
(ගයාන් සූරියආරච්චි)
වත්තල පල්ලියවත්තේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වු පුද්ගනයකුට වෙඩි තබා ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු ඉන්දියාවේ දනුෂ්කොඩි හි දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සැකකරුවන් තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වරුවකු වන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්‘ නැමැත්තාගේ ඥාතී පුතුයකුගේ උපන්දින නිමිත්තෙන් උත්සව ශාලාවක පැවැති සාදයකට ආ කුඩු රොෂාන් නැමැත්තා ඉලක්ක කරගෙන එම වෙඩි තැබීම සිදුකළ ද වැරදීමකින් වෙනත් පුද්ගලයකුට වැදී ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
එම වෙඩි තැබීමෙන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සුමේධ (44) නැමැති පුද්ගලයකු මියගොස් ඇති අතර ඔහු වනාතේ චානා නැමැත්තාගේ සහෝදරයා බව පොලිසිය පවසයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මට්ටක්කුලිය මනෝජ්‘ නොහොත් මට්ටක්කුලියේ ප්‍රියංකර මනෝජ් යන අයවලුන් විසින් එම ඝාතනය මෙහෙයවා ඇති අතර එම ඝාතනය සදහා යොදාගත් ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මට්ටක්කුලියේ ‘පරෙවි සුදා‘ යන අයවලුන් විසින් ලබාදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
‘මට්ටක්කුලිය මනෝජ්‘ සහ පරෙවි සුදා යන අයවලුන් සහෝදරයන් වන අතර ඔවුන් ඉන්දියාවේ සැඟව සිටින බව පොලිසිය කියයි.
වෙඩික්කරු පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් වන අතර එම මෝටර් රථය ජාඇල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.
එම මෝටර් රථය ලබාදුන් බව කියන තවත් සැකකරුවන් 4 දෙනකු වත්තල පොලිසිය ; අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd