ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිල වාහන හඳුනා ගැනීම සඳහා කොළ පැහැති ”වෛද්‍ය ලාංඡනය” හඳුන්වාදීම රාජගිරියේ පිහිටි දේශීය වෛද්‍ය අමාත්‍යංශයේදී අද සිදුකෙරිණි.
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට පමණක් මෙම ලාංඡනය නිකුත් කැරේ. වෛද්‍යවරයාගේ නම, වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය, වාහනයේ තොරතුරු මෙහි ඇතුළත් වේ. දැනට මෙරට ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් සංඛ්‍යාව විසි දෙදහස් නමසිය හතළිස් නවයකි.
දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා විසින් වෛද්‍ය ආර්.කේ.එස්. රණසිංහ මහතාගේ නිල රථයේ ප‍්‍රථම කොළ ලාංඡනය අලවා ව්‍යාපෘතිය ඇරැඹීය. නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය රංජිත් ප‍්‍රනාන්දු ද මේ අවස්ථාවට එක්වූහ.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ඉදන් කට්ටිය වැඩ වර්ජනයක් පටන් ගනීවි. අපේ ලාංඡනය රතු පාටින් ලොකුවට ඕනේ කියලා. කවදා හරි ලංකාවේ රෝහල්වල කම්කරුවාටත් කාර් ගන්න පුළුවන් දාට මේ සෝබනය නවතීවි. අනික මම ඉන්න රටේ දොස්තරලත් බොරුවට ඉදිමිලා නැහැ. මොකද ලෙඩා කොයි වෙලේ නඩු දායිද දන්නේ නැති නිසා. අනික කාර් මෙහේ නිකන් බයිසිකල් වගේ. ලාංඡන තියෙන්නේ ආබාධිත අයගේ වාහන වලට විතරයි. මොකද ඔවුන්ගේ රථ වලට ප්‍රමුඛතාවය දිය යුතු නිසා.
මේ මොන විහිළුවක් ද ? වෙන වැඩ නැතුවටද ?
ඒ ලාංචනයට යටින් ප්‍රයිවෙට් චැනල් ගාස්‌තුවත් සටහන් කලානම් තමා හරි.ලංකාව විකාර වලින් පිරි පිරී යන රටක් වෙලා.විගඩම්
මමත් ලංකාවේ දොස්තර කෙනෙක්. කිසිම පුද්ගලයෙකුට පාරේදී priority දෙන්න ඕනේ නැහැ රස්සාව නිසා. මේවා තමා හොඳම ගොන් වැඩ. මේ ගොන්නු ටිකට පොඩි කැරට් අලේ මහා ලොකු දෙයක් වගේ..........
මොකද ආයුර්වේද වෙදමහත්තුරුත් හදිසි රාජකාරි වලට කැඳවනවද?
පක්ෂයක පාටක් නිසා තමයි ප්‍රශ්නය!
මෙය සෝබනයක් හෝ බොරු වැඩක් නොවෙයි. වෛද්‍යවරයෙකුගේ අපතේ යන කාලය, රෝගියකුගේ වටිනා ජීවිතයක අවසානය විය හැකියි. මාර්ග තදබදය වැඩි, වාහන නැවතීමේ පහසුකම් නැති හෝ අනික් එවන් අවස්ථාවල වෛද්‍යවරයකුගේ රියකට ප්‍රමුඛතාවය දිය යුතු නොවේද? උදාහරණයක් ලෙස, යුද්ධය පවතී සමයේ, බෝම්බයක් පිපුරුණු විගස තම නිවාඩු අමතක කර, රෝහලට දිව එන වෛද්‍යවරයකුගේ රිය, මාර්ග බාධකයකදී නවතා පමා කළහොත්, රෝගීන් කීදෙනෙකුගේ ජීවිත අනතුරට පත් වේද? ඒ හැරුණු විට, මෙම ලාංඡනයෙහි වෙනත් වටිනාකමක් මා දකින්නේ නැත. රට ගිහින් පොඩි රැකියාවක් කරන හෝ, සල්ලි වියදම් කර මොකක් හෝ ඉගෙන ගැනීමට රට යන අපේ ගොඩක් දෙනාගේ සෝබන හා සංසන්දනය කරද්දී, අපේ රටේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් නිහතමානී පුද්ගලයෝ වෙති.
ඒ වගේම මේඅය චැනලින් දාගෙන ඉන්ග්‍රීසි බෙහෙත් දෙන එකත් නවත්තන්න.