මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කරමින් රජයේ විශ්ව විද්‍යාල 6ක වෛද්‍ය පීඨ සිසුහු අද (28) මරදානේ සිට කොළඹ කොටුව දක්වා පාගමනින් පැමිණියහ.
ඔවුහු ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමට පැමිණියද ලෝටස් පාරේදී පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පළවා හැරීමට කටයුතු කළේය.

























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් පෙළපාලි යන්නකෝ උසස් පෙළ පුද්ගලික පන්ති නවත්වන්න කියලා. ඒවාටත් ගියේ නොමිලේද එතකොට. ලෝකයේ කිසිම දියුණු රටක් නිකම් උසස් අධ්‍යාපනය දෙන්නේ නැහැ . වයස විසි පහ වෙන කොට පස්චාත් උපාධිත් හමාර කරලා. අපේ උදවිය වයස තිස් පහ වෙනකන් රටේ අනෙක් මිනිස්සු ඉගෙන ගන්න එක නවත්වන්න වලිකනවා. (ර)
උපේකා, ඔයත් ගොඩක් ලංකාවේ තරුණ තරුණියන් අතර පවතින බොරු මතයක එලබ සිටිනවා. විබාග පාස් වෙන්නේ දුප්පත් අය විතරක් සහ සල්ලි තියන අය ඉගෙන ගැනීමට බැරි අය බව ඔබ කියන්නේ මොන පදනමකින්ද? (ර)
කැම්පස් එකකට යන්න බැරි වුණු අය තමා ඔය උඩ කෑ ගහන්නේ. (ර)
අපි මේ ආරක්ෂා කරන්න හදන්නේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්ය. (ර)
මේ ටෙරාෂ් ඔයගොල්ලන්ට නිදහස් අධ්‍යාපනයත් එක්ක සරසවි වරම් ලැබුනේ ඔය කියන සමහර කැම්පස් නොගිය අයගේ බදු මුදලට පින් සිදු වෙන්න. අන්න එක මතක තියාගෙන කට අරින්නකෝ. (ර)
එංගලන්තය ඔස්ට්‍රේලියාව කැනඩාව නවසිලන්තය යන කිසිම බටහිර රටක ලාබ ලබන පුද්ගලික වෙද විදුහල් නොමැත. ඇමරිකවේ පවා ඇත්තේ ලාබ නොලබන ඉතා ඉහල ප්‍රතිපල මත සිසුන් ඇතුලත් කරගන්න වෙද විදුහල්ය ඒ සදහා යන වියදම් ආවරණය කරගැනීමට රජය විසින් ණය සහ ශිෂත්ව ලබාදේ . (බ)
උපේකා හැර අනෙත් අයගේ අදහස් ගැන කනගාටුයි. අපේ ය හැමදාම දුර නොබලා ළඟ පමණක් බලන නිසා මේවගේ අදහස් එන එක සාමාන්‍ය දෙයක්. සල්ලි වලට දෙන අද්‍යාපනය නියාමනය කරගන්න තරම් අපේ රටේ රජය තවම දියුණු නැතිවග මේ අයට තේරෙන්නේ නෑ. ඉන්දියාව ඒකට හොඳම උදාහරණය සපයනවා. (ර)
ආදරණීය නොනාවරුනි මහත්වරුනි, මෙම වෑයම මුදල මත නොව දක්ෂතාව මත දුගී දුප්පත් දරුවාගේ සිට කෝටිපතියෙකුගේ දරුවා දක්වා නිදහස් ඉගෙනුම සුරකීම සදහා වේ. මාද 4 වන වසරේ වෙද සිසුවියක වන අතර අපහට මාළඹේ සිසුන් උසස් පෙළ සමයේ මෙන්ම අද ද මතු දිනක ද කිසිදු අභියෝගයක් නොවේ. අපි රටේ ජනතාවගේ මුදල් අපතේ නොයවා ඉගෙන ගත් හෙයින් නොමිලේ උසස් අද්යාපනය ලබන අතර ඔබගේ වටිනා මුදලට අගයක් එක් කරමින් දෑනුදු ඉගෙනගන්නෙමු. ඔබගේ අවලාද අපට නොතරම් වන අතර අනාගත පරපුර වෙනුවෙන් පිනට දෙන අද්යාපනය සුරෑකීමේ මේ අරගලය නිසා ඔබ අප කුහකයන් ලෙස හන්වඩු ගසනවා නම් එම යෙදුම සදාදරයෙන් පිළිගන්නෙමු. (ර)
මෙයාල හදන්නේ අපේ අනාගත දරුවන්ටත් අපි විදපු මෙයාල විදපු නිදහස් අධ්‍යාපනේ රැකලදෙන්න. පොඩ්ඩක් හිතන්ඩ ඔයාලට ඔය ගාන දීල ඔයාලගේ ලමෙක්ව මාලබේ ට දාන්න පුලුවන්ද කියලා. (ර)
එතකොට මම සටහන් පොත් නුදුන්න නිසාද දුල්මිට කැම්පස් යන්න බේරී උනේ.? (ර)
සල්ලිවලට වෛද්‍ය අධ්‍යාපනේ දෙන එක විතරද වැරදි? සල්ලි අයකලාම උගන්වන දේවල් වැරදෙනවද? ගණකාධීකරණ, ඉංජිනේරු, කළමනාකරණ, හෙද ආදී අනික් හැම දෙයක්ම මුදල් අයකරල උගන්වන එකේ වරදක් නැත්නම් ඇයි වෛද්‍ය කර්මය උගන්වනවට විතරක් විරුද්ධ වෙන්නෙ?(ම)
කවුරුත්ම යසිරුට නෝට්ස් දෙන්න කැම්පුස් යන්න AL පාස් කරගන්න. (ර)
සයිටම් පටන්ගත්තා මුලදි, ඉගෙනගන්න ළමයින්ට පුහුණූ වෙන්න රෝහලක් නෑ කියල විරුද්ධ වුණා. රෝහලක් හැදුවම විරුද්ධ වුණා. ඒකෙ පහසුකම් නෑ කියල, මුදල් ගෙවල රජයේ රෝහල්වලින් පුහුණූ කරන්න හදනකොට ඒකටත් විරුද්ධයි. (ම)
විශ්ව විද්යාල නේවාසිකාගාර වල තිබෙන මෙට්ටවල මකුණෝ පිරිලා කියලා රජයට ඒ මකුණෝ වඳ කරලා දෙන්න කියලා මීට සති කීපයලට කලිනුත් පාරවල් අවහිර කරලා උද්ගෝෂණය කළා. මහා ලොකුවට මේගොල්ලෝ හිතාගෙන හිටියට ත්‍රිරෝද රථ රියදුරන් ළඟ මීට වඩා යහපත් ආකල්ප තිබෙනවා. ගරු, අධිකරණය පවා නියෝගයක් දීලා තිබෙනවා මාලබේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව පවා ලබාදෙන්න. එම අධිකරණ නියෝග නොදැනද මේ අය මේ විදිහට හැසිරෙන්නේ? (ර)
මම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ද නැහැ. දැන් ඒවා රටේ ඇති කිරීමට කාලය පැමිණ තිබේ. නමුත් සිදු කරන දෙය රටෙහි අවශ්‍යතාවය හඳුනා ගෙන සිදු කල යුතුය. එයට ප්‍රමිතියක් තිබිය යුතුය. එය ඇත්නම් ප්‍රශ්නයක් නැත. (ර)
තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකලොත් නුබෙන් පුතේ මෙලොවට කිසි වෙඩක් නැතේ... (ර)
වෛද්‍යවරුන්ට තිබෙන සමාජ පිළිගැනීම අහිමි කිරීමේ කිසිම වුවමනාවක් මට නැත. මාගේ විශ්වාසය වන්නේ ඔවුන් සමාජයට අතිශය වැදගත් සමාජ කාර්යභාරයක් ඉටුකරන පිරිසක් බවය. එහෙත් ලංකාවේ රජයේ වෛද්ය සේවය තිබෙන්නේ අවුල් ජාලයකය. මහජන ගෞරවයට හේතුවන තත්ත්වයක නොව මහජනයාගේ විරෝධයට හේතුවන තත්ත්වයකය. ඒ තත්ත්වය නැති කළ හැක්කේ තුවාලය පෑරීමෙන් මිස එය වසන් කිරීමෙන් නොවේ. (බ)
ප්‍රතිචාර කියව ගෙන යන කොට මාර දුකක් දැනෙනව....මොකද? මේකේ ලියපු එකෙක් වත් ලංකාවේ විශ්ව විද්‍යාලයක පස් පාගලවත් නෑ....හැබැයි උසස් පෙළ කරල නියමෙට ඇනගෙන නම් තියනව කියල පේනව.....මාර ගේමක් දීල කැම්පස් ගිය එවුන්ගේ ජීවිත වල තියන ප්‍රශ්න මේ එකෙකුට වත් තෙරෙන්නේ නෑ....අනික තේරුනත් මුන්ට ඒවා වැඩකුත් නෑ......හැම එකෙක් ගෙම කුහක කම ප්‍රතිචාර වලින් පේනවා..(බ)
ඒ ලෙවල් වලට එස් දෙකක් ගත්ත මනුස්සයෙක්...ඔබගේ දරුවට,මවට,පියාට බෙහෙත් කරනවට...ඔබ කැමති නම්...ගැටලුවක් නැත.....මෙ කමෙන්ට් කියවීමෙන් හැගී යන්නේ එවැන්නකි.....(බ)
ලංකාව කියන්නේ අමුතුම මිනිස්සු ඉන්න රටක්ය. මිනී මරා හිරේ වැටී ඉන්න එවුන් පාර්ලීමේන්තු යවන, අට පාස් නැතුව කෝච්චි වල හොරට මාල කඩපු එවුන් පාර්ලීමේන්තු යවන අමුතුම මිනිස්සු ඉන්න රටක්ය එහෙව් එකේ කන්න අතේ සත පහ නැතුව ඉද්දී ලෙඩට දුකට නොමිලේ ලැබෙන බෙහෙතටත් කෙළ වේගෙන යන බව තේරෙන්නේ නැති එක මහ ලොකු දෙයක් නොවේය. මාළඹේ කඩෙන් උපාධි අරන් උඹලඟෙ ගමේ ඉස්පිරිතාලෙට ඇවිල්ලා බෙහෙත් දෙන්න ළඟදීම ඔන්න එනවලු. කැවුම් කෙහෙල් තියාගෙන බලන් ඉඳපල්ලා. මගේ පවුලෙ අය නම් මට බලා ගත්තෑකි. මොකද අපි කුහකයිනේ. අපි හිතන්නේ අපි ගැන විතරනේ.(බ)
මටත් ඉන්න පුළුවන්, ඩිග්‍රිය අරගෙන රස්සාව කරගෙන හොඳ පඩියක් අරගෙන. පාරවල් ගානේ අවුවේ කරවෙන්නේ නැතුව අට්ටාල උඩට වෙලා වේලෙන්නේ නැතුව.. ඒත් දවසක උඹේ දරුවා හූල්ලයි..(බ)
පහුගිය ආණ්ඩු කාලේ මේවා වුණාම කට්ටිය උඩදාගෙන බැන්නෙ මහින්දට. දැන් බනින්නේ උද්ගෝෂණ කරන ළමයින්ට. වෙනසේ අපමණ අගය වෙන්නැති. (බ)
මෙතන අදහස් දාන ගොඩාක් අය හරියට ඔය මාලබේ හොර අධ්‍යාපන ආයතනය ගැන හොයල බලලද කතා කරන්නේ. ඔය ආයතනය දානකොටම මැනේජ්මන්ට් පටන් අරන් පස්සේ මෙඩිකල් කියල වෙනස් කරලා. අනික කිසිම රාජ්‍ය ආයතනයකින් කිසිම අවසරයක් දීල නැ තවම කරන්නේ වංචාවෙන් . දාල තියෙන්නේ ඉස්සෙල්ල හිටපු එස්.බී. ඇමතිගේ උවමනාවටයි. ළමයින්ව මෝඩයට අන්දලා තියෙන්නේ. (බ)
ඉස්සර උද්ගෝෂණ වලට ගැහුවම මහින්දව පතුරු ගැහුවා. අද බැනුම් ළමයින්ට! ආණ්ඩුවට, ජනාධිපතිට, අගමැතිට, අධ්‍යාපන ඇමතින්ට කිසිම කරදරයක් නෑ. වසරක් මැවු වෙනසක අරුමේ! (බ)
බනින්න තව බනින්න. තව ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි දාන්න එත් අමතක කරන්න එපා සර්ජරි කරන්න ලක්ෂ 50ක් නැති වුණාම මේ කුහක මිනිස්සු ගාවට ගිහින් දෙකට නැමිලා රජයේ රෝහලෙන් කරගන්න වෙන්නේ ඔයාලටම කියලා (බ)
ඔය ලමයි අපේ බදු මුදලින් නඩත්තුවන විශ්ව විද්‍යාල වලට ගිහිල්ල විරෝධ පානකොට ඒ ලමයින්ගෙ දෙමවුපියො බදුත් ගෙවන ගමන් ම, තමන් ගෙ ලමයින් ලොවට වැඩදායක දොස්තර වරුන් කරාවි. ඔහොම යං.... (ර)
විශ්වවිද්‍යාලවලට අවශ්‍යය පහසුකම් සපයන්න. සීමා නොපනවා උසස්පෙළ සමත් සියලුම අය ඒවාට ඇතුලත් කරගන්න. කැමති අයට කැමති විෂය ධාරාවක් හැදෑරීමට ඉඩ දෙන්න. පාලකයින්ගේ අසමත් බවට සිසුන් පළි නෑ. (ර)
කාටවත් නිකම් ඉගෙන ගන්න දෙන්න හොද නෑ. ඒ වෙනුවට සිසු ණය ක්‍රමයක් ගේන්න ඕන. ඇයි අපේ බදු මුදලින් තව කෙනෙකුට උගන්වන්නෙ. එස් දෙක ගත්ත අය ගැන සමහරු කතා කරනවා. එස් දෙක ගත්ත අය රුසියාවට ගිහින් ඩිග්‍රිය ගත්තහම රටේ සල්ලි පිට යනව නේද මේ ළමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වුනාට පෞද්ගලික රෝහල් වලට විරුද්ධ නෑ. මෙතන තියෙන්නෙ වෛද්‍ය උපාධියෙ බමුණු කම රැකගන්න සටනක්. (ර)
මෙහෙම් බනින්නේ අපෙම සහොදර සහොදරියෝ ඉගෙන ගන්න එකට නේද? රටේ සල්ලි ඉන්දියාවට හරි රුසියාවට හරි දුන්නට කමක් නෑත්ද? (ර)
පවුද්ගලික වෛද්‍ය විද්‍යාල, එන එක නවත්වන්න බැහැ. එක කවදාහරි එනවා ලංකාවට. ඔතන වෙන්න ඕනේ සල්ලි අරන් ඔය විභාගේම තිබ්බ නම් පාස් වෙන කට්ටිය පාස් වෙයි. ෆේල් වෙන කට්ටිය ෆේල් වේවි. මෙතන තියෙන්නේ, විශ්ව විද්‍යාල වල ඉඩ නැති කම මිසක්, තත්වයේ ප්‍රශ්නයක් නෙමි. ලෝකේ අනිත් රටවල වෙන්නෙත් එහෙමයි. (ර)
මේවට කියන්නේ කුහක කම .ලෝකයේ තියෙන විශ්ව විද්‍යාල අතරින් ලංකාව 2135 වෙනි තැන .දකුණු ආසියාවේ 22 තැන .අනිත් ළමයෙක් ගෙයක් දොරක් හරි උගස් තියල ඉගෙන ගන්නවට ඇයි මේ විරෝධතා ? දිස්ත්‍රික් අනුව දුෂ්කර දිස්ත්‍රික් වලින් සිසුන් තේරෙනවා නමුත් ඔවුන්ට වඩා ලකුණු 50/ 60 ගන්න ළමයි අසමත් වෙනවා අනිත් දිස්ත්‍රික්ක වල .පුලුවන්නම් මේ විෂමතා වලට පෙළපාලි ගිහින් විරෝධතා දක්වන්න. (ර)
ලෝකයේ කුහකම ශිෂ්‍යයන් කව්ද කියා ඇසුවොත් ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයන් පෙන්වන්න. (ර)
මේ සිසුනි පුද්ගලික වෛද්‍ය සේවවාය එපා කියල උද්ගොසනය කරන්නකෝ එතකොට අහිංසක ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් ගන්න පුළුවන්නේ. (ර)
ඔය කට්ටිය හිතාගෙන ඉන්නෙ ඒ අය හිතන පතන විදියට තමයි හැමදේම වෙන්න ඕනෙ කියල. ඊළඟ සැරේ ඔය කට්ටියට ගහන්නෙ අපහසුවට පත්වෙන මහජනතාව. පස්ස නොබලා දුවන හැටි දැක්කම හිනා යනවා. (ර)
මේ ගොල්ලන්ට වෙන වැඩක් නැද්ද ? (ර)
ඇවිද්ද පය දහස් වටී... (ර)
මාගේ විශ්වාසය වන්නේ වෛද්යවරු සමාජයට අත්යවශ්ය වැදගත් සමාජ කාර්යභාරයක් ඉටුකරන පිරිසක් බවය. එහෙත් ලංකාවේ රජයේ වෛද්ය සේවය තිබෙන්නේ මහජන ගෞරවයට හේතුවන තත්ත්වයක නොව මහජනයාගේ විරෝධයට හේතුවන තත්ත්වයකය.. වෛද්යවරුන් රෝගීන් ප්රාණ ඇපයට ගෙන ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් සඳහා වෙට්ටු කරන ප්රතිපත්තියත් යහපත්වන්නේ නැත. එය වෛද්ය විද්යාවේ දර්ශනයට සේ ම වෛද්ය සදාචාරයටද පටහැනිය. (ර)
මෙහෙම අය දැක්කම දුකයි. (ර)
මේ ළමයින්ට බයින්න කලින් හිතන්න මෙයල මේවා කරන්නෙ කවුරු වෙනුවෙන්ද කියලා. මෙහෙම කරා කියල මෙයාලට ලැබෙන දෙයක් නෑ. (ර)
දැන් ඔය පෙළපාලි යන කට්ටිය පුද්ගලික ආයතනයකට ගිහිල්ලම නැද්ද තමන්ගේ අවශ්ෂ්‍යතාවන් වෙනුවෙන්. (ර)
වෘත්තිය බමුණු කුලයට පමණක් නොවේ අද්යාපන අයිතිය තිබිය යුත්තේ, පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඉක්මනින්ම පිහිට විය යූතුය. රජයේ ආයතනයකින් නියාමනයකට යටත්ව. (ර)
හොඳ වැඩේ, මෙයාලා විශ්වවිද්‍යාලවලට යන්නේ ඉගෙනගන්න නොවෙයි, රට පෙරලන්න. (ර)
ඉසුරු ඔයා දන්නවද ඔය කියන රජයේ රෝහල් වල පිටරට වලින් උපාදි ගත්තු දොස්තරවරු කී දාහක් සේවය කරනවද කියල අනික ලංකාවේ පුද්ගලික අද්‍යාපනය එපා කියනවා නම් පටන් ගන්න ඕනි පුද්ගලික පාසල් ඔක්කොම වහන්න කියලා එහෙම නැත්නම් ඒ ළමයින්ට යන්න තැනක් නැති වෙනවා. (ර)
හරි දැන් මෙතන කොමෙන්ට් දාපු කීදෙනෙකුට මේකට වියදම් කරන්න පුලුවන්ද? (ර)
අපේ රටේ ඉන්න මේ බහුතර මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න කොච්චර කල් යාවිද.? (ර)
ළමය්නේ නුඹලාගේ තාත්තලාගේ අම්මලාගේ සල්ලින් කන්නේ නැතුව ඉගෙන ගනිල්ලා, ඇත්ත නුඹලාට තේරෙන්නේ උඹල තාත්තල අම්මල උන දාට, එතකම් ඉවසන්න. (ර)
අන්තිමට ලෙඩාට අමාරු උනාම ගිහින් දාන්නේ මහා ඉස්පිරිතාලෙට තමා. සල්ලි දීලා ගන්න වෛද්‍ය උපාධියෙන් අහිංසක මිනුස්සුන්ට නම් සෙතක් වෙන්නේ නැහැ. ලංකාවේ වෛද්‍ය පීටයක ගන්න උපදියකින් බිහිවෙන දොස්තර කෙනෙකුට උපාදී කඩේකින් දොස්තර වෙන කෙනෙකුට ලංකරන්නවත් පුලුවන්ද? කාටත් අසාද්‍ය උනාම යන්න වෙන්නේ රජයේ රෝහලට. (ර)
ළමයිනේ ඉගෙනගන්න ගියානම් ඉගෙනගන්න, පිස්සු නටන්නේ නැතිව පාරවල් ගානේ. (ර)
රටේ ප්‍රමිතියකින් තොර වෛද්‍යවරු බිහි වුනොත් එ්ක බරපතල ගැටලුවක් රටේ ජනතාවට .රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍යවරු දක්ෂ වෛද්‍යවරු එනිසා තමයි අපිට ලෝක සෞඛ්‍ය දර්ශක වලින් ඉහලින්ම එන්නේ. ඕස්ට්‍රේලියාව ,එංගලන්තය වගේ රටවල පෞද්ගලික වෛද්‍ය පීඨ තිබුනත් ඒවාට බදවාගන්නේ ඉහල ලකුණු ලාභීන් ය .නමුත් ඉන්දියාව,රුස්සිඅව ,චීනය වගේ රටාව පහල ලකුණු ලැබගත් අයත් වෛද්‍ය වරු වෙනවා. (බ)
පුදුම සෙනගක් නේ ඉන්නේ.... (ර)
ඔය මහා ලොකුවට උජාරුවට පුහු අටෝපයෙන් අකුරු ටිකක් ලියල තියෙන බේබි මහත්යතන්ලට බේබි නෝනලට කියන්නේ........නිදහස් අධ්‍යාපනය ගැන කැක්කුමක් නැත්තන් කට පියාගෙන ඉමුද ඉතින්.......(බ)
ලංකාවේ මිනිසුන්ගේ මානසික මට්ටම ඔය කොමෙන්ට් වලින් පේනවා.ඒ අතර සිටින රජයේ කැම්පස් යන්න බැරි වුණ අය ගැන දුකයි (බ)
හැමදේම නිකන් දීමේ ප්‍රතිපල තමයි මේ. මේ හෙම කෙකෙන් වෙනුවෙන්ම රජය වියදම් කරන මුදල් ගැන මේ යට කිසි වැටහීමක් නේ. පුළුවන් නම් 100% නිදහස් අධ්‍යාපනය දීම නතරකරන්න ඕනේ හරිනම්. (බ)
මේ ළමයින්ට හැමදේම නිකම්ම ලැබෙනවා . අම්මලා උදේ බෙඩ් ටි එකේ ඉඳලා අතට වඩම්මනවා. මිනිස්සු බදු ගෙවලා අධ්‍යාපනයට කර ගහනවා. ඉතින් කරන්න තියෙන එකම දේ මහන්සි වෙලා ඉගෙන ගන්න එක නෙවෙයි. වෙන මිනුස්සු ඉගෙනගන්න එකට උදැල්ල දමන එක. මේ වගේ කුහක කොට්ටාශයක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. (ර)
ළමයිනේ ඔබලා සයිටම් එකට මෙච්චර ඉරිසියද ? ඒ ලෙවෙල් එ3ක් ගන්න බේරී වෙච්ච කෙනෙක් දොස්තර කෙනෙක් වෙනවට මෙච්චර අකමැතිද? (ර)
අපේ වෛද්‍ය විද්‍යාලයට වඩා සයිටම් එක හොදයි. සයිටම් එකේ පහසුකම් තියෙනවා. (ර)
අපේ කොල්ල පිටරට ගිහින් දොස්තරකෙනෙක් වෙලා එනකල් ඔයාල ඔහොම පාරට වෙලා පෙළපාලි යන්න පුතේ. ජයවේවා.! (ර)
රජයේ රෝහල්වල දොස්තරලාම හවසට චැනලින් වලින් සල්ලි ගරන්නේ නැත්ද? ආණ්ඩුවේ රෝහලට බදු ගෙවන්නේ හා රජයේ දොස්තරලාට පඩි ගෙවන්නේ මේ රටේ මිනිස්සුමයි, (ම)
මේවට කදුළු ගෑස් ගහ ගහ ඉන්න නෙවෙයි ආණ්ඩුව මේ ප්‍රශ්න විසදන්න ඕන. (ර)
මාලබේ ආයතනය ගැන ගොඩක් දෙනක් දන්නේ නැ එක මේ ශතවර්ෂය විශාලතම අධ්‍යාපන වංචාව (ම)
මමනම් හිතන්නේ ආණ්ඩුව කරන්න ඕන ක්‍රමවේදයක් හදන එක මිස්සක් මේ එන ළමයන්ට ගහන එක නොවෙයි. මොකද අපි දකිනවා ඉන්දියාවේ වගේ රටවලින් එන පුද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන්ගේ තත්වේ.. මේක අපේ රටේ ලගදීම වෙනවා නොවනුමනයි.. සල්ලි තියන ළමයි විශ්ව විද්‍යාල වලට යන තත්වේ අවොත් ලකුණක් දෙකක් මදිවෙන ,, ආර්ථික අපහසුත තියන ළමයින්ට ආණ්ඩුව මොකද කරන්නේ ... ලෝකේ ලොකුම කැබිනට්ටුවකට අපේ බදුමුදල් වියදම් කරනවට නිහඩ ව ඉන්න මිනිස්සු මේ ළමයි උද්ගොශ්නය කරනවට ගොරවන එක නම් හරිම හාස්‍යයට කරුණක්. (ර)
පිනට උගන්වන එක නවත්තන්න ඕන හැම විශ්ව විද්‍යාලයකම. ඒ සල්ලි රටේ සංවර්දනයට යොදවන්න පුළුවන්. ලෝකේ ගොඩක් රටවල් වල විශ්වවිද්‍යාලවල මුදල් අයකරනවා. සල්ලි නැත්නම් රජය ණයට දෙනවා. පස්සේ කාලෙක ගෙවන්න. එහෙම කලොත් තව ගොඩක් අයට අවස්ථා ලැබෙනවා ඉගෙනගන්නත්. මෙයාල පිනට ඉගෙනගන්න ගමන් සල්ලි දීල ඉගෙනගන්න අයටත් වල කපන්න හදනවා. (ර)
ආපහු පෙලපාලි නො එන්නම ගහල එලවන්න ඕනේ අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන අපිටම තලනවා මදිවට අනිත් අයගේ අධ්‍යාපනයටත් ඉරිසියා කරනවා (බ)
පුද්ගලික චැනල් සේවාව කරලා සල්ලි ගරන්න හොඳයි. හැබැයි තවත් කෙනෙක් තමන්ගේ මුදලින් ඉගෙන ගන්න නරකයි. මොකද්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය? (ම)
අඩු ලකුණු ගත්ත අය චීනෙට ගිහින් වෙද උපාධිය කරලා ආපුවාම රජයේ දොස්තර කෙනෙක් වෙනවා නේද? ඔබලා මහපාරේ ඉන්න කොට ඒගොල්ලෝ රෝහලේ සේවයේ නේද.? (බ)
අපි ලබාගත්ත නිදහස් අධ්‍යාපනය අනාගත පරපුරටත් ඉතිරිකර දෙන්න ඉල්ලීම් කරපු එකද අපේ කුහකකම. මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් AL කාලෙ පිස්සු නටන්නේ පොඩ්ඩක් මහන්සි වෙලා AL ගොඩදාගන්න. හරිම සරලයි. දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැමෝටම දොස්තර වෙන්න පුළුවන්. සල්ලි ඇති නැති බේදයක් නැතුව. (ර)
පසුගිය ආණ්ඩු පෙරලිය සදහා ලංකාවේ ජනතා පරාමධිපත්‍ය හයිය පෙන්නපු ජනතාවට ඇතිපදන් සහන යහමින් ලැබීම හරිම ගැන සතුටුයි. (ර)
කාගේවත් බළල් අත් හැටියට රූකඩ සෙල්ලමේ යෙදෙන මෝඩයෝ රැලක්. මේ සෙල්ලම නතර කළ යුතුයි. සිවුරට නිග්‍රහ කරන හාමුදුරුවරුන් ගැන නායක හාමුදුරුවරුන් තීරණයක් ගත යුතුයි! (බ)
සල්ලි තියෙන අයට ඉන්ටෙර්නෙට් ගිහින් මේවට කොම්මෙන්ට් දමන්න අවශ්‍ය පහසුකම් තියෙනවා. ඒක නිසා තමයි මෙහෙම ගොඩක් ඒක පාර්ශවික අදහස් දාන්නේ. ඉතින් විබහග පාස් වෙන්න බැරි එයාලට කැම්පස් දමා ගන්න තමයි මේ උත්සහ කරන්නේ. එතකොට හැමදාමත් සල්ලි කාරයෝ විතරයි උඩින් එන්නේ. (ර)
ලංකාවේ පුද්ගලික විශ්ව විද්යාල තියන්න බැරි හේතුව දන්නවද? වෙන රටවල සල්ලි තිබුණ පලියට ඒවට ගන්නෙ නෑ.සහතික බලලා සුදුසුකම් බලලා ඉන්ටවිව් තියලා තමයි ගන්නේ.හැමොම දන්නවනේ ඒක. (ම)
නදීෂා, ඔබගේ අදහස නිවැරදියි. අනිත් කාරණය තමයි, උසස්පෙළ විභාගය සමත්වෙලා වැඩිපුර ලකුණු ගත්ත අයට රජය පිනට ඉගෙන ගන්න අවස්තාව සලසා දී තිබෙනවා. එසේනම් , අනිත් සිසුන්ට මුදල් ගෙවා විශ්ව විද්යාල අධ්‍යාපනය හදාරන්න සදාචාරාත්මක අයිතියක් නැතිද? වෙනත් දියුණු රටවල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් පාට්ටයිම් රැකියා කරමින් තමයි තමන්ගේ අමතර වියදම් පියවා ගන්නේ. ඒ ළමයින්ට මේ වගේ උද්ඝෝෂණ කරන්න වෙලාවක් නැහැ. කෙසේ උවත්, වෛද්‍ය මාෆියාවෙන් සහ විශ්ව විද්යාල මාෆියාවෙන් මේ රට මුදවා ගැනීමට රජය කිසියම් කඩිනම් පියවරක් නොගත හොත්, එය රටක් හා ජාතියක් ලෙස අපට අනාගතයේදී දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ පෑමට සිදුවෙන කරුණක් බව නොඅනුමානයි. (ර)
ඇයි උපේඛා ඔයාත් මෙතන ලියන්නේ සල්ලි එක්ක අන්තර්ජාල පහසුකම් තියෙන නිසා නෙවේද? ඔයා වගේ උදවිය තමයි උසස් පෙළ සටහනක් පන්තියේ ළමයෙකුට ලියා ගන්න බලන්න නොදී කැම්පස් ගිය කුහක ගොඩට අයත් වෙන්නේ. (ර)
සියලුම විශ්ව විද්‍යාල පෞද්ගලික කරානම් හැමෝටම සාධාරණයි. නිකන් දෙන නිසා කිසිම දෙයක අගයක් නැහැ. දියුණු රටවල වුණත් උසස් අධ්‍යාපනය සඳහා ගෙවිය යුතුයි. කලින් හෝ රැකියාවක් ලැබුණු පසු හෝ එම මුදල අය කර ගනු ලැබේ.(ම)