රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කළ යුතු බව කියන්නේ දේශපාලන අරමුණකින් මිස කිසිඳු සාධාරණ හේතුවක් ඇතිව නොවේ යැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
සෞඛ්‍ය සේවාවේ සියලූ දෙනා වෙනුවෙන් එක සේ පෙනී සිටින, සියලූ දෙනාගේම ප‍්‍රශ්න විසඳන වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා නිසා සෞඛ්‍ය සේවාවේ සියලූ දෙනාටම සාධාරණය ඉටුවී ඇතැයි වෛද්‍ය පර්යේෂණ තාක්‍ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.
මීට පෙර සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරයක් ක‍්‍රියාත්මක වූ බවත් දැන් එම තත්ත්වය වෙනස්වීම නිසා ඔවුන් අමාත්‍යවරයා ඉවත්කිරීමට උත්සහ කරන බවත් කුමුදේශ් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පුද්ගලිකව රාජිතට අකමැති වුණත්, මේ වෛද්‍ය මාෆියාව නැකළොත් රටේ මහජනතාවට සෙතක් වෙයි (නි)
වෛද්‍ය සංගමයේ මාෆියාව පරාජය කල යුතුය (ම)
මෙයාගේ කතාවෙන්ම පේනවා අනික් අයට කෙසේ වෙතත් ඇමතිතුමාගෙන් මෙයාටනම් සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙන බව.(අ)
දී කිරට බළල්ලුත් සාක්කිලු ! (අ)
කොසොල් රජතුමා දුටු සිහින මේවා තමියි ... මෙන්න කපුටෝ (අ)
මේවා කඩේ යාම නෙමෙයි, සුපර් මාකට් යාම! (අ)
දැන් දොස්තරලා ඉන්නේ ලෙඩා මරලා හරි සල්ලි ගන්න විතරයි. (නි)
වෛද්‍ය සංගමයේ වැරදිත් ඇති. නමුත් අනෙක් අයගේත් වැරදිත් තියනවා. (නි)
රවීගේ කතව හරියටම හරි,පහු ගිය කාලේ සෞඛ්‍ය අමත්‍යංශය තනිකරම දොස්තරලගේ එකාධිකාරයට යටවෙලා තිබුණා (අ)
රවී කුමුදේශ් කාටද කඩේ යන්නේ කියන්න කව්රුත් හොඳට දන්නවා. අනික අයිති නැති දේවල් වලට කට නොදා හිටියනම් වඩාත් හොඳයි. (අ)
හොද වැඩේ කටේ සව්දමට. තාත්තල පුතාල නෝනලා ඔක්කොම එකයි (අ)
එ්ක ඇත්ත. හිස විතරක් ඉල්ලලා මදි. (නි)
රවී කුමුදේශ් මල්මාලා අරන් කඩේ ගිය හැටි හැමෝම දන්නවා (බ)
මට නම් පේන්නේ මෙයාට ඊරිසියයි වගේ දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනාට..(බ)
වෛද්‍ය මාෆියාවට විරුද්ධවීම තමයි මෙතන ඇමති තුමා සමග තියන ප්‍රශ්නය. කාලයක් පටන් පවතින රජයේ වෛද්‍ය සංගමේ ගෝත්‍රික හැසිරීම හා මාෆියාව දමනය කල හැක්කේ කෙලින් නිර්භීතව වැඩ කරන වර්තමාන සෞඛ්‍ය ඇමති තුමාට පමණයි. (කෞ)
අපිට නම් මේවාට වඩා හිතන්න සෑහෙන ප්‍රශ්න තිබෙනවා (නි)
එයාලා කියනවා, අපි අහගෙන ඉන්නවා.... (නි)
කඩේ යාම කොයි හැටි වෙතත් රජයේ වෛද්‍ය සංගමයට ඕනෑ කරන්නේ ලංකාවේ මුළුමහත් සෞඛ්‍ය ක්ෂේත්‍රයම ඒ සංගමයේ උවමනා එපාකම් වලට අනුකූලව හසුරවාගන්නයි. (නි)
සමහරු හිතන තරම් ලේසියෙන් සෞඛ්‍ය ඇමතිතුමාව මට්ටු කරන්න ලැබෙන එකක් නැහැ. සිරිසේන ජනාධිපතිතුමා වුණත් ගොඩක් හොඳට දන්නවා මේ දොස්තරලාගේ කෙරුවාව. ලෙඩුන්ට බෙහෙත් කරනවට වැඩිය මේ අය කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අවුල් කරන එකයි. (නි)
දොස්තරලා මානව දයාවෙන් හා තමන්ට ඉගෙනගන්න මුදල් දීපු මහජනයාට තර්ජනය කරන්නේ නැතුව කටයුතු කරනවා නම් මිනිස්සු ඔවුන්ට දෙවියන්ට වගේ සළකාවි. ඒ වගේම දොස්තරලා අනිත් වෘත්තිකයන්ටත් සළකන්න ඕනෑ ගෞරවයෙන් (නි)
යහපාලනයටම කඩේ යන්න. රාජිත කියන්නේ කවුද කියලා රටම දන්නවා. (නි)