IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වත්මන් අර්බුදවලට අරගල කරුවනුත් වගකිව යුතුයි

(අංජුල මහික වීරරත්න)

අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිනි තියන්න නොවෙි යැයිද අද රටේ ඇතිවෙලා තියෙන අර්බුදවලට අරගලකරුවනුත් වගකිව යුතු යැයිද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

" අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි, මිනිස්සු ජිවත් කරන්න. අරගල කළ යුත්තේ රටක් ගොඩනගන්න මිසක් රට වට්ටන්න නෙවෙයි,  යනුවෙන්  ද අමාත්‍යවරයා කීය. 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (3) දින පැවැති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.

"ඒ අරගලයෙන් ලැබුණු දේ මොනවද?. අමාරුවෙන් ගොඩනඟාගත් ආර්ථිකය බිමටම වැටුණා. ජාත්‍යන්තරව අපිට තිබුණු කීර්තිය නැත්තටම නැති කළා. රජයක් ලෙස රට සම්බන්ධයෙන් සැලසුම් තිබුණා. වසර අවසානය වන විට රට තිබිය යුත්තේ කොතැනකද කියන දේ ගැන වැඩපිළිවෙලක් අපිට තිබුණා. කොවිඩ් නිසා වගේම ඊනියා අරගලය නිසාත් ඒ වැඩපිළිවෙල විනාශ වුනා. මේ ඊනියා අරගලය නොවුණා නම් අපි මුහුණ දුන් ආර්ථික අර්බුදයට බෙහෝ විසදුම් ලබා ගන්න තිබුණා යනුවෙන්ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (22)

වත්මන් අර්බුදවලට අරගල කරුවනුත් වගකිව යුතුයි

සඳුන් Monday, 03 October 2022 09:24 PM

බදු එකතු කිරීමට අමතරව කප්පම් එකතු කිරීම කාර්යක්ෂම කරමින් රටේ ජතික ආදායම වැඩි කිරීමට ක්‍රම වේදයක් සකස් කීරීමට කැබිනට් අමාත්‍ය දුරයක් දැරීමට හැකි පුද්ගලයෙකු නම් කොට යාර තුනක් දිග බඳ පටියක් දිනා ගන්න.

:       0       9

නිමේෂ් Monday, 03 October 2022 09:24 PM

රට බංකොලොත් කරපු හොරු ටිකවම තවත් තියාගෙන ඇමතිකම් දිදී නලවනකොට මෙහෙම කතා අහන්න වෙන එක පුදුමයක් නෙමෙයි , අරාබි රටක් වන ලෙබනනෙත් රට බංකොලොත් උන ගමන් ආණ්ඩු කරපු කට්ටිය අස්වෙලා ගියා , එකෙට අපේ හොරු , රටේම මිනිස්සු පාරට බැස්සත් එලවන්නත් බැහැ , යන්නෙත් නැහැ.

:       0       6

wahaldeepe Monday, 03 October 2022 09:45 PM

කෙටියෙන්ම කියන්න තියෙන්නේ.., නොදකින් කියලා.

:       0       0

Country First Monday, 03 October 2022 09:48 PM

ඔව්... ඊට කලින් ඔය බඩ තඩි හැත්ත රට කාලා ඉවර කරලා තිබුණේ... තාම මේ අයට ලැජ්ජ නෑනේ...!

:       0       0

Lalindra Monday, 03 October 2022 10:28 PM

අරගල කරුවෝ නිකන් ඇම්මට ගෙවල් ගිනි තිබ්බේ නැනේ. ඔය මහත්තුරු කට්ටිය ගෙන්වාගෙනලෙක්චර් දීලා අවුස්සලා ගහපු නිසා ලැබුන රිටන් එකක්නේ එක වග කියන්න ඕනේ වැඩේ අවුස්සපු උන්නේ. නිකන් බබා පාට් දාන්න එපා. මෙරටේ හැමෝම 69 ලක්ෂයක් ඌ පුන්නකු බුදින්නෝ නෙමේ.

:       0       8

Dinesh Monday, 03 October 2022 10:44 PM

අර්බුද නිසා අරගල ඇතිවුණා මිසක්, අරගල නිසා අර්බුද ඇතිවුණේ නෑ. මිනිස්සු තෙල්, ගෑස් ඉල්ලලයි පාරට බැස්සේ. නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන්නේ මේවට තමයි. කාලකණ්ණි...!

:       0       1

vijayanthi Tuesday, 04 October 2022 12:12 AM

අවුරුදු 50 -60 ක් දේශපාලනය කරලා මිනිස්සුන්ට කන්නත් නැති කරලා මේ අවුරුද්දේ අග වෙන්න ඇති රට ගොඩගන්න හිටියේ

:       0       1

AMU.KALAKANNI.DISA. Tuesday, 04 October 2022 01:00 AM

71 කාළකන්නි ජෙප්පො අරගල කළා. (Utterly failed) 87-88 ඒ වසල ක්‍රියාව 2 වරටත් සාමකාමී සමාජයට මුදාහැරියා රට බාගෙට විනාශ කළා. අහිංසක ජනතාවගේ වාසනාවට චොප්පම වෙලා ගියා.[Same scenario] අවු. 34 පස්සේ බලල් හස්තයක් මුවාවෙන් දෝ 3 ආවා. සාධනීය වූ බවක් ස්පර්ශ කළා. දැන් මංමුලා වී විවිධ මානයන් ඔස්සේ දිශානතිය වෙනස් වෙලා වාගෙ. දැන් පෞද්ගලික න්‍යාය පත්‍ර කරා යොමුව පටන් අරං වගෙ. මෙි 3 වන අරගලයේ අවසානයද?????

:       8       0

ලුම්බිණි Tuesday, 04 October 2022 03:50 AM

මේක පුදුම කතාවක් නේ. අරගල කලේ අර්බුදය නිසා විනා අර්බුදය ආවේ අරගලයෙන් පස්සේ නෙවෙයි නේ. මුන්ට පිස්සු.

:       0       7

සෑම් Tuesday, 04 October 2022 05:38 AM

අම්මපල්ලා පස්ස පැත්තෙනුත් හිනායනවා මට. මේ කථාව කියන්නේ කප්පම් ගත්තුවාගෙන් ටිකක් අහුවෙලා අධිකරණයෙන් හිර දඬුවම්, වන්දි නියම වෙච්චි කෙනෙක්... මේවා අහගෙන ඉන්න මිනිස්සුන්ට තෑගි දෙන්න ඕනෑ.

:       0       1

Nandasena gr Tuesday, 04 October 2022 05:48 AM

නුඹලාට කප්පම් අරන් උසාවිවල වැරැදිකාරයින් වෙලා ලැජ්ජාවක් නැද්ද තනතුරු දරන්න...? අරගලයට ගහපු මහින්දලා සුදනන් වෙන්නේ කොහොමද? ඇඟ තිබ්බට මොළයක් නැති අය...

:       0       1

nihal Tuesday, 04 October 2022 06:40 AM

බයිල ගහන්න එපා

:       0       0

de silva Tuesday, 04 October 2022 07:25 AM

මිනිස්සු පාරට බැස්සෙ තෙල්, ගෑස් , විදුලි සහ ආහාර අර්බුදය ඇතිවු නිස, දැන් මෙ කියනවිදිහට තෙල් ,ගෑස් , විදුලි සහ ආරාර අර්බුදැ අතිවෙලා තිබෙන්නෙ මිනිස්සු පාරට බැස්ස නිසා, ම්හින්තලේ හාමුදුරුවො සරල විදිහට කියල දුන්න එව පිලිගන්නෙ නැතුව පිස්සු නැටුවොත් මහ බැංකු අදිපතිතුම කිව දේ සිදුවෙවි.

:       0       0

මාලන් Tuesday, 04 October 2022 08:09 AM

පුදුම අරගල කාරයෝ ටිකක්. උන් තෙල් නැව් නවත්තගෙන විදුලි බලාගාර වහගෙන සංචාරකයන්ට එන්න නොදී ඩොලර් ටික හංගගෙන ඉදලා තියෙන්නේ. මෙතුමලා අපේ රටට පට්ට කීර් තියක් දීලා තිබිලා තියෙන්නේ අරගල කාරයෝ කොමිස් ගහලා හොරාකාලා රට වට්ටලා විනාස කරාට

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 04 October 2022 08:20 AM

නිකං බාලාංශ පන්තියේ බොළඳ කතා කියවන්න එපා ඇමතිතුමා.රට බංකොලොත් කළේ ඔබතුමා ඇතුළු පොහොට්ටු කණ්ඩායම සහයෝගය දුන් දූෂිත පවුල් පාලනය හා ඒ වටා එක් රොක් වූ හොර නඩය බව කවුරුත් දන්නවා.අත්‍යාවශ්‍ය බඩු මුට්ටු ගිනිගණන් ගියා.රටේ ජනතාව ආර්ථික ප්‍රපාතයකට ඇද දැමූ දේශපාලුවන් සුරසැප වින්දා.තවමත් විඳිනවා.රටේ ජනතාව හාමතේ.රටේ ජනතාවගේ කුසගින්න ඇතුළු පීඩනය ඉවවහා ගියා.ඒ නිසා රට බංකොලොත් කළ දූෂිත කම්බා හොරුන්ට එරෙහිව පොදු ජනයා පාරට බැස්සා.කුපිත වුණා.ඒ පිටවුනේ රටේ දුක්විඳින ජනතාවගේ සැබෑ යථාර්ථය.මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම සිදුකළ අනීතික ප්‍රහාරය මේ ඇවිලෙමින් තිබූ ගින්න තව තවත් වැඩි කළා. පීඩිතයාට අසරණයාට එරෙහිව අද නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා. ඒත්,අනීතික ප්‍රහාරය සිදුකොට රට ගිණි කන්දක් බවට පත්කළ අය සුවසේ වැජඹෙනවා. ඒකයි තිත්ත ඇත්ත.

:       0       5

Rakitha Tuesday, 04 October 2022 08:21 AM

හරි. ඔවුන් පුනරුත්ථාපනය කර ආර්ථිකයට සිදුවන පාඩුව ඔවුන්ගෙන් පියවා ගත යුතුයි.

:       0       0

Surain Tuesday, 04 October 2022 08:28 AM

ඕවාට පිළිතුරු දෙන්න චන්දෙ තියන්න. ජනතාව ඉල්ලනේ චන්දෙ .ඔය බොරු කයිවාරු නෙමෙයි

:       0       0

jagath Tuesday, 04 October 2022 09:59 AM

ඉස්සෙලම ජනතවගෙ ප්‍රශ්න තේරෙන්නැති මේවගෙ නුගත් එවුන් එලවලම දාන්න ඔන, මේ මිනිස්සු තමයි රට කෑවෙ, ජනතාව සමකාමි අරගල කරන්න පෙලබුනෙ උඹලා අපට රටක් නැත්තටම නැති කලාට පසෙ, ජනතව සාදාරනයි.... ගියානම් හොඳයි දැන්වත් තොලොංචිවො මෙකෙන්.

:       0       4

Lalith M Tuesday, 04 October 2022 10:01 AM

අරගල කරන්න ඕන කප්පම්කාරයට පක්‍ෂව කියලද හිතාගෙන ඉන්නේ.

:       0       4

Hafeel Tuesday, 04 October 2022 12:18 PM

ඒක නේ. රටේ ඇමතිලා ඉන්න ඕනේ කප්පම් ගන්න නොවේ, කප්පම් ගන්න එක වළක්වන්න

:       0       0

uddaynga Tuesday, 04 October 2022 01:03 PM

මේ අරගලකාරී අර්බුදය බිහිකෙරුවේ ‘‘පොහොට්ටු සහ රනිල් වික්‍රමසිංහ‘‘ කියන අරගලකාරයෝ..

:       0       0

ගමේ එකාලා Tuesday, 04 October 2022 06:17 PM

අරගලයට පාර කැපුවේ දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන්... තමුන්ට මොනවා කියන්න බැරිද? ඒ කාලේ තමුන්ගේ තාත්තා, පවුලේ ඔක්කොම දේශපාලනයෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 3 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 210 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 448 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 259 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 226 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 478 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site