රජයේ 2017 අයවැය යෝජනාවලට විරෝධය පාමින් දිවයින පුරා රෝහල් රැසක වෛද්‍යවරු අද (30) වර්ජනයක් ඇරැඹූහ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ මෙම වර්ජනයට එක්ව සිටී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ළමා, කාන්තා හා පිළිකා රෝහල්වලත් වකුගඩු සායනවලත් ප්‍රතිකාර සුපුරුදු පරිදි සිදුකරන බවත් ය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් වෙනත් දිනයක් ලබාගැනීම සඳහා දිගු පෝලිම්වල සිටිනු දැකිය හැකි විය. ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ වැඩකටයුතු අද සිදු නොකැරිණි.
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුද අද වැඩ වර්ජනයක යෙදීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයකට පත්වූහ. එහි බාහිර ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් ආපසු හැරී ගිය බව රෝහල් ආරංචි කියයි.
අනුරාධපුර රෝහලේ ද වෛද්‍යවරු 400ක් වැඩ වර්ජනයට එක්ව සිටිති.
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප - ඉෂාන් සංජීව
ඡායාරූප - දිපාල් ද සිල්වා
වීඩියෝ - ඉෂාන් සංජීව













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දුප්පත් ජනතාව කොපමනනම් අසරණ වෙනවාද (ර)
රෝගීන් පත්ව ඇති අපහසුතාවය ගැන මම කණගාටුව පලකරමි නමුත් දැන් ආණ්ඩුව අපෙන් බදු සහ දඩ ගසන නිසා මොන යකා හරි මේ අය වැය යෝජනා වලට විරුද්ධ වෙනවනම් මම වරදක් නොදකිමි , විපක්ෂය ආණ්ඩුවේ ඔඩොක්කුවට වැටි ඇත , ඒකාබද්ධ විපක්ෂයත් මේ දඩ සහ බදු පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරති ,දුප්පත් අපිට ගමනක් යාමට ඇති ත්‍රි රෝද රථ , යතුරු පැදි වලට අසිමිත් ලෙස බදු සහ දඩ ගසා ඇත , රටේ පොදු ප්‍රවහන් සේවා ගැන කතා කර වැඩක් නැත ? (බ)
අපි ඉන්නේ හැම දෙයක්ම දේශපාලනීකරණය වෙච්චි සමාජයක. මීට වඩා දරුණු දේවල් අපිට දකින්න පුළුවන්වේවි ඔහොම්මම ගියොත්. (බ)
තිලංක මහත්තයෝ,ඊට වැඩිය හොඳ නැද්ද බෝට්ටු සේවයක් පටන් අරන් අපේ රෝගීන් ඉන්දියාවට යවල බෙහෙත් අරන් දෙන්න උපකාර කලොත්. (ර)
දොස්තරලට පුද්ගලික චැනල් කරන එක තහනම් කරන්න.(හේ)
ජයවේවා (බ)
පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට පුහුණුවක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් මෙය. (බ)
දොස්තරලාට විතරක් නෙමෙයි, පාර අයිනෙ ඉන්න කුඩු ගහන මිනිහෙක් බැලුවත් ඒ මිනිහටත් නිදහස් අධ්‍යාපනය ලැබිලා තියෙනවා. හැබැයි ඒ මිනිහා නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන නොගත්තත් වෛද්‍යවරයා ඉගෙනගෙන රටට සේවය කරනවා. ඇත්තටම රාජ්‍ය සේවය පවතින්නේ විශ්‍රාම වැටුප නිසා. රජයේ රෝහල් නැතිවුණොත් කොහොමත් දුප්පත් ලෙඩුන්ට අබ සරණම තමයි. ඒක නිසා නිකන් බොරුවට බනින්නන් වාලේ බනින්නේ නැතුව අඩුමගානේ ස්ට්‍රයික් එකේ අරමුණවත් දැනගෙන අදහස් දැම්මොත් තමා හොඳ. අනික පාර්ලිමේන්තු මන්ත්‍රීලට ලක්ෂ ගානක පඩියකුත් දීලා වාහන පර්මිටුත් දීලා ඒවට තෙලුත් දීලා ඩ්‍රයිවර්ලත් දීලා ලේකම්ලත් දීලා දුරකථන දීමනාත් වෙනම දීලා නිකන් කෑම බීම ටිකත් දීලා අවුරුදු 05 න් විශ්‍රාම වැටුපකුත් දෙනකොට මේ කටවල් ඇරෙන්නේ නැත්තේ ඇයි? (නි)
ඇයි මේ රටේ දොස්තරලාට විතරක් නිදහස් අධ්‍යාපනය දුන්නේ? අනිත් ඔක්කොම තමන්ගෙ සල්ලි වලින් විතරක්ම ඉගෙනගත්තෙ ඇයි? මම හිතන්නෙ වැරැද්ද එතන (නි)
මෙතන අදහස් දාලා තියෙන සමහර කුහක මෝඩයෝ දන්නේ නැහැ තමන්ගේ සල්ලි වලින් පිටරට ගිහින් වෛද්‍ය උපාධි අරගත් දොස්තරලත් මේ වර්ජනයට සම්බන්ධ බව. (නි)
මෙතන අදහස් දක්වන ගොඩක් මන්දබුද්ධිකයෝ දන්නේ නැද්ද වර්ජනය නොකරන දවස්වල මේ අයගේ ජීවිත බේරාගන්නෙත් ඒ දොස්තරලම බව? මම දන්නා තරමින් මෙතන බනින අයගෙන් බොහොමයක් තමන්ගේ හරි, තමන්ගේ දරුවෙක්ගේ හරි දොස්තර හීනය සැබෑ නොවුණු අය. (නි)
හැබැයි හවසට ගිහින් බලන්න චැනල් කරන තැන්වල, ඒ අය ඇති. කිසිම වෙනස් කිරීමක් කරන්න එපා චැනල් ආදයමෙන් බදු අය කිරීම. (බ)
රාජිත මහත්තය කිව්වනේ මේ වර්ජනයට මුහුණ දෙනව කියල.අැයි එහෙනම් රෝහල්වල වැඩ නතරවෙලා. කටවිතරයි අැමතිතුමෝ. (බ)
දුප්පත් මිනිසුන් අපහසුතාවයට පත්කර අවසන්. දැන් දොස්තරලාට සතුටුද? (නි)
එතකොට ආණ්ඩුවේ ඉස්කෝල වලට ගිය කිසිම කෙනෙකුට වර්ජනය කරන්න අයිතියක් නැද්ද? දන්නේ නැති නිසයි මම අහන්නේ. (නි)
ජනතාවගේ බුදුමුදල් වලින් මිලියන 6 පමණ එක වෛද්‍යා වරයෙක් බිහි කිරීමට රජය වැය කරයි, තව අවුරුදු 5 කට සැරයක් වාහන බලපත්‍රයක් ලබයි. පුද්ගලික චැනල් වලින් අධික අදායමක් ලැබුවද අදායම් බදු නොගෙවී. අන්තිමට අහිංසක රෝගීන්ගේ ජීවිත උගසට තබා වර්ජනය කරයි. (බ)
ඇයි මේ දොස්තර මහත්වරු වර්ජනය කරන්නේ .....(බ)
දොස්තරලටම බනින්නේ නැතුව මෙතරම් වර්ජන ඇතිවෙන්නේ ඇයි කියලා හිතන්න. වැඩ බැරි අය සෞඛ්‍ය අමාත්‍යංශයේ. එය කාටත් අමතක වෙලා. (නි)
ජනතාවගේ ඡන්දෙන් බලයට පත්වුණ රජයෙන් අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ, ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් මේ රටට වෛද්‍යවරු ගෙන්වා මේ වෙද මාෆියාවෙන් මේ රට ගළවා ගැනීමට පියවරක් ගන්නා ලෙසයි. රෝගියෙකුගේ අසනීපයකට බෙහෙත් ගැනීමට වෛද්‍යවරයාගේ රට, ජාතිය, ආගම වැදගත් වන්නේ නැහැ. පෞද්ගලික බස් මාෆියාවයි, මේ වෙද මාෆියාකාරයෝයි අතර කිසිදු වෙනසක් නැති බවද ඉතාම පිළිකුලෙන් යුතුව සඳහන් කරමි. බස් මුදලාලිලා මෙන්ම දොස්තර මුදලාලිලාගෙන්ද ජනතාව එකසේ පීඩා විඳින බව පවතින රජයට දන්වා සිටිමි. (නි)
අසරණ රෝගීන් තවත් අසරණ වුවිට සමහරු කාලකන්නි සන්තෝසයකින් උද්දම වෙනවා. අපේම මිනිස්සුන්ට ගිය කල.! ලංකාදීප පුවත් පතට බොහෝ ස්තූතිය (ම)
ලංකාව නම් මහා පුදුම රටක්. රථවාහන වැරදි දඩය වැඩිකළා කියලත් වර්ජන. දොස්තරලත් වර්ජන. හැමදෙයකටම වර්ජන. මේ විදියට කිසිම දෙයක් අලුතින් කරන්න ආණ්ඩුවකට පුළුවන්කමක් තියෙනවද? (නි)
පිටරටින් හරි දොස්තරලා ගෙනල්ලා අහිංසක රෝගීන්ට ප්‍රතිකාර කළයුතුයි. මෙයාලගේ එ්කාධිකාරය නිසා දුප්පත් මිනිසුන්ට තමයි කරදර (නි)
පුද්ගලික වෙද විදුහලට සහ හැම එකටම විරුද්ධවෙන අපේ අන්තරේ ළමයි මේ ලෙඩුන්ට වෙන අසාධාරණයට කිසිම විරුද්ධ බවක් නොපෙන්වන්නේ මොකද? (නි)
ලෙඩා මළත් අන්තිමට බඩ සුද්දවෙලා තියෙයි. රජයටත් වෛද්‍යයවරුන්ටත් ඉන් සැනසිල්ලට කරුණක් තියෙනවා. මොකද එක කාරණයක් ඉටුවෙලා තියෙනවා (නි)
වෙන කරන්න දෙයක් නැති නිසා අය වැය ට විරුද්ධව වර්ජනය කරනවා. හරිම කුහක මිනුස්සු කණ්ඩායමක්. අසරණ රෝගීන්ට අබ සරණයි. (බ)
ඔන්න සයිටම් එකට බැන බැන මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට ඉගෙනගත්ත අයගේ කෙරුවාව. ප්‍රයිවට් චැනලින් වලින් 25% බදු ගන්න එකට විරුද්ධ නිදහස් සෞඛ්‍ය රකින්න වෙන්න ඇති. (බ)
ඔවුන් මොහොතකටවත් හිතනවද අහිංසක මිනිසුන්ගේ මුදල් වලින් ඔවුන් ඔය තත්වයට ආ බව (නි)
වෛද්‍යවරු අසරණ රෝගීන් මේ විදියට කරදරයට පත් කරලා රෑට නින්දට යන කොට මතක් වෙන්නේ නැද්ද දන්නේ නැහැ මේ මිනිසුන් විඳින වේදනාව. නිදහස් අධ්‍යාපනයට ජය වේවා. (ම)
අසරණ රෝගීන්ට ප්‍රතිකාර නොකලාට මෙතුමන්ලට යහපතක්ම වේවා! වර්ජනය නොකළ වෛද්‍යවරුනට පින්! වෙන මොනවා කියන්නද? (ම)
බොහෝ දොස්තරවරුන් හිතාගෙන ඉන්නේ ඔවුන් තරම් ලෝකය ගැන දන්නා තවත් කවුරුවත් නැහැ කියලා. වෙදකම දැනගත්තට සාමාන්‍ය දැනුම බින්දුවයි. අපේ දුප්පත් රටේ අසරණ මිනිසුන්ගේ ජිවිත එක්ක මේ අය සෙල්ලම් කරන්නේ. දුප්පත් මිනිසුන්, සාමාන්‍ය ජනතාව එකතුවෙලා ඉහළ අධිකරණයෙන් සහනයක් ඉල්ලන්න ඕනෑ මේ වැඩ නවත්තන්න (නි)
ආණ්ඩුවට කොන්ද පන තියෙන්න ඕනෑනේ. හැමදේටම ස්ට්‍රියික් කරන මේ වගේ දොස්තරලා පන්නලා නිසි සේවයක් කරන්න පුළුවන් මිනිස්සු වෙන රටකින් හරි ගෙනල්ලා දෙන්න. පොඩි මිනිහගේ බදු වලින් ඉගෙනගෙන දැන් එ් මිනිහටම පාර්ට් එක දානවා (නි)
කාලකන්නි පවුකාර වරප්‍රසාද ලත් සෙනගක්, ඒ ඔක්කොම වරප්‍රසාද ලබාගත්තේ රටේ මහජන මුදල්වලින් නේද ? (බ)
අන්න ඒකට ඉන්දියාවේ වැඩිමනත් දොස්තරවරු, තමන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන මහන්සිවෙලා රටට වැඩ. (බ)
අයවැය රටට කරන හදිය (බ)
දොස්තරලටම බනින්නේ නැතුව මෙතරම් වර්ජන ඇතිවෙන්නේ ඇයි කියල හිතන්න. වැඩ බැරි ඇමතියෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ. එයා නැවු ගන්න මහජන මුදල් වියදම් කළ බව කාටත් අමතක වෙලා. (බ)
කොන්(දොස්තර) බස් වලට කලින්ම ස්ට්‍රයික් (නි)
මේ වගේ දොස්තරලා ගෙන් බෙහෙත් අරන් සුව වෙනවට වඩා හොඳයි බෙහෙත් නැතිව මැරෙන එක!!! වෙන මොනවා කියන්නද? මේ අපේම සල්ලි වලින් පිනට ඉගෙනගෙන, අපිටම මුදලට බෙහෙත් විකුණන දොස්තරලා ගැන අපිට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. මම නම් රජයෙන් ඉල්ලා සිටින්නේ එංගලන්තය වැනි රටවල ක්‍රියාත්මක වෙන විශ්ව විද්‍යාල සිසුන් හට සහන දායි ණය ක්‍රමයක් හඳුන්වා දී, ඔවුන් රැකියා කරන විට එම මුදල අයකර ගැනීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කරන ලෙසයි. (බ)
‘මැති ඇමැතින්ට පහසුකම් අවශ්‍යයි‘. මෙහෙම එකකුත් දාලා තිබුනා, එ්ක මම හිතන්නේ කවුරුවත් දැකලා නැහැ. දොස්තරවරුන්ට බනින කුහක රොත්තට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
දොස්තරවරු වැඩ වරණ එක නරක යි .නමුත් වගකීමක් නැති රජයක වැඩ පිළිවෙල අනුමත කළ නොහැක (බ)
ඉසුරුලා වගේ අය හිතන විදිහ ගැන අපි තේරුම් ගන්න උත්සහ කරනවට වඩා, මී හරකෙක් අල්ලාගෙන ගිහින් නොමිලේ අධ්‍යාපනය දීලා උගන්වලා නිවැරදිව හිතන්න පුරුදු කරන එක පහසුයි. මොකද මඩේ ලගින මී හරකා පවා දන්නවා, ඌ සුදුසු කුඹුරට, මිස කරත්තෙට නොවේ කියලා. (බ)
මේකත් හිටපු එක්කෙනාගේ දෑත් ශක්තිමත් කරන්න කරන වැඩක්. (බ)
ජනතාවට ජය වේවා (බ)
මහජනතාවහේ සල්ලි වලින් ඉගෙනගෙන දැන් දොස්තර කෙනෙක් වුනේ කොහොමද කියල දන්නේ නැති අපේ ලංකාවේ දොස්තරලා මකුනෙක් කෑවත් වැඩ වර්ජනනේ (බ)
කරුණාපාල එ්ක තමා ඇත්ත (බ)
වෛද්‍යවරුන්ට වෘත්තීමය අය්තියක් නෑ රෝගීන් බිල්ලට දීලා වර්ජන කරන්න. එ්ක ඔවුන්ගේ ආචාර ධර්ම වලට වලට සහමුලින්ම විරුද්ධයි. අනික තමන්ගේ වෘත්තිමය ඉල්ලීමක් නොවන, දේශපාලනමය ඉල්ලීමක් වෙනුවෙන් එහෙමදෙයක් කිරීම බොහොම නොදියුණු සමාජයක ලක්ෂණයක්.(බ)
ලෙඩ්ඩුන්ගෙන් ගුටිකාලා, දොස්තරලා ඉස්පිරිතාලවල මැරෙන දවස වැඩි කල් නැත; එ්ක දඩබ්බර තාත්තා කෙනෙක්ගේ පොඩි දරුවෙක් එහෙම මේ දොස්තර වර්ජනය නිසා මියැදුනොත් අන්න ගිනි පුපුර පටන් ගන්න තැන. (බ)
මේවගේ ජනතා ද්‍රෝහී ආණ්ඩු බලයට ආවම අසරණ මිනුස්සු හැමදාම අමාරුවේ වැටෙනවා.සල්ලි තියෙනවා නම් බෙහෙත් ගන්න රජයේ රෝහල් වලට යන්නේ නැහැ (හේ)
දේශපාලකයෝ දොස්තරලා එක්ක ගැටෙන්න යන්නේ නැතුව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදගන්නවා නම් මේ අසරණ රෝගීන් අපහසුතාවයට පත් වෙන්නේ නෑ. සෞඛ්‍ය ඇමති වර්ජනයට මුහුණ දෙන්න සුදානම් කිව්වට මොකද වුනේ. අන්තිමට රෝගීන් අනතුරේ. ඇමතිලාට අසරණ රෝගීන්ගේ දුක තේරෙන්නේ නෑ. එයාල බෙහෙත් ගන්න යන්නේ සිංගපුරුවටනේ. (හේ)
දොස්තරලට බනින අය පුලුවන්නම් නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් දොස්තර කෙනෙක් වෙන්න බලන්න. මෙහි සමහරුන්ගේ කුහක කම ගැන පුදුමයි. මි හරකෙක්ට වුනත් නොමිලේ අධ්‍යාපනයයක් දීල වෛද්‍යවරයෙක් කරන්න පුළුවන් කියල සමහරු හිතන්නේ (බ)
ඕකනේ කියන්නේ දත් දොස්තරලට පුළුවන්ද හදවත් ශල්‍ය කර්ම, මාළු අල්ලන්න පුරුදු මිනිහට මාළු අල්ලන්න දෙනවා මිසක් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන වැඩේ කොන්ට්‍රෝල් කරන්න දුන්නම මෙහෙම වෙනවා තමයි. මේවට දොස්තරලට බැනල වැඩක් නැහැ. ඡන්දෙ දීපු 62 ලක්ෂයට බනිනවා මිසක්. ඡන්දෙත් දීල අනාගෙන සබන් නැතුවම නාගන්නවා දැන්. (බ)
අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලට තියලා මේ කරන වර්ජන වලට උඩගෙඩි දෙන, බඩ ලෙඩ්ඩුන්ට හරියන්නෙත් මේ වගේ දොස්තරලම තමයි. අපේ රටේ ශිෂ්‍යාගේ පටන් දොස්තර දක්වාම කරන්නේ දේශපාලනෙනේ. ඉතින් දේශපාලකයින්ට අමුතුවෙන් කරන්න දේශපාලනයක් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම රාජකාරිය වෙනුවට කරන්නේ අනුන්ගේ කාරිය. (බ)
අපි හැමෝම මේකට සහය දෙනවා (නි)
මහජන මුදලින් ඉගෙන ගෙන , මහජනයාටම කොකා පෙන්වෙනවා. අර ඔලුවේ යන්ත්‍රයක් බැඳන් ඉන්න අසරණ කාන්තාවත් සමහරවිට මේ උදවියට ඉගෙනගන්න බදු ගෙවන්න ඇති. (බ)