(රංජිත් රාජපක්ෂ)
වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් කාසල්රි ජලාශයට මෙරිගල් මත්ස්‍ය පැටවුන් හැට හයදහසක් (12) දින පස්වරුවේ එම ජලාශයට මුදාහරිනු ලැබිය.
කාසල්රි ජලාශයේ ධිවර සමිතියේ ප්‍රතිපාදන මත උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මෙරිගල් මත්ස්‍ය පැටවුන් හැටන් හයදහසක් මෙසේ ජලාශයට මුදා හැරි බවයි නුවරඑලිය දිස්ත්‍රික් ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිළධාරියෙකු කියා සිටියේ.
ජලාශයට මුදා හැරි මත්ස්‍ය පැටවුන් මාස හයක් වැනි කාලයක් තුල කිලෝ 1-1 ½ අතර බරකින් වැඩෙන බවත්, එහි ඇස්වැන්න ජලාශයේ ධිවරයන් විසින් නෙලා ගන්නා බවයි එම නිළධාරියා කියා සිටියේ.
එසේ නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්න වතුකරයේ ජනතාවට ඉතා අඩුමිලකට අලෙවි කරන බවත්, මිරිදිය මත්ස්‍යයින් ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක හෝටල් වලද දැඩි ඉල්ලුමක් පවතින බවත්, එමගින් ජලාශයේ ධිවරයන්ගේද ආර්ථික තත්ත්වය ඉහල යන බවයි එම නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd