීම අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෙමේයි. ඒත් ඒක " විශ්ව විද්‍යාලයක් " විය යුතුයි. විශ්ව විද්‍යාලක් සහ උපාධි කඩයක් අතරේ වෙනස කට්ටිය දන්නව ඇති කියල හිතනව. මේ හේතුව නිසාම අතීතයේ සැබෑවටම ධනවත් මිනිස්සු තමන්ගේ ළමයින්ව පිටරටවල සුපිරි ගණයේ විශ්ව විද්‍යාල වලට යවල හොද අධ්‍යාපනයක් ලබා දුන්න. නමුත් සල්ලි හෙවීම ඇර වෙන කිසිවක් අරමුණු නොකරගත් වර්තමානයේ හතු පිපෙන්නාක් සේ ආරම්භ කර තිබෙන කිසිදු ප්‍රමිතියකින් තොර උපාධි කඩ නම් සමාජයට මහත් පිලිලයක් වග නම් නොකියම බැරිය මේ පහලවන්නේ අගාදයක පෙරනිමිතිදැයි සිතේ. සියලු දෙමපියෝ තම දරුවන්ට ආදරය කරති. ඔවුන්ව දොස්තරලා කරන්න කැමතිය. ඔවුන්ව රජුන් කරන්නට ඊටත් වැඩිය කැමතිය. නමුත් කටුක සත්‍ය නම් රජුන් තැනීම සේම දොස්තර කෙනෙකු වීම්ද පහසු නොවන වගය. ඔවුන්ට මෙය වැටහෙනුයේ තමාගේම දොස්තර පුතා තමාගේම සැත්කමේදී වැරදි නහරය කැපූ කොට පමණි. එවිට සියල්ල සිදු වී අවසානය. (ස)
වෙන උපාධි වගේ නෙවෙයි වෛදය උපාධිය. මොකද දොස්තර වෘත්තිය මිනිසුන්ගෙ ජීවිත වලට බලපාන වගකීමක් ඇති වෘත්තියක්. රජයේ වෛද්‍ය විද්‍යාල වල ඉන්නෙ උසස් පෙළින් තෝරාගත් ඉහළම ළකුණු ඇති ළමයි. නමුත් පුද්ගලික විද්‍යාල වලින් එළියට එන අයගේ සුදුසුකම් ගැන විශ්වාසයක් තියන්න පුලුවන්ද? කවුද එයාලගෙ ගුණාත්මකභාවය බලන්නෙ? (නි)
ලක්ෂාණි දුවේ, ඔයාලට ඉඩ මදි නම් ඇයි වෙනත් රෝහලකට යන්න කියන්නේ නැත්තේ? දැනුම මදි නම් රට ගිහින් එන ළමයින්ට වගේ විභාගයක් තියන්න කියලා කියන්නේ නැත්තේ? ඇයි කවුරු වුණත් ඉගෙනගන්න එකට ඊර්ෂ්‍යා කරන්නේ? (නි)
මේ ලිපියට දක්වා තියෙන ප්‍රතිචාර දැක්කම අපිට අපි ගැනම දුක හිතෙනවා. ලංකාවේ බහුතරයකගේ මතයත් මේ වගේ ඇති කියලයි මට හිතෙන්නෙ. මේ මිනිස්සු අපි ගැන හිතාගෙන ඉන්නෙ හරිම වැරදි විදියට.අපිට තවත් කෙනෙක් ඉගෙනගන්න එක වළක්වන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. රටක් දියුණු වෙන්න එහි අධ්‍යාපන පහසුකම් වැඩි වෙන්න ඕනෑ.මගේ පෞද්ගලික මතය නම් රටක පෞද්ගලික විශ්ව විද්‍යාල පැවතිය යුතුයි. හැබැයි ඒවාට නියමිත ප්‍රමිතියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. දැනට ඔය කියන විශ්ව විද්‍යාලයේ එම ප්‍රමිතිය තියෙනවද? අනිත් ගැටලුව තමයි අපේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතියේ දියුණුවක් නැති තරම්. ඇයි එහෙම වෙන්නෙ? තවමත් අපි ඉගෙනගන්නෙ හැටේ දශකයෙ විදියට. ඇයි මේවා සංවර්ධනය කරන්නෙ නැත්තෙ? ඉඩකඩ පහසුකම් ඉතාම සීමිතයි.මේවාට විසඳුම් නොදී පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්නෙ රටේ අධ්‍යාපනයට තිබෙන ආදරේට නම් වෙන්න බැහැ. (නි)
ඒවායේ ළමයි සල්ලි දීලා පුද්ගලික රෝහල් වල සායනික පුහුණුවට යනවා. එක වාට්ටුවක පුහුණු වෙන්න පුලුවන් සීමිත පිරිසකට විතරයි. එතකොට පුද්ගලික ළමයි ඉගෙනගන්න ආවම රජයෙ වෛද්‍ය විද්‍යාල වල ළමයින්ට පැත්තකට වෙලා ඉන්න වෙනවා. රජයේ රොහල් වල බාධාවක් නැතුව ඉගෙනගන්න එක රජයේ වෛද්‍ය විද්‍යාල වල ළමයින්ගෙ අයිතිය. ඒකට තමයි එයාලට වෙනම ශික්ෂණ රොහල් වෙන් කරලා තියෙන්නෙ. (නි)
පුද්ගලික විශ්වවිද්‍යාල දැමීමේ ඇති වරද මොකද්ද කියලා කියන්නකෝ (දී)
දරුවනේ, මේකට උත්තර දෙන්න. ඔයාලා එක්ක විශ්ව විද්‍යාලය ඇතුළේ නැද්ද සල්ලි තියන ළමයි? පුද්ගලික පාසල් වල ළමයි? ඔයාලා ටියුෂන් ගිහින් නැද්ද සල්ලි දීලා? ඒක නිසා නෙමෙයිද අද ඔයාලා ඔතන ඉන්නේ? දැනුම කියන දේට හැමෝටම අයිතියක් තියනවා,සල්ලි තිබුනත් නැතත්. සල්ලි වලට දැනුම විකුණන්න දෙන්න එපා. නිදහස් අධ්‍යාපනය නැති කරන්න දෙන්නත් එපා. අපිත් විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ඒ වෙනුවෙන් සටන් කළා. විශේෂයෙන් දැනුම නැති අයට දොස්තර නලාව දෙන්න බැහැ. ඉතින් ඒකට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රමිතිකරනය කරන්න කියලා සටන් කරන්න බැරිද? ඇයි මේ වෙනස් තේමාවක් අරගෙන?මේක දේශපාලනික උසිගැන්වීමක්දෝ මන්දා (නි)
ශෂීගේ කතාව හරි. මෙතන අදහස් දාන අය ඇතුළේ වෙන ප්‍රශ්න දන්නේ නැහැනේ. (නි)
දැන් පාරේ ට්‍රැෆික් හැදෙන්නේ නැද්ද (දී)
සායනික පුහුණුවට පෞද්ගලික රෝහල් වලට යන්න (නි)
සල්ලි දීලා මොකටද ඉගෙන ගන්නේ (දී)
මේ සමහර අදහස් දැක්කාම අනේ අපොයි කියලා හිතුණා (නි)
මම හිතන්නේ දැන් කතාව හරි විදියට කෙරෙනවා. සල්ලි තියන ළමයි උසස් පෙළ පවා සමත්වෙනවා, සල්ලි වියදම් කරලා. සල්ලි තියන ළමයි පිටරට හරි ගිහින් දොස්තරවරු වෙනවා. මෙතන තියන ප්‍රශ්නය අපේ ළමයින්ට සායනික පුහුණුව ගනිද්දී ප්‍රශ්න ඇතිවෙන එක නම් එයාලා ජාතික රෝහල නොවන,දැනට ශික්ෂණ රෝහල් නොවන රෝහල් සඳහා යොමුවෙන්න කියනවා නම් වඩා හොඳයි. ඒකෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් සල්ලි අරගෙන එහෙම රෝහල් තව දියුණු කරන්නත් පුළුවන්. රට ගිහින් එන ළමයි වගේ විභාගයක් රජයෙන් පැවැත්වූවා නම් දැනුම මදි අය විභාග අසමත් වෙයි. ළමයි ඒ වෙනුවෙන් සටන් නොකර පුද්ගලික වෛද්‍ය විද්‍යාල වහන්න උත්සාහ කිරීම හරිම ආත්මාර්ථකාමියි. ලෙඩක් වුණාම ලෙඩේ ඇති තැනට පිළියම් කරන්න වෛද්‍ය විද්‍යාල වලින් උගන්වලා නැද්ද මන්දා? මේ ළමයි කකුලේ තුවාලයට අත කපනවා වගෙයි! (නි)
ඒ ළමයි හරි (දී)
මෙච්චර වැඩ තියෙන ළමයි පාරට බහින්නේ නිකන් වෙන්න බැහැනේ.අනේ මන්දා, මට තේරෙන විදියට රටේ සල්ලි ඉතුරු කළා නම් ඉවරනේ. අහිංසක අම්මලා තාත්තලාගේ ළමයින්ට වරද්දන්නේ නැතුව තව රජයේ විශ්ව විද්‍යාලයක් දැම්මා නම් අර ලකුණක් අඩු ළමයට යන්නත් තිබුණා. ඒ ළමයට විතරක් නෙමෙයි තව ළමයි ගොඩකට යන්න තිබුණා. (නි)
පොඩ්ඩක් අපිට වඩා හොඳට තියන උඹලගේ මොළගෙඩි ටික පාවිච්චි කරපන් නංගියේ මල්ලියේ! (නි)
දරුවන්ට වේල් තුන කන්න අඳින්න දෙන්න සල්ලි නැහැ.පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යවන්න ලක්ෂ 65 ක් තියෙනවා වගේ අදහස් දමන්නේ.අම්මපා පුදුම හරක් ගොඩක් ලංකාවේ ඉන්නේ. (ස)
අප මේ සම්බන්ධව උද්ඝෝෂණය කරන විට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් අපට හිනාවුණා. අවසන් මොහොතේ හෝ ඔවුන් සත්‍ය තේරුම් ගැනීම සම්බන්ධව අපගේ සතුට. (ස)
මෙයාලා ඕකෙන් එලියට ඇවිත් පෞද්ගලික රෝහල් වල වැඩකරන්නේ නැතිනම් මෙයාලා කියන එක හරි. මේක තමන්ගේ පංගුව අඩුවෙයි කියන බයට කරන සද්දයක් මිසක් රටට හෝ ජනතාවට ආදරේට කරන්නක් නෙවෙයි. (ස)
ඉරිසියාවමයි කියන්නත් බැහැ (දී)
අනේ දරුවනේ කවදාවත් දිනන්න බැරි සටනක් වෙනුවෙන් වැස්සේ තෙමිලා ලෙඩ වෙන්න එපා. ඔයාල ලංකාවේ සම්පත් (නදී)
කලන, මාලබේ වෛද්‍ය උපාධිය නම් ලක්ෂ 65ක් දීල ගන්න බෑ. ඒකට ලක්ෂ 100වත් යනවා... (ස)
ඔබ වෛද්‍ය ශිෂ්‍යන් ගැන හරියට දන්නවනම් මෙහෙම කතා කරන්නේ නැ. වෛද්‍ය උපාධිය කියන්නේ ලෝකයේ තියන අපහසුම උපාධි වලින් එකක්. A /L වලින් 90-95% වගේ ලකුණු අරගෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුලුවෙන ළමයා වෛද්‍යවිද්‍යාලය තුල ගන්නේ ලකුණු 50%-55% පමණි. එය ශිෂ්‍යාගේ වරදක් නොව එය වෛද්‍ය උපාධියෙන් බලාපොරොතුතු වෙන සාධන මට්ටමයි. කතාවට කියන්නේ A/L අවුරුදු 3ක් කරපු දේ පළමු දේශනයෙන්ම ඉවර කරනවා කියල. ඉතින් ඔබ හිතනවද A/L ලකුණු 50-55% ලබාගත් සිසුවෙකුට මෙවැනි විශය ධාරාවක් දරාගත හැකියි කියල? (ස)
ඔය රජයේ හොස්පිටල් වල පුද්ගලික විද්‍යා සිසුන්ට පුහුණුව එපා කියනවා නම් ඊට කලින් දැනට රජයේ රෝහල් වල සිටින පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්තු දොස්තරලත් එලියට දාන්න කියන්න. (නදී)
මම දන්නා ළමයි ඕකේ ඉන්නවා කොළඹින් තුන්වෙනි පාරට විභාගේ ලියලා ඒ.ඒ.බී ප්‍රතිපල අරන් ඕකේ දැන් ඉන්න. සියලු වියදම් එක්ක එයාල ලක්ෂ 120ක් දීල රට යනවට වඩා ලක්ෂ 65ක් දීල අම්මලා එක්කම ලංකාවේ ඉදන් කැම්පස් යන්නේ මේකට පින් සිද්ද වෙන්න. (නදී)
කොහොම කොහොම අද්‍යාපනය වලපල්ලට යනවා (දී)
වසරකට විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් කී දෙනෙක් රජයේ වෛද්‍ය සේවයට එක්වෙනවද? ඒ ගැන මොකද ඔය වෛද්‍ය සිසුන් හෝ වෛද්‍ය සංගමය කතා නැත්තේ? විරෝදතා දක්වද්දී සාදාරන වියයුතුයි. නැත්නම් මෙතන ඉරිසියාව හැර වෙන දෙයක් නැහැ කියල පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. කොහොම උනත් මේ වනවිට ලංකාවේ වෛද්‍ය සේවය විශාල පිරිහීමකට ලක්ව ඇති බව කාටත් තේරෙනවා.(නදී)
තව තවත් විශ්වවිද්‍යාල බිහි පාඩුවක් වෙන්නේ නැහැ (දී)
ජොහාන් රටට දොස්තරල ඔන එක ඈත්ත නමුත් දැන් තියෙන ප්‍රමානවත් දැනගෙන කතා කරන්න.(දී)
ඒකට ආණ්ඩුවට තව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න පුලුවන් නේද? එහෙම නැතිව තියෙන විශ්වවිද්‍යාලයන්නුත් වහන තත්වයකටයි පත්වෙන්නෙ.(දී)
කඩේකට ගිහින් බඩුවක් ගන්නවා වගේ උපාධිය ගන්න එකට අපි විරුද්ධයි. (නදී)
ඔන්න මමත් විරුද්දයි (දී)
මමනම් කියන්නේ ලංකාවේ ඉගෙන ගන්න අයටයි විදේශයන්වල ඉඳල එන අයටයි මාලඹෙන් එන අයටයි ඔක්කොටම එක සාධාරණ විභාගයක් තියන්න ඕන. යම් සම ලකුණු මට්ටම් සහිතව.. ඒකෙන් සමත් වුනු අයට විතරක් පත් වීම් දෙන්න ඕන.. එහෙම කලානම් ඔය කාටත් බලා ගන්න තිබුණ කාගේ කාගේත් කොලිටිය..නිදහස් අධ්‍යාපනේට එක ලකුණු මට්ටමකුයි පුද්ගලික අධ්‍යාපනයට තව ලකුණු මට්ටමකුයි දෙන එක හරි අසධාරනයක්නේ..කට්ටියගේ වැඩ බලන්නත් එක්ක එක අවුරුද්දක් ඕක කරලා බලාන්න.. ඔය ගොඩක් අයගේ රෙදි ගැලවේවි එහෙම කලොත්..එදාවේල හොයාගන්න මට ලක්ෂ 65 වල් නැහැ ඩුබායි තිලක් මහත්තයෝ.. මගේ දරුවන්ටත් මම උගන්නන්නේ සරසවියට යවන අරමුණින් තමයි.. ඒ වුනත් මගේ දරුවන් වෙනුවෙන් මම අනුන්ගේ දරුවන්ට ඉරිසියා කරන්නේ නැහැ..මට නැහැ කියල මම ඔය ගමේ ගොඩේ ජේ වී පි කාරයෝ වගේ ඇති එකාට ඉරිසියා කරන්නේ නැහැ.. (ස)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පෞද්ගලික ශික්ෂණ රෝහල් හැදුවා නම් මේ ප්‍රශ්නේ ඉවරයි නේ. මේ සේරම සල්ලිවලින්ම අහවර කර ගන්නකෝ නිදහස් අධ්‍යාපනය ලබන අයට බාධා නොකොට. (ස)
අධ්‍යාපනය මාලබේටම ගොනු කරන්නේ මොකද (දී)
සල්ලි නිසානේද මේ පාරේ කට්ට කන්නේ (දී)
මේ සිරිපාලලා ගුණවතිලා බොහොම අකමැතියි මෙවැනි දේවල් වලට (නි)
ඉරිසියාව ඕකට කියන්නේ (දී)
රට ගිනිගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන් එගිනි නිවන මඟ සෙවීම වරදක්ද මට කියන්.. (නි)
ඉතින් දොස්තර විභාගේ ඔච්චර අමාරුනම් ඒ ලෙවල් යන්තම් එස් 3 ක් අරගෙන බංගලිදේශයට හරි රුසියාවට හරි ගිහින් ඉගනගෙන ආව දොස්තරලා කී දෙනෙක් ලංකාවේ ඉස්පිරිතාලවල වැඩකරනවාද? ඉතින් ලංකාව ඇතුලත්ම ඉගනගෙන විබාග පාස් වුනාම ඇති වැරැද්ද මොකක්ද? (දී)
මෙම විරෝධය පදනමක් නැති අසාධාරණ විරෝධයක්. අප ජීවත්වන්නේ 1970 කාලයේ නොවෙයි. (නි)
මේ විරෝධයට එරෙහිව දක්වා තියෙන අදහස් දැක්කාම නම් අපේ රටේ ඉන්නේ බහුතරය මොනතරම් මෝඩද කියලා නම් හොඳටම පැහැදිලියි.ඇස් ඉදිරිපිට වෙන අසාධාරණය නොදැක්කා වගේ හෝ ඒ අසාධාරණය තේරුම් ගන්න තරම් මොළයක් නැහැ. (නි)
සල්ලි නැහැ අපි හරිම දුප්පත් නමුත් කීදෙනෙක් ලංකාවෙන් පිටරට ගහිල්ල ඉගන ගන්නවද ? ඉතින් ලංකාවේ ඔය විශ්ව විද්ද්යල ටික හදා ගත්තම අපේ රටේ මුදල් ටික ඉතිරිවෙනවා ඒ වගේම තව දරුවෝ ගොඩකට දැනුම ලැබෙනවා රටත් දයුණු වෙනවා මම නම් හිතන්නේ මෙතන ගැටලුවක් නැහැ ගැටළුවක් කරගෙන තියෙන්නේ මේ ළමයි තමන්ගේ වගකීම ඉස්ට කරලා දක්ෂතාව ලෝකෙට පෙන්වන්න බොරුවට පාරේ නටල වැඩක් නැහැ ඉගන ගන්න හැම කෙනාටම අයිත්ය්ක් තියෙනවා. (අ)
අපිට මොකද අනේ (දී)
උසස් පෙළින් විශ්ව විද්‍යාලයට යන්න බැරි උන ළමයා කානු පල්ලේ බිබී අවිදින්නද මේ කට්ටිය කියන්නේ (දී)
මොකද්ද ඒ පුද්ගලික විශ්ව විද්‍යාල වල තියෙන වරද (දී)
මාලඹේ වෛද්‍ය විද්‍යාල කඩේට වෙනම ඉස්පිරිතාල කඩේකුත් තියෙනවා නේද? (දී)
ලංකාවේ වෛද්‍ය පීඨ වල ගුණාත්මකභාවය පිරිහී ඇත. අධ්‍යාපනික ගුණාත්මකභාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජයකොට ඇත. (නි)
කුහකයි හරිම කුහකයි! (නි)
ගමේ දුප්පත් ගොවියන්ගෙ, කම්කරුවන්ගෙ ළමයි නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට විත් තමන්ට වඩා ඉහළ තැන් වලට යන එක බලාඉන්න බැරි අය තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ආවඩන්නේ. ඒකට තමයි නියම ඊර්ෂ්‍යාවයි කුහකකමයි කියන්නෙ (නි)
අපි සියලු දෙනා එකතු වී පුද්ගලික පාර්ලිමෙන්තුවකුත් පිහිටවමුද? එක ඡන්දයක් අඩුවෙන අයට ජීවිතය ජයගන්න? (නි)
අනුක , විහිලු කතා කියන්න එපා. කොහොමද කියන්නෙ අපෙ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මකභාවය පිරිහිලා කියලා? ඔයා අපේ වෛද්‍ය පීඨ කීයක ඉගෙනගෙන තියනවද? ඔය කියන රටවල් වලිනුත් සායනික පුහුණුවට අපේ රටට ළමයින් එනවා (නි)
අධ්‍යාපන තරඟකාරිත්වය හොඳයි. ඒත් ළමයින්ගේ ඉල්ලීමත් සාධාරණයි. (නි)
මේ අය මෙහෙම විශ්ව විද්‍යාලයේ ඉන්නකොට මේ වගේ උද්ඝෝෂණ කරනවා. දොස්තර වෘත්තියට ඇවිල්ලා චැනල් ප්‍රැක්ටිස් කරලා හොඳට අතමිට පුරවා ගන්නවා.(සැබෑ ජීවකයන්ට ප්‍රණාමය) පවුල් පන්සල් වෙලා ළමයි ලොකුමහත් වුණාම බහුතරය කරන්නේ ළමයින් පෞද්ගලික පාසල් වලට යවන එක.ලංකාවේ රජයේ ජේෂ්ඨ දොස්තරවරු බහුතරය අනුගත වෙලා තියෙන්නේ පුළුවන් තරම් චැනල් ප්‍රැක්ටිස් කරලා සිය මඩි තර කරගන්න. මම දැක්කා කොළඹ පෞද්ගලික රෝහලක රාත්‍රී මැදියම 2.00 කටත් හිටි දොස්තරවරියක්. ඇත්තටම රජයේ රෝහල්වල කැපවීමකින් සිය රාජකාරිය කරන්නේ කීයෙන් කීදෙනාද? (නි)
විශ්ව විද්‍යාලයේ සිසුවන හැමදේටම අර මොකක්ද ලේබලයක් අලවන මහත්වරුන්ට මේකට එහෙම කරන්න අමතක වෙලාද? (නි)
මෙතන පැහැදිලිවම ගැටළු කීපයක් තිබෙනවා. පළමුව තරඟය නිසා වෛද්‍ය පීඨය අහිමිවන දක්ෂ සිසුන්ට යම් විකල්පයක් තිබුය යුතුයි. එක්කෝ රජයේ වෛද්‍ය පීඨවල ධාරිතාවය වැඩි කළයුතුය. නැතහොත් දක්ෂ විද්‍යා මාධ්‍ය සිසුන් සඳහා පමණක් දුප්පත් සිසුන්ටත් මුල්‍ය අනුග්‍රහයක් ඇතුව ක්‍රමවත් ආකාරකට රජයේ මැදිහත්වීමෙන් උසස් තත්වයෙන් යුත් පුද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කළයුතුය. මීට අමතරව විදේශ වෛද්‍ය උපාධි ලබාඑන්නන් බඳවා ගැනීම සීමා කළයුතුය. අද සිදුවන්නේ රජයේ වෛද්‍ය සිසුන්ට අමතරව විශාල ලෙස ධනවත් සිසුන් විවිධ විදේශ වෛද්‍ය පීඨවෙත යාමයි. මෙයින් විශාල මුදලක් විදේශ කරා ඇදීයයි. (නි)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන්නවුන්ට ඊර්ෂ්‍යා කිරීම ගුණමකු නොවේ !දක්ෂ ශිෂ්‍යයෙකුවූ " අහිංසක " අන්ගුලි මාලයෙක් කළේද හිතවත්ව සිටි ශිෂ්‍යයෝමයි ! (අ)
හරි හරි, අපි මීට පස්සෙ කෑගහන්නෙ නැහැ. අපි දොස්තරලා. මේකේ කියලා තියෙන විදිහට හොදට හම්බ කරගන්න සල්ලි වලින් අපේ ළමයිනුත් කවදාහරි මේකට යවලා දොස්තරලා කරනවා. මේක ලක්ෂ 100 ට නෙමෙයි 1000 ට ගියත් අපිට කමක් නැහැ. අම්මපා! මේ අදහස් දැක්කම පශ්චාත් භාගයෙනුත් හිනා යනවා. මේ මෝඩයින්ගෙ ළමයින්ගේ අයිතිය වෙනුවෙනුයි අපි කෑගහන්නෙ කියලා තේරෙන්නෙ නැති හැටි (නි)
මේක හරිම අසාධාරණයි ,එතකොට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි වුන අයට තමන්ගේ ඉලක්කය සපුර ගන්න බැ??? මේකට කියන්නේ ඉරිසියාව කියල.එත් අපිට පොරොන්දු දී තිබෙනවා කවදාවත් මාලබේ සයිටම් එක වහන්නේ නැ කියල ,පව් මේගොල්ලෝ වැස්සේත් තෙමිලා ,පව් අප්පා, (දී)
ලංකාවේ ඉන්න මිනිසුන්ගේ මෝඩකම මේකේ තියන අදහස් වලින් හොඳටම තේරෙනවා. අහලා තියනවා නේද ලංකාවේ සෞඛ්‍යය හොඳ තත්ත්වයක තියනවා කියලා? ඔය කොච්චර දොස්තරලාට බැන්නත්, ඒ මිනිසුන්ගේ තත්ත්වය නිසා තමයි රට මේ තත්ත්වයෙන් තියෙන්නේ. මේ පාරට බැහැලා ඉන්නේ මේ රටේ දක්ෂම සිසුන් (නි)
මේ වෛද්‍ය ශිෂ්‍යයින් මීට කලකට පෙර වර්ජන උද්ඝෝෂණ වලට ආවේ නැහැ. අධ්‍යාපනය පුද්ගලිකකරනයට එරෙහිව වෙනත් සිසුන් විසින් පවත්වන ලද වර්ජන දෙස උපහාසයෙන් බලමිනුයි මේ අය හිටියේ. අනාගතයේදී තමන්ට පහරවදින බව තේරුම්ගන්න මේ අයට එදා බැරි වුණා. (නි)
කාටවත් මොකද අපිට සල්ලි තිබෙන නිසා වියදම් කළාට? (නි)
උද්ගෝෂණ වලට අදහස් දාලම මට එපා එලා (දී)
මෙතන ප්‍රතිචාර දාන හුඟක් අපේ අම්මලා තාත්තලා මේ ප්‍රශ්න ගැන දන්නේ නැති පාටයි. ඔයාලා දන්නවද උසස්පෙළ හොඳම ප්‍රතිඵල අරගෙන එන රජයේ විශ්ව විද්‍යාල වලට වඩා ගොඩාක් පහසුකම් මෙයාලට ලැබෙන බව? (නි)
අපිට කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. අපි කියන්නේ අපිට වඩා ලකුණක් අඩුවෙන් උසස් පෙළට ගත්ත ළමයි අර කිව්වා වගේ කාණු හෝදනකොට. සල්ලි තියන මැති ඇමතිලගේ ළමයි දොස්තරලා වෙයි. තව කාලයක් යනකොට ගමේ අහිංසක අම්මලා තාත්තලාගේ අපි වගේ ළමයින්ට දොස්තරලා වෙන්න බැරිම වේවි. හරියට ගමේ පොඩි පාසල් දැන්ම වැහිලා යනවා වගේ. (නි)
මෝඩ ළමයි! ආසාවෙන් වළේ වැටෙන්න කෑ ගහපුවාවේ.දඟලපුවාවේ. දරුවනේ, නුඹලා නුඹලාගේ යුතුකම කළා. මේ මෝඩ අදහස් දැකලා හිතෙන් වැටෙන්න එපා. දළදා පිහිටෙන් හොඳට ඉගෙනගෙන මේ අයට පෙන්වන්න කන්නන්ගර මහත්තයා දුන් දේ වටිනාකම. (නි)
මම නම් කියන්නේ දොස්තර මහත්වරු ඊර්ෂ්‍යාව අතහරින්න ඕනෑ, අපේ ඉංජිනේරු මහත්වරු වගේ. (නි)
මේවා ජනසතු කරන්න. එතකොට අපේ උසස්පෙළ කළ ළමයි තව කට්ටියකට මේවට යන්න පුළුවන්නේ. දක්ෂයට තැන ලැබෙයි.මේ අය හිතන්නේ මෙයාලා අධ්‍යාපනය වර්ධනය කරනවා කියලද? ඔයාලා ගැන අපට ඇත්තටම දුකයි. (නි)
ඕකට කියන්නේ ඊර්ෂ්‍යාව. අර අහිංසක සම සෞඛ්‍යය ළමයින්ටත් කළේ ඕකම තමයි (නි)
මේ ඉන්න අයට තේරේවි තමන්ගේ ළමයව පාසලට දාන්න සල්ලි ඉල්ලනකොට. (නි)
පුද්ගලික විශ්ව විද්‍යාල රටකට තිබිය යුතුයි. නමුත් නිසි ප්‍රමිතියකට (නි)
මාලඹේ දොස්තරලා පුද්ගලික රෝහල්වල වැඩ කරපුදෙන්. නොමිලේ ඉගෙනගත් දොස්තරලා රජයේ රෝහල්වල පමණක් වැඩ කරපුදෙන්. එහෙම කිව්වොත් කැමති වෙයිද? කොහොමත් පිටින් එන හැමෝම විභාගය සමත්වෙන්න ඕනෑනේ (නි)
දැනට මෙතැන ඉගෙනගන්න ළමයින්ගේ අම්මලා තාත්තලාත් අවුරුදු ගණනකට කලින් ඔය වගේම උද්ඝෝෂණ වල ඉන්න ඇති (නි)
කට්ටියම මාතෘකාවෙන් පිට ගිහිල්ලා බයිලා ගහනවා වගේ. මෙතන මාතෘකාව සායන පුහුණුවයි. උගන්වන්න සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඇයි සායන පුහුණුවට සල්ලි ව්යදම් කරන්න පසුබට වෙන්නේ? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් වෙනුවෙන් පෞද්ගලික ශික්ෂණ රෝහල් හදාගන්න බැරි ඇයි? පෞද්ගලික සිසුනුත් රජයේ රෝහලට ඇවිල්ලා දෙගොල්ලෝ කඹ අදින්න පටන් ගත්තාම අමාරුවේ වැටෙන්නේ අසරණ රෝගීන් නේද? එහෙම නොවෙයි කියලා කාටද කියන්න පුළුවන් මේ යන විදියට. (නි)
අඩුම ගානේ ලංකාවේ ඕනෑම සරසවියකට ගිය කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නය ගැන වචනයක් අහලා බලන්න. එතකොට තේරෙයි මේකේ ඇත්ත (නි)
මෙයාලා බොරුවට කෑගැහුවට දැනටත් පිටරට ඉගෙනගන්න ළමයි නිවාඩුවට ලංකාවට ආවහම ලංකාවේ ඉන්න කාලේදී පුහුණු වෙන්න දෙනවා (නි)
ඔයාල පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගත්තාට ඔයාලට බේත් බොන්න දැනුමක් ඕනෑ නැහැනේ. ඒත් ඉංජිනේරුවෙක් වෙන්න ඕනෑ ගණන් හදන්න දන්න කෙනෙක්. ඒ වගේ දොස්තර වෙන්න ඕනෑ බෙහෙත් දෙන්න දන්න කෙනෙක් (නි)
නියමයි අබේපාල, ඔයා හරි. අපි සද්ද නොකර ඉඳිමු. (නි)
ඇයි ළමයිනේ මේ අනවශ්‍ය වැඩ වලට කාලය නාස්ති කරන්නේ? (නි)
ළමයිනේ ඔය විකාර නවත්තලා ඉගෙන ගන්න (දී)
මේ අය කියන කතාවලට හිනවෙන්නද අඬන්නද කියල මට නම් තේරෙන්නේ නෑ. ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 3280යි. ඒ කියන්නේ රු.427712.09ක්. අද විනිමය අනුපාත අනුව. 2%ක් වත් නෑ ලක්ෂ 100ක් උපාධියක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් අය. එහෙම රටක අයයි මේ අය කතා කරන්නේ. වෛද්‍ය පීඨයට යන්න ලකුණු මදිවෙන අයට යන්න වෙන හොඳ පාඨමාලා ඕන තරම් තියනවා. බිබී කානු පල්ලේ ඇවිදින්න ඕන නෑ. හැමෝම දොස්තරලා වුනොත් බෙහෙත් ගන්න ලෙඩෙක් ඉතුරු වෙයිද. ඒ නිසයි තරඟකාරීත්වයක් තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න අයත් අන්තිමට පුද්ගලික චැනල් සේවා කරනවලු. අහිංසක රජයේ රෝහලේ ලෙඩා ගැන බලන්න කවුරුත් නැතිලු. ඇත්ත. ඒ අයට පාඩමක් උගන්නන්න තව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්නලු. නොමිලේ ඉගෙන ගත්තු අයත් එච්චර සල්ලි පස්සේ දුවන එකේ කෝටියක් වියදම් කරලා ඉගෙන ගන්න අය නොමිලේ බෙහෙත් කරයි කියල වෙන්නැති බලාපොරොත්තුව. එහෙම නේද අවිශ්ක? හතර හිනා. (නදී)
එතකොට පිටරට ගිහිල්ලා උපාධිය අරගෙන ආවට ප්‍රශ්නයක් නැද්ද? (නි)
කිසිම රජයේ වෛද්‍ය පීඨයක 50% කට වඩා ලකුණු නොගෙන කිසිම විභාගයක් සමත් වෙන්න බැහැ. ආසිරි, දැනගෙන දෙයක් කතා කරන්න. රුසියාව වගේ රටවල ඉඳලා එන හැමෝටම සමත් වෙන්න බැහැ. (නි)
අමිල බලාගෙන, මොළයට වැඩිය බරදෙන්න එපා. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ ඔය අයට කියන්නකෝ පුලුවන් නම් පෞද්ගලික රෝහල් සහ චැනල් සේවා වලටත් විරුද්ධව විරෝධතා දක්වන්න කියලා. (නි)
මම නම් නැහැ ඕවාට (දී)
රටේ මිනිසුන්ගෙන් 2% පමණ ඉන්න ලොකු ලොක්කන්ගෙ උසස් පෙළ අසමත් දූලා පුතාලා වෛද්‍යවරු වෙලා රටේ මිනිසුන්ට බෙහෙත් දෙනකොට කොහොමට තියේවිද? අනික මේ ලොකේ වෛද්‍යවරු වැරැද්දක් කළොත් ජීවිතයක් ඉවරයි. මේ වගේ අයගෙන් එහෙම නොවෙයි කියලා රටේ මිනිසුන්ට පොඩි හෝ විශ්වාසයක් තියන්න පුලුවන්ද? ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට මෙහෙම ගියොත් කියන්න වෙන්නෙ සල්ලි ඇතොත් හැමදෙනාම හැමදේකටම වෙයි සමත කියලා තමයි. (නි)
කව්ද කියන්නේ මේක අසාධාරණයි කියල.. මේක ඉතාම සාධාරණ උද්ගෝෂණයක්. මුදලාලි උපාධියට විරුද්ධවයි මෙයාල උද්ගෝෂණය කරන්නේ.. විශේෂයෙන් වෛද්‍ය උපාධිය හොර එකක් වුණොත් ලෙඩ්ඩුන්ට අබසරණ තමයි...(අ)
අනිත් උපාධි වගේ සල්ලි තියෙන ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි වෛද්‍ය උපාධිය කියන්නේ. (නි)
මිනිස්සු කි දෙනෙක් නොපේ යන්න ඇතිද (දී)
නිදහස් අධ්‍යාපනයට අත තියන්න එපා (දී)
සම සෞඛ්‍ය සිසුන්ට සායනික පුහුණුව නොදී ගණන් උස්සපු අය කොහොමද මාලඹේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට පුහුණුව දෙන්න කැමති වුණේ?ඕක තමයි කියන්නේ දීකිරට බළල්ලුත් සාක්කි කියලා. (නි)
නිදහස් අධ්‍යාපනය අත්‍යවශ්‍ය දෙයක් නමුත් ඊට මුවාවෙලා අනිත් සිසුන්ගේ අධ්‍යාපනය ලැබීමේ නිදහසට මේ අය විරුද්ද වෙනවානම් එක වැරදියි . රජයේ රෝහල් රටේ ඉන්න සියලුම පුරවැසියන්ට සමානව අයතිය තියෙනවා. (දී)
සල්ලි තියෙනවම් ලෝකේ ඕනෑම තැනක ගහිල්ල ඉගනගන්න පලුවන්! අවසානේ එකම විභාගේ මුහුණ දෙන්න ඕනි නේද ? ලංකවේ රජයේ විශ්ව විද්‍යාලයකට ඉගන ගන්න ළමයිගේ ඔලුවේ ලොකු මහන්ත්වයක් තියන් ඉන්නේ එකනේ රජයේ රැකියාවල් ඉල්ලමින් පාරේ රස්තියාදු වෙන්නේ. රටේ අධ්‍යාපනය මොගොල්ල්න්ට පාලනය කරන්න දෙන්න බැහැ ! හැම කෙනාටම අයිතියක් තියෙනවා කොමහරි ජීවිතේ ජයගන්න මෙතන සම්පුර්නයෙන්ම තියෙන්නේ ඉරිසියාව පටු මානසිකත්වය.(දී)
උපාධිය ගත්තාම කොහෙද රස්සාව කරන්න හිතාන ඉන්නේ (දී)
රජයේ විශ්ව විද්‍යාල වලට යන්න බැරි වුණ හැමෝටම පුද්ගලික විශ්ව විද්‍යාලයට එන්න පුලුවන්ද? එදා වේල කන්න නැති අම්මගේ දරුවා ඒකට එන්නේ කොහොමද? පෝසත් ළමය පුද්ගලික විශ්ව විද්‍යාල වලට යනකොට, දුප්පත් අම්මගේ දරුවා කානු පල්ලේ බිබී අවිදින්නද? සල්ලි ඇති හෝ නැති සුදුසුකම් තියන ඕනෑම ළමයෙකුට එම පුද්ගලික විශ්ව විද්‍යාලයද විවෘත විය යුතුය. මෙයද ජනසතු කල යුතුය. අධ්‍යාපනයේ පදනම විය යුත්තේ දක්ෂතාවයද මුදලද?????(අ)
ඕකට කියනේ පුහු උද්දච ඉරිසියාව කියල හැමෝම ලංකාවේ ළමයි! මේ කුහක ගති හින්ද තමයි ලංකාව දියුණු කරන්න බැරි ඕක ලංකාවට විතරක් අාවේනික පහත් ගතියක් කවදම හරි තමන්ගේ හැකියාවන් පෙන්වන්න ඕනි .සහතිකෙන් හැම දේම කරන්න බැහැ.ඔය පුහු මානසිකත්වෙන් මිදෙන්න නිහතමානි වෙන්න එකයි හැමකෙනාගේම සාර්ථකත්වය.(අ)
බන්දුල පෙරේරා, කුහකකම්, ඊර්ෂ්‍යාකම් කරන්නේ නැහැ කියලා අපටද කියන්නේ? වෙන්න බැහැ..... (නි)
සල්ලි තියෙන මිනිහා ඉගෙන ගත්තාම සල්ලි නැති මිනිහා මොකද කරන්නේ (දී)
එහෙනම් ඉතින් පෞද්ගලික පාසලුත් වහන්න වෙයි! මේවා බොරු කුහක වැඩ.(දී)
ලැජ්ජයි (දී)
කුහක කම (දී)
මේ ළමයි ඇයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ළමියන්ට ඊර්ෂ්‍යා කරන්නේ? (නි)
මේ අය දොස්තරු උනාම පුද්ගලික ඉස්පිරිතාලෙකට පට තියන්න දෙන්න හොද නැහැ (දී)
ඔවුන්ට ජයවේවා (දී)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අපිට එපා. සල්ලි හම්බු කර ගන්න විතරක් පෞද්ගලික රෝහල් තිබුනහම අපිට හොදටම ඇති.(දී)
ඉගෙන ගන්න කාලෙට ඉගෙන ගන්න (දී)
ජයවේවා ජයවේවා (දී)
මේකේ අදහස් දාන ගොඩක් අය තමාගේ නොහැකියාව හා කම්මැලි කම නිසා හරියට ඉගෙන ගන්න බැරි උන අය.එ්ක නිසා තමයි මේ ළමයි කරන උද්ඝෝශන වලට තරහට බනින්නේ.මාලඹේ කැම්පස් එක වැහුවොත් සල්ලිකාර මෝඩයන්ට ඉගෙන ගන්න තැනක් නැතිවෙනවා.ඔහොම බනින හැම එකාටම හොර දොස්තරලගෙන්ම බෙහෙත් ගන්න ලැබේවා. (ස)
පුද්ගලික රෝහල් පුද්ගලික විශ්වවිද්‍යාල වල වැඩ කරන්නේ රජයේ විශ්වවිද්‍යාල වල ඉගනගත්තු අය. ඒක නිසා ඒවාට යන්නේ පෞද්ගලික කඩවල ප්‍රමිතිය. (ස)
ඉගෙන ගන්න කාලේ ඉගෙනගන්නේ නැතුව වර්ජනේ. ඉරිසියාව.අර දරුවෝ නිසි කලට ඉගෙනගෙන වෛද්‍ය වරු වෙනවා. මේටික තේරුම් අරන් ඔය දරුවෝ ඔය ඉරිසියාව අත්හැරලා ඉගෙනීමට තැන දෙන්න.වෛද්‍යවරු කියන්නේ දෙවිවරුනට මිහිබට දෙවිවරු.අහිංසක අම්ම අප්පලගේ පැතුම් ඉටුකරපල්ලා දරුවනේ. (දී)
පෞද්ගලික විශ්වවිද්‍යාල ඉක්මනින්ම ස්තාපිත කරමු, ඒවාගේ ප්‍රමිතිය සහතික කරමු. ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කරන්ඩ උසස් අදයපන් ඇමති තුමාට ශක්තිය ලැබේවා. එයට අපේ සහයෝගය. (ස)
මේ ඊර්ෂ්‍යාව නෙමෙයි. ලංකාවේ වෛද්‍ය පුරප්පාඩු තියෙන්නේ ටිකයි. ඒ ටික ලැබෙන්නේ ලංකාවේ ඉන්න දක්ෂම ළමයින්ට (නි)
නිදහස් අධ්‍යාපනයට ජයවේවා (දී)
ඒ ළමයින්ටත් හිස් පිරියඩ් එකකට කරන්න වැඩක් තියෙන්නත් ඕනෙනේ (දී)
මට නම් මේ ගැන කියන්න දෙයක් නැහැ (නි)
ඒ ළමයි හරි මොකද එතන ඉන්න ඕන අපේ රටේ දක්ෂම ළමයි ටික විතරයි එහෙම නැතුව දොස්තර මුදලාලිලා අපිට වැඩක් නැහැ.ඔය පුද්ගලික වෛද්‍ය පිටය වහාම තහනම් කලයුතුයි. දරුවනේ සටන අත් අරින්න එපා මගේ ආශිර්වාදය ඔබලාට. (දී)
මේ ළමයි කියන කතාවෙත් ඇත්තක් තියෙනවා (දී)
වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් කර ගන්නේ ලංකාවේ උසස් පෙළ පාස් වෙන දක්ෂම සිසුන් . මොකද මිනිස් ජීවිත එක්ක ඔට්ටුවෙන එක ලේසි වැඩක් නෙවෙයි. කලින් හදපු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ 90% ක් ම අද රට ගිහින්. උන්ට ඕන දොස්තර කියන පට්ටම විතරයි . අනික ඕවයේ ප්‍රමිතියක් නෑ . සල්ලි ගන්න නිසා පේල් වුනත් පස්ස කරකවනවා (නදී) ඕකට නොතේරෙන අයට විකල්පයක් හෙවිමේදී , එක තීරණය වන්නේ දුප්පත් පොහොසත් බව මත නම් එක කොතරම් අසාදාරණද . මේ වගේ සුදුසුකම් නැති වයිද්යවරු නිසා දවසකට ලෙඩ්ඩු නොසැලකිල්ල නිසා මැරෙනවද කියලා කවුරුවත් දැන් නෑ . මොකද මරණය ට මොනවා හරි ගාවල හේතුව දෙන්න පුළුවන් විශේෂයෙන් මේ වගේ වයිද්යවරු ඉන්න පෞද්ගලික රෝහල් වලමේක වෙනවා. මොකේ වුනත් මුන්ට තියෙන සල්ලි බලේට දේශපාලන බලේට ඒවා යටයි . මට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් මගේ අවුරුදු 20 සේවා කාලය තුලින්
මේකට වැරදියි කියල කියන කට්ටිය උසස් පෙලට ජීව විද්‍යාවවත් නොකරපු අයගෙන් බෙහෙත් අරන් තොලොංචි වෙලා ගිය දවසට තේරේවි මේ ළමයි සටන් කරේ ඇයි කියල.. (දී)
කෙනෙක් කියනවා ලෙඩ්ඩුන්ට අබ සරණයි කියල.. කොහොමත් අබසරණයි තමයි මහත්තයෝ.. මේ ඉන්න අය ඔය දොස්තර පට්ටම ගත්තට පස්සේ ලෙඩ්ඩු ගැන හිතනවද ? ඔක්කොම හිතන්නේ ඊට පස්සේ තමන් ගැන විතරයි.. ඒක වර්තමාන දොස්තර වරුන්ගේ හැසිරීමෙන් ඔවුන්ගේ හම්බ කිරීමෙන් සහ ඔවුන්ගේ වෘතිය සටන් වලින් අපිට පැහැදිලිවම පේනවනේ..මේ ඒකාධිකාරය බිදින්න ඕන කොහොමත්..කට්ටියට පුද්ගලික ඉස්පිරිතාලවලට වෙලා ගරන්න හොදයි..පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නරකයි.. මේ තියෙන්නේ තනිකරම කුහක කම.. ඉරිසියාව..(දී)
අයියෝ සල්ලි (දී)
පැහැදිලි ඉරිසියාව (දී)
පිටරට ගිහිල්ලා දොස්තරු වෙලා එන අය රන් දැලෙන් පිළිගන්න කියලාද කියන්නේ (දී)
අපි ඉගෙන ගත්තාම ඇති කියලානේ ඔය කියන්නේ (දී)
මේවා දකින කොට මට නම් කේන්තියි (දී)
මෙහෙම වර්ජනය කරන අය වෛද්‍ය වරු උනහම, රජයේ රෝහල්වල ලෙඩ්ඩුන්ට අබ සරණ... හැමදාම වර්ජන (නදී)
මේකෙ සමහර මිනිස්සු දාලා තියෙන අදහස් දැක්කම තේරෙන්නෙ කොච්චර අනවබෝධයෙන්ද ඉන්නෙ කියලා. අවුරුදු 5ක් මාසෙකට ලක්ෂය ගානෙ ගෙවන්න පුලුවන් වත්කමක් තියෙන්න ඕනෑ. ඒක තියෙන්නෙ රටේ 2%කටත් අඩු පිරිසකට. මෙතන මෝඩකමට කෑගහන අය කී දෙනෙකුට ඒ ආදායම තියෙනවද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදනවා වගෙම ඒවාට ළමයින් ගන්න උසස් පෙළ වගේ හැමෝටම සාධාරණ මිම්මක් තියෙනවා. මේකට එහෙම එකක් නැහැ.සල්ලි තියෙනවා නම් ඕනෑ කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. මෙතන කියවන මිනිස්සු දන්නේ නැහැ රටේ ඉහළම ළකුණු අරගෙන වෛද්‍ය විද්‍යාලයට යන ළමයිනුත් කොච්චර අමාරුවෙන් දුකක් විඳලද ඒක කරන්නෙ කියලා. එහෙම එකේ උසස් පෙළත් අසමත් ළමයින් වෛද්‍ය විද්‍යාව වගේ ලොකු වගකීමක් තියෙන දෙයක් කරන්නෙ කොහොමද? (නි)
මානගේ., දැනුත් ලෙඩ්ඩුන්ට අබ සරණ තමා, දොස්තරලා පැය 2 -3 තමා රජයේ රෝහලේ ඉන්නේ. ඉතුරු කාලය චැනලින් තමා (දී)
දැනටම ගම්පහ දිස්ත්‍රික්කයේ හොර දොස්තරලා තුන් සියයක් ඉන්නවා කියල නිව්ස් වලට කිව්වා. ලංකාවේ හොර නැති දෙයක් ඉස්සරහට හොයන්ට බැහැ. එත් ... සඳුනි ට මමත් එකගයි. (දී)
රටේ පුද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි මම ඒ දේට කැමතියි අධ්‍යාපනය හැමෝටම පොදයි ලොකු පොඩි හැමෝටම එකයි නමුත් අවසාන විභාගය තියන්න ඕනි හැමෝටම එකම විදිහට සමානව ඒ තුලින් දක්ෂතා මැන ගන්න පලුවන්. මේ ළමයිගේ තයෙන්නේ පටු මානසිකත්වෙන් මිදෙන්න නිහතමානි වෙන්න ඉරිසියාව කුහක කම ඔය වෘතියට හොද මදි නේද ??? (දී)
අදහස් ටික කියෙව්වම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම. ඡන්දයක් ඉවර උනාමත් එක ඉතින් ඡන්ද ප්‍රතිඵල වලින් පේනවනේ. කැම්පස් යන්න ලකුණක් මදි වෙන ළමයට යන්නලු මේ පුද්ගලික කැම්පස් හදල තියෙන්නේ. ඇයි ඒ අයට යන්න තව රජයේ වෛද්‍ය පීඨයක් දාන්න බැරිද. එතකොට මේ ප්‍රශ්න මුකුත් නැහැනේ. ඇත්තම කතාව තමයි මේකට යන්න පුළුවන් ලක්ෂ 65ක් තියෙන අයට විතරයි. එහෙම නැතුව කැම්පස් යන්න ලකුණක් මදි හැමෝටම මේකට යන්න බැහැ. ලක්ෂානිගේ අදහස තමයි මේකේ ඇත්තම කතාව. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරපු සමීක්ෂනයකිනුත් හෙළි උනා මේකේ ඉන්න ළමයින්ගෙන් 4 දෙනෙක් උසස්පෙළ සමත් වෙලාවත් නැහැ කියල. ඒ වගේ අයගෙන් බෙහෙත් අරගෙන තමන්ගේ කෙනෙක් වලපල්ලට ගියපු දවසට මේවට බනින මිනිස්සුන්ට වෙන්නේ අඬන්න විතරයි . හැබැයි ඉතින් වර්තමාන බහුතරයක් වෛද්‍යවරු ගැන බැලුවම විධුෂකගේ අදහසේත් ඇත්තක් නැතුවම නොවෙයි. ඒ ගැනත් වෛද්‍ය ශිෂ්‍යයෝ හිතන්න ඕන. තව දෙයක් කියන්න ඕන. කැම්පස් එකේ අනිත් පීඨවල ළමයින්ගේ ප්‍රශ්නවලදී වෛද්‍ය ශිෂ්‍යයෝ ඒ උද්ඝෝෂණ වලට එන්නේ නැහැ. හැබැයි අපි නම් මාලඹේ පෞද්ගලික කැම්පස් එකට විරුද්ධව වෛද්‍ය ශිෂ්‍යයෝ එක්ක පාරට බැස්සා. එහෙම වැඩත් මෙයාලගේ තියෙනවා ඉතින්. මන් හිතන්නේ මෙයාලට වැඩ වැඩි නිසා වෙන්නත් ඇති. කොහොමහරි අන්තිමට කියන්න තියෙන්නේ මේ පෞද්ගලික කැම්පස් එක නවත්තල තවත් රජයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කලානම් මුකුත් ප්‍රශ්න නැහැ. නැත්නම් දැනට තියෙන ඒවාට වැඩිපුර බඳවාගන්න ඕන. (ස)
මගේ පුතානම් ඔහොම වැඩ කරන්නේ නැහැ (දී)
අපිට මොකද (දී)
වෛද්‍ය සිසුවකු ලෙස රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අවශ්‍ය උසස් පෙළ විභාගයේ ලකුණු මට්ටමට වඩා අඩු ලකුණු මට්ටමකින් පුද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට හැකි වීමත් මුදල් තිබෙන අයට පමණක් එම අවස්ථාව ළඟා කර ගැනීමට හැකි වීමත්, අවසන් විභාගය සමත් වූ පසු රජයේ විශ්ව විද්‍යාලයෙන් පිටවන වෛද්‍ය වරුනට රැකියා හිඟයකට මුහුණ දීමට සිදු වීමත්, මෙම පුද්ගලික විශ්වවිද්‍යාලය නිසා සිදු වන අසාධාරණය ලෙස මම දකිමි. (දී)
බන්දුල ඔයා අඩු මානසිකත් වයෙන් සපිරුණ කෙනෙක් එක තිබුනට කමක් නැහැ ලෝකයාට පෙන්වන්න එපා අනික ඔයා කරන කියන දේවල් වලින් බැනුම් අහන්නේ ඔයාගේ අහිංසක දෙමවු පියන් එකත් අමතක කරන්න එපා. (දී)
නිදහස් අධ්‍යාපනය කියන්නේ කාගේවත් අයිතිවාසිකම් පැහැරගන්න තමන්ගේ තනි බුක්තියට තියෙන අවස්ථා ඔක්කොම සින්නක්කර ලියා ගන්න කාටවත් දීපු ලියවිල්ලක් නෙමෙයි.දුප්පත් ගම්බද සිසුන්ටත් අධ්‍යාපන අවශ්‍යතා සමව ලබාගන්න හිමිකරලා දුන් සහනයක් විතරයි. සරසවි වරම ගන්න දුප්පත් සිසුන්ට අවස්ථාව දීල තියෙනවා. එතනට යන්න බැරිවුණ කෙනාට තම අධ්‍යාපනය ඉදිරියට ගෙනයන්න අයිතියක් නැද්ද? තියෙන එක නැති එකා කියලා අපිට නම් බේදයක් නැහැ. පුළුවන් කෙනාට යන්න ඉඩ තියෙන්න ඕනෑ. බැරි කෙනාට අවස්ථාව දීලයි පුළුවන් කෙනා ඒ අවස්ථාව අරගෙන තියෙන්නේ (නි)
මේ ළමයින්ට වැඩ නැද්ද (දී)
පතිරණ මහත්මයා, මේ ළමයින්ගේ කාල සටහනක් අරගෙන පොඩ්ඩක් බලන්න ඔය කියන "හිස් පීරියඩ්" කොහෙද තියෙන්නේ කියල... නිකන් දන්නේ නැතුව කතා කරන්න එපා. මේකට වැරදි කියන අයත් මේ වෛද්‍ය ශිෂ්‍යයොත් අතරේ ලොකු බුද්ධි මට්ටමේ වෙනසක් තියෙනවා කියන එක නම් පැහැදිලියි...(දී)
රජයේ විශ්ව විද්‍යාලවලට වෛද්‍ය සිසුන් 1000ක් ගනිද්දී මාලබේට ළමයි 400ක් විතර ගන්නවා... මොකක්ද මේකේ පදනම? ඒ ළමයි ටික ශික්ෂණ රෝහල්වල සායනික පුහුණුවටත් ආවම ලෙඩ්ඩුන්ට ඉඩ නැති වෙයි. මුලින් මේ මහත්තුරු නෝනලා බලන්න මේ ළමයින්ගේ සටනේ අරමුණ මොකක්ද කියල. ඊට පස්සේ කෑ ගහන්න. (දී)
අම්මලාගේ හිතේ දරුවා ඉගෙන ගන්නවා කියලා (දී)